කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති තවත් ලිහිල් කෙරේ. ඒ අනුව ආපන ශාලාවල අභ්‍යන්තරව රැදී සිටිය හැක්කේ ඒවායේ රැදි සිටිය යුතු පිරිසෙන් තුනෙන් එකක් පමණ වන පිරිසකි. එය 75 දෙනෙකු නොඉක්මවිය යුතුය. එළිමහන් ආපන ශාලා පවත්වාගෙන යාමට දිරිගන්වනු ලැබේ. ඒවායෙහි රැදි සිටිය හැකි පිරිස සියයක් පමණි. විවාහ උත්සව සදහා ද එළිමහන්වල සංවිධාන කෙරෙන උත්සව දිරිගන්වනු ලැබේ. ශාලාවල පැවැත්වෙන විවාහ උත්සව වලට සහභාගි විය හැක්කේ ඒවායෙහි ඒවායෙහි රැදි සිටිය හැකි ධාරිතාවෙන් තුනෙන් එකක් පමණි. එම ගණන සියය නොඉක්මවිය යුතුය. එළිමහන් විවාහ උත්සව සදහා 150 ක පිරිසකට සහභාගි විය හැකිය . මත්පැන් සංග්‍රහ තහනම් වෙයි. රාජකාරී හමුවලදී අදාල ස්ථානවල රදවාගත හැකි පිරිසෙන් තුනෙන් එකක පමණ පිරිසක් සහභාගි කරගත යුතුය. එම සංඛ්‍යාව 150 නොඉක්මවිය යුතුය. මේ අතර. රාත්‍රි 11.00 සිට අලුයම 4.00 දක්වා සංචරණය සිදු කිරිමට බාධාවක් නොමැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි