ජාත්‍යන්තර භාෂා දින සැමරුම් උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ නිදහස් චතුරශ්‍රයේදි පැවැත්විණි. එම අවස්ථාවට එක්වෙමින් ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ වාර්ගික සහජීවනය සදහා එම ජනවර්ග වලට අයත් භාෂාවන් පිළිබඳ මනා දැනිම රුකුලක් වන බවයි . එම උත්සවයේදි මව- මව් භාෂාව- මාතෘ භූමිය යන මැයෙන් පැවති තරගයේ ජයග්‍රාහකයින්ට සහතික පත් ප්‍රදානය ද සිදු කෙරිණි.