කොවිඩ් ආසාදිතයකුගේ සිරුරේ පවතින ඔක්සිජන් ප්‍රමාණය මැනීම සඳහා වන ඔක්සිමීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3000ක් බවට නියමකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පෙරේදා (04) සිදුකෙරිණ.
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 142 වැනි වගන්තිය යටතේ ඔක්සිමීටර් සඳහා රුපියල් 3000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.
සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඔක්සිමීටර්වලට පැවැති ඉල්ලුමත් සමඟ පසුගිය දිනයන්හි වෙළඳපොළේ එහි මිල රුපියල් 5000 සීමාව ඉක්මවා තිබිණි