පාර්ලිමේන්තුව අද රැස් වෙයි. නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍රදිමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරිමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන අද සම්මත කර ගැනීමට නියමිතයි.
අමාත්‍යංශයීය උපදේශක කාරක සභා ඇතුඵ කාරක සභා රැසක් මේ සතියේ රැස් වීමට නියමිතයි. ඒ අනුව බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව , කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව හා වනජීවි හා වනසංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව අද රැස් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් ද අද සංවිධාන කර තිබේ.