ගෝලීය කොවිඩ් ව්‍යසනය මැද මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි
මෙමගින් ප්‍රාථමික,ද්විතීයික හා තෘතීයික රෝගී සත්කාර සේවා සැපයීම තවදුරටත් වඩා ශක්තිමත් කෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
මෙවර ජාත්‍යන්තර රෝගී සුරක්ෂිතතා දිනය වෙනුවෙන් අද (17) පැවති ජාතික උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීය. මෙම සැමරුම් උත්සවය කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රයේ පිහිටි සෞඛ්‍ය ආරක්ෂණ, ගුණාත්මක හා සුරක්ෂිතතා අධ්යක්ෂ කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා අමාත්‍යවරයා සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් මේ බව කීය.
මෙවර ජාත්‍යන්තර රෝගී සුරක්ෂිතතා දින තේමාව වනුයේ මාතෘ ආරක්ෂාව සහ අලුත උපන් බිලිඳුන් රැක බලා ගැනීමයි. මෙයට සමගාමීව ඖෂධ භාවිතයේදී සිදු වන වැරදි රෝගී සුරක්ෂිතතාවයට ප්රමුඛ ගැටලුවක් බව හඳුනාගනිමින් ඒ සඳහා වන පිළියම් ලෙසින් ක්‍රියාකාරී සැලැස්මක් ඇතුළත් අත් පොතක් මෙහිදී එළි දක්වනු ලැබීය. තවද මෙයට සමගාමීව පැවති සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිරිගැන්වීමේ තරඟාවලියේ සහතික පත් ප්‍රදානයද අද සිදු විය.
වර්තමානයේ මෙරට රෝහල් පද්ධතිය තුළ රෝගීන්ගේ ආරක්ෂාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව සියලු රෝහල් වල ගර්භණී හා ප්‍රසව ඒකක වලට අදාළ වන පූර්ව ප්‍රසව වාට්ටු සහ සායන, සූතිකාගාර හා පසු ප්‍රසව වාට්ටු වල තත්ත්වයන් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. රට තුළ ගෝලීය වසංගතයක් පවතින මොහොතක මාතෘ හා නව ජන්ම මරණ අනුපාතය අඩු වීම තුළින් මේ බව පැහැදිලි වන්නේ යැයිද අමාත්‍යවරයා කීය.
එමෙන්ම සෞඛ්‍ය පද්ධතිය සඳහා මානව සම්පත්, යටිතල පහසුකම් හා නවීන තාක්ෂණික උපකරණ සැපයීම වැඩිදියුණු කිරීම මේ සඳහා ප්රබලව බලපානු ලැබ ඇති බවද ඒ මහතා මෙහිදී කීය. විශේෂයෙන් රජය මෙම සම්පත් සම්පාදනය තුළින් මාතෘ හා නව ජන්ම සත්කාර සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ක්‍රියා කරන බවද හෙතෙම කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා , මෙරට රජය මුළුමනින්ම රෝගීන් සඳහා ඉහළ අවධානයකින් ඉහළ සේවාවක් සැපයීමට කැප වී සිටිනවා. එම සේවාවන් සැපයීමේදී සීමා සහිත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ මූල්‍ය අර්බුද වලට විසඳුම් සෙවීමට රජය කැප වී සිටිනවා. සෞඛ්‍ය සේවාවේ සෑම ආයතනයක් හරහාම එම සේවාව ගුණාත්මකව හා ආරක්ෂිතව ලබා දීම තහවුරු කිරීම උදෙසා පිහිටුවා ඇති මාර්ගෝපදේශ තුළින් අත් කර ගෙන ඇති ප්රතිඵලයන් අප අත් දැක ඇත්තෙමු. රටෙහි රෝහල් පද්ධතියේ සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම නිසා ආසාදිත අනුපාතය හා මාතෘ මරණ අනුපාතය අඩු වී තිබීම තුළින් එය මනාව පැහැදිලි වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ආරක්ෂණ,ගුණාත්මක හා සුරක්ෂිතතා අංශය, ජාතික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සඳහා වූ වැඩසටහන් වල කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. එමගින් මූලික රෝහල් හා ප්‍රාදේශීය රෝහල් පද්ධති දක්වා එම වැඩසටහන් ගලා යාමක් හා ඒවා තක්සේරු කිරීමක් සිදු වේ.
මෙම ජාතික වැඩසටහන සෞඛ්‍ය ආරක්ෂණ,ගුණාත්මක හා සුරක්ෂිතතා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය දේවානි රණවීර මහත්මියගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණි. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය අලාකා සිං,සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග සහ වෛද්‍ය සුනිල් ද අල්විස් යන මහත්ම මහත්මීන් සහභාගි විය.