චීනය සැබැවින්ම ශ්‍රී ලංකාවේ අවංක සුහද මිතුරෙකු බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කියයි. එම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම වත්මන් රජයේ අරමුණයි. චීනයේ වත්මන් ජනාධීපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සදහා දක්වන දායකත්වය අගමැතිවරයා කෘතවේදීව සිහිපත් කරයි. ශ්‍රී ලංකා චීන රාජ්‍යතාන්ත්‍රික් සබඳතා ආරම්භවී වසර 65 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ ඊයේ පැවැති උත්සවයේදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඒ පිළිබඳව කරුණු දැක්වුහ