මියගිය නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්‍ෂණය කිරීම දැනටමත් ආරම්භ කර ඇතැයි බුද්ශ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කියයි. එම කටයුතු කඩිනම් කරන්නැයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා උපදෙස් දී තිබේ. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සංරක්‍ෂණ කටයුතු සිදුකරයි. කෙසේ වෙතත් ඒ සඳහා කලක් ගතවනු ඇතැයි ලේකම්වරයා සඳහන් කළේය. නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්‍ෂණය කිරීමෙන් අනතුරුව එය බොහොදුරට මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ තැන්පත් කෙරෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.