කොළඹ දිස්ත්‍රික්කයේ සියලු කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට එළඹෙන සිකුරාදා, එනම් 15 දා ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබේ.

අනෙක් පාසල්වල වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව දීම එළඹෙන 21 දා පාසල්වලදී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය ලෙස මේ වැඩසටහන එළඹෙන 15 වැනි සිකුරාදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.

 

සියලුම සිසු දරුදැරියන් හැඳුනුම්පත සමඟ එන්නතකරණ වැඩසටහනට සහභාගි විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම්, එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඒ අනුව හෝමාගම,කොළඹ, ජයවර්ධනපුර හා පිළියන්දල කලාප කාර්යාලවලින් එන්නත ගත හැකි බව අතිරේක ලේකම්වරයා කීවේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.