මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතු බවත් එම නිසා කණ්ඩායමක් ලෙස කොවිඩ් වසංගතය පරාජය කිරීමට එක්ව වැඩ කරන ලෙස සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මෙය උද්ඝෝෂණ හෝ වර්ජන කිරීම සඳහා කාලයක් නොවන බවයි.
මේ අතර අවුරුදු 30ට වැඩි පිරිසෙන් 43% කට කෝවිඩ් -19 එන්නතේ 2වන මාත්‍රාව ලබාදී ඇති බවත් කෝවිඩ් -19 එන්නතේ පළමු මාත්‍රාව 98%ක් ලබාගෙන ඇති බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.
එමෙන්ම සැප්තැම්බර් 10 වනදා වනවිට අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම පූර්ණ එන්නත්කරණය සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්න සුදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.
කොරෝනා වසංගත මැඩ පැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, වෛද්‍ය විශේෂඥයින්ගේ මෙන්ම ලෝකයේ සම්මතමතයයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී තමන් විශේෂ උනන්දුවක් ගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයින්ට තමන් පෞද්ගලිකව කතා කරනු ලැබු බවත් ඒ වගේම තවත් රාජ්‍ය නායකයින්ට ලිපි යවමින් ද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ දූත කාර්ය මණ්ඩල හරහා එන්නත් නිෂ්පාදනය කරනු ලබන රටවල් සමග සම්බන්ධ වෙමින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරනු ලැබු බව ජනාධිපතිතුමා පැවසීය.
එමෙන්ම එම උත්සහයේ ප්‍රථිපලයක් ලෙස මේ වන විටසෑම මසකම ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් සෑම මසකම ලැබෙමින් පවතින බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දින ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය ඔබට පහතින් නැරඹිය හැකියි.
https://fb.watch/7vytS6O7qP/