ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රේඩියෝ දඹාන ප්‍රජා ගුවන් විදුලිය අද සිය 12 වැනි සංවත්සරය සමරයි. සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2010 පෙබරවාරි 22 වැනිදා එම සේවය ආරම්භ කෙරිණි. ආදිවාසින්ගේ සම්ප්‍රදායට අනුව එහි ඉදිකළ නව ගුවන් විදුලි මැදිරිය 2016 පෙබරවාරි 11 වැනිදා විවෘත කෙරිණි. එෆ් එම් තරංග මාලා 97 යි දශම 6 ඔස්සේ දඹාන රේඩියෝ වැඩසටහන් ප්‍රචාරය කෙරේ. ආදිවාසී ජනතාවට තමන්ගේම භාෂාවෙන් ජනමාධ්‍යයක් පිහිටුවීමට ඇති අයිතිය සම්බන්ධයෙන් 2017 සැප්තැම්බර් 13 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත වු යෝජනාව ශ්‍රිී ලංකා ගුවන් විදුලි සංස්ථාව තහවුරු කිරීමක් ලෙස මෙම සේවය ආරම්භ කිරීම සැලකේ. ලක්ෂ 5 ක් පමණ වන ආදිවාසී ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා ඉටු කිරීම දඹාන රේඩියෝවේ අරමුණයි.