ජනමාධ්‍ය  අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ ව්‍යාපෘති සඳහා සහයෝගය, උපදෙස් හා මඟපෙන්වීම ලබාගැනීමේ අරමුණින් ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එහිදී මාධ්‍යවේදීන් සඳහා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීම, පුවත්පත් මණ්ඩල පනත සං‍ශෝධනය කිරීම, මාධ්‍යවේදීන් සඳහා ඇසිදිසි රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීම, ආබාධ සහිත ප්‍රජාවට අදාළ සංවේදී කරුණු සහ ඩිජිටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.