ලෝක බාලදක්ෂ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි ඊයේ පැවැත්විණි.

ලෝකයේ ළමයින් වෙනුවෙන් ඇති විශාලතම ස්වෙච්ඡා සංවිධානය බාලදක්ෂ ව්‍යාපාරයයි. රටවල් 172 ක කෝටි පහකට අධික ළමයි පිරිසක් එහි සාමාජිකත්වය දරති.

බාලදක්ෂයෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය ජනාධිපති බාලදක්ෂ පදක්කමයි. ජනාධිපති බාලදක්ෂ සහතික පත් ප්‍රදානය ද සිදුකෙරිණි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් ෆවල් සාමිවරයාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්විම හා සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරාගත් බාලදක්ෂයින්ට සම්මාන පිරිනැමිම ජනාධිපතිතුමා සිදු කළේය.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීිතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. පලාත් මට්ටමින්ද ඊයේ බාලදක්ෂ සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබිණි.