ගැබිණි මව්වරුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයට ලක්වීම අත්‍යවශ්‍ය බව කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ කාන්තා සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා අවධාරණය කරයි.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නේ ගර්භණී භාවයට පත් වන කාන්තාවන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවිම සම්බන්ධයෙන් නිරතුරු අවධානය යොමු කළ යුතු බවයි. එම මව්වරුන් නිවසේ සිටියද සෙසු සාමාජිකයන් ආශ්‍රයේදී සැලකිලිමත් විය යුතුය. අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැර නොයන්නැයි ඇය සියලු ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරයි. යම් ආකාරයක කොරෝනා ආසාදිත ලක්ෂණයක් ඇති වුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5500 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඉන් මියගොස් ඇත්තේ ඉතා සුඵ පිරිසකි.