දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සීමා කරන බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියයි. මෙරට වගා කළ හැකි එහෙත් තවමත් ආනයනය කරන අමුද්‍රව්‍ය 15 ක් එලෙස සීමා කෙරෙනු ඇත. එමගින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.