රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අධ්‍යපන කටයුතු අද සිට යළි ඇරඹෙයි. කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් සිසුන් කොටස් වශයෙන් පාසල් වෙත කැදවිමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දෙන්නේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු නතර කළ නොහැකි බවයි. අභියෝග මධ්‍යයේ පවා විභාග රැසක් පවත්වා අවසන් කිරීමට හැකි විය. නව පාසල් වාරය ආරම්භ කළ පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද දැනටමත් සාකච්ඡා කර තිබේ.