මෙවර මහ කන්නයේදී වී සදහා ගොවීන්ට තරගකාරි මිලක් ගෙවීමට රජය සුදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් පී. එම්. එල්. බණ්ඩාරනායක මහතා කියයි. ඒ අනුව නාඩු වී කිලෝවක් සදහා රුපියල් 90 ක්ද, සම්බා වී කිලෝවක් සදහා රුපියල් 92 ක්ද ,කිරිසම්බා වී කිලෝවක් සදහා රුපියල් 95 ක්ද රජය ගෙවයි. වී අලෙවි මණ්ඩලය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 50 දහසක් පමණ ගොවීන්ගෙන් මිලදී ගෙන තිබේ.