කොරෝනා වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන ආයුර්වේද ඖෂධ අඩංගු මංජුසාවක් ජනතාවට රජයෙන් නොමිලේ සැපයීමට ගත් තීරණය ලබන සතියේ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියයි.
පළමු අදියරේ දී රුපියල් 2000 දීමනාව ලබන දිළිදු ලක්ෂ 25 කට එය සැපයේ.ඉන් පසුරට පුරා සිටින පවුල් ඒකකවලට එම මංජුසාව සැපයීම ඇරඹෙයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව හා රජයේ ආයුර්වේද වෛද්‍ය මණ්ඩල සූත්‍ර කමිටුව අනුමත ඖෂධ කට්ටලයක් මෙම මංජුසාවේ අඩංගු වෙයි. සුව ධරණී ඖෂධයි ඉගුරු කොත්තමල්ලි පානය චූර්ණයක් සහිත කෂාය පෝෂණීය ආහාරයක් ඊට ඇතුලත්ය.එහි වටිනාකම රුපියල් 1000 ක් පමණ වෙයි.
රාජ්‍ය අනුග්‍රහයෙන් සැපයෙන එම ඖෂධ භාවිතයට ජනතාව කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි රාජ්‍ය ඇමතිවරයා කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. දේශීය වෙදකම හා ආයුර්වේදය මෙරට ප්‍රචලිත කිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා එය හඳුන්වයි.