ශ්‍රී ලංකා ජනපති සහ ලැට්වියා ජනරජයේ ජනපති අතර හමුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් (Egils Levits) මහත්වරුන් අතර හමුවක් පෙරේදා (21) පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අතරතුර මේ හමුව සිදූ වුණු අතර දෙරට අතර විසිපස් වසරක තානාපති සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයාමට ශක්තිමත් පියවර ගත යුතු බව රාජ්‍ය නායක දෙපළගේම අදහස වූහ.
කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට හා සමාජයට එල්ල වී ඇති බලපෑම කෙරෙහි මෙහිදී රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වූ අතර වසංගතය පහව යාමත් සමඟ දෙරටේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.
අධ්‍යාපනය, ඩිජිටල් තාක්ෂණය යන ක්ෂේත්රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම කෙරෙහි ද නායකයන්ගේ අවධානය යොමු විය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය වෙනස් විය යුතු බව හා ආසියාව, දකුණු අප්‍රිකාව, මැද පෙරදිග සහ දකුණු අමෙරිකානු කලාපවලට වැඩි නියෝජනයක් දීමේ අවශ්‍යතාව ද මෙහිදී දෙරටේ නායකයන්ගේ අවධානයට යොමු විය.
විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශ ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහත්වරු මේ සාකච්ඡාවට එක් වූහ.