සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ පැවැත්වෙයි. ආර්ථික ගැටළුවලට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා එම සමුළුව කැඳවා තිබෙි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රිී ලංකා නිදහස් පක්ෂය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ශ්‍රීී ලංකා මහජන පක්ෂය දෙමළ ජාතික සංධානය හා තවත් දෙමළ පක්ෂ කිහිපයක නියෝජිතයන් සමුළුවට සහභාගි වන බව තහවුරු කර තිබෙ.
රජයට සම්බන්ධ පක්ෂ 11 නියෝජනය කරමින් ලංකා සමසමාජ පක්ෂය හා විජයධරණී ජාතික සභාව සමුළුවට සහභාගි වන බව දැනුම් දී ඇත. ඇමති වාසුදේව නානායක්කාර. හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් සමුළුවට සහභාගී නොවුණද ඔවුන්ගේ පක්ෂවල යෝජනා සහ නිර්දේශ එම පක්ෂ 11 නියෝජනය කරන නියෝජිතයන් මගින් සමුළුවට ඉදිරිපත් කරන බව දැනුම් දී ඇත. සමුඵවට ඔවුන්ගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහභාගි වීමට නියමිතයි. රජය නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානය,සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයලු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ජාතික ජනබලවේගය සමුළුවට සහභාගි නොවන බව දන්වා ඇත.
සමගි ජන බලවේගය ද සර්වපාක්ෂික සමුළුවට සහභාගි නොවන බවට පසුගිය සඳුදා තීරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැත.