භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ හා ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඇමැතිධුර කීපයක් හොබවා ඇති සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත්‍ර සබඳතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය විය යුතු බව අවධාරණය කළ අයෙකි.

 

ආර්ථික විද්‍යාඥයකු සහ සංඛ්‍යා ලේඛනඥයකු වන සුබ්‍රමනියම් මහතා, ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සංවිධාන කළ සම්මන්ත්‍රණවල දේශකයෙක් ද විය.

සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ මෙවර සංචාරයේදී නැවතත් හමු වීමට ලැබීම පිළිබඳ ජනාධිපතිවරයා සිය සතුට පළ කළේය.