කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට මාත්‍රා දෙකම ලබාගෙන ඇති මෙරට පුද්ගලයන් ගණන මිලියන 7 ඉක්මවා තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම සංඛ්‍යාව 7,042,418ක් බවයි. රට යළි විවෘත කිරීමට දරන උත්සාහය සාර්ථක කරගැනීම සඳහා ඔක්තෝබර් මැද භාගය වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 60ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බවද එහි සඳහන් කර තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේ වනවිට කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන 12,309,254 කි.