ඉදිරි වසර දෙක අවසානයේ මෙරට අපනයන ආර්ථිකයේ ප්‍රමුඛයා බවට පොල් කර්මාන්තය පත් කරන බව පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා කියයි. දැනට වී වගා නොකෙරෙන පුරන් කුඹුරුවල පොල් වගා කිරිමේ ව්‍යාපෘති වසර පහක සිට ක්‍රියාත්මකයි. පටක රෝපණය මගින් පොල් පැළ නිෂ්පාදනය කිරිමේ නව ක්‍රමවේදයක් ද ක්‍රියාවට නංවා තිබෙ.් එවැනි ක්‍රමයක් ලොව පළමු වරට ක්‍රියාත්මක වන්නේ ශ්‍රි ලංකාවේය. පොල් අස්වැන්නෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනිමට කටයුතු කිරිම වැදගත්ය. මේ වනවිට කටුපොල් වගාව තහනම් කර තිබෙ.්. පාම් තෙල් ආනයනය ද තහනම් කර ඇත. කුඵබඩු වැනි සෙසු බෝග අපනයන ක්ෂේත්‍රය සුවිශාල වර්ධනයක් අත්කර ගනිමින් සිටි. ගම්මිරිස් අපනයනයෙන් ඉකුත් කාලයේ අමෙරිකානු ඩොලර් මිලියන 600 කට ආසන්න ආදායමක් ලැබුණු බවද අලහප්පෙරුම මහතා කීය . පොල් වගාකරුවන්ට 1928 දුරකථන අංකය මගින් සහ 070 400 19 28 වට්ස් ඇප් අංකයෙන් ගැටලු ඇත්නම් යොමු කළ හැකි බවද වැවිලි අමාත්‍යංශය සදහන් කරයි.