ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකරණයේ දක්ෂයින් ඇගයිමට ලක් කෙරෙන 2020 රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි අද පස්වරුවේ පැවැත්වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයායි. රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා ද එම අවස්ථාවට එක් වෙයි. බුද්ධ ශාසන. සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එය සංවිධානය කර  තිබේ. පසුගිය වසරේ රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනි නාලිකාවල විකාශය වු ටෙලි නාට්‍ය. විචිත්‍රාංග රසවින්දනාත්මක වැඩසටහන් ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් යනාදිය සදහා එහිදි සම්මාන පිරිනැ මේ. ඊට අමතරව හොදම රූපවාහිනි නිවේදක - නිවේදිකාව. හොදම ටෙලි නාට්‍ය නඵවා. නිළිය. අධ්‍යක්ෂ යන අංශ සදහාද සම්මාන පිරිනැමෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා මහත්මිය පැවසුවාය. දර්ඝ කාලයක් තිස්සේ මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයට සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ දැනට ජිවිතයේ සැදෑ සමය ගෙවන කේ .බී. හේරත් හා එම් .ඩී . මහින්දපාල යන කලාකරුවන්ට යාවජීව සම්මාන පිරිනැමිම එහිදි සිදුවෙයි.

Share Button