පුරවැසියන් අතර පවතින සමඟිය හා සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුව ස්ථාපිත කර ඇති ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කාර්යාලයේනව වෙබ් අඩවිය ජනගත කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මැතිතුමාගේ සුරතින් අද(20) පෙරවරුවේ සිදු විය. මෙරට සියලු ජන කොටස් තුළ ජාතික සමගිය හා සංහිදියාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව තොරතුරු ජනතාවට සන්නිවේදනය කිරීම මෙම නව වෙබ් අඩවිය තුළින් බලාපොරොත්තු වේ.
ජාතික සමගියේ ඇති වැදගත්කම මෙන්ම ඒ තුළින් රටේ ආර්ථික සහ සමාජීය වර්ධනය ඇති කර ගැනීමත් එය ජාතික ආරක්ෂාවට ඉවහල් වන සාධකයක් බවත් අවබෝධ කර ගෙන සිටින මෙම රජය මෙකී ආයතනය තුළින් පුරවැසියා තුළ සමගිය වර්ධනය කිරීමට ලැබෙන දායකත්වය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු තබා ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ විවිධ ජන කොටස් අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව සාමයෙන් හා සමඟියෙන් විවිධ ආගම් අදහමින් සුහදත්වයෙන් යුතුව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත් වන අතර එම තත්වය තවදුරටත් වර්ධනය කිරීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු ජනතාව අතරට ගෙන යාම ද ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කාර්යාලයේ නව වෙබ් අඩවිය ජනගත කිරීම තුළින් අපේක්ෂා කරනු ලබයි.
ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස්, එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික නිතීඥ ජනක රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.