ඓතිහාසික අනුරාධපුර පුදබිමේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑ පුදබිමේ අලංකරණය කිරිම සදහා  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් නිශ්පාදනය කළ පළමු කාබනික පොහොර තොගය අද (13) සදහිරු සෑය වෙත ප්‍රධානය කළේය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත කාබනික පොහොර භාවිත කිරිමේ වැඩසටහන යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද කාබනික පොහොර නිශ්පාදනය කිරිමට පියවර ගෙන ඇත.
 
ඒ අනුව  අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවිල් ආරක්ෂක බලකා නිළධාරින් විසින් නිශ්පාදිත පළමු කාබනික පොහොර තොගය මෙලෙස ප්‍රධානය කළේය.
 
මේ අනු‍ව කාබනික පොහොර කිලෝ තුන්දහසක(3000) පමණ ප්‍රමාණයක් ලබා දිම සිදු විය.
 
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එන්.ආර් ලමාහේවාගේ මහතා ප්‍රධාන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදුකෙරිණි.