සංවිධානාත්මක අපරාධවල සැලකිය යුතු අඩුවක් ඇතැයි පොලිස් මූලස්ථාන වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසර දෙක තුළ සංවිධානාත්මක අපරාධ සියයට 80 කින් පමණ අඩු වී තිබේ. ඊට හේතු වී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වයේ සීඝ්‍ර ව්‍යාප්තියයි. සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක කිරිමද ඊට බලපා තිබෙ.් මුහුදෙන් සහ ගුවන් මගින් රට තුළට මත්ද්‍රව්‍ය ගෙනඒම වැලැක්විමට විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසිය.