සර්ව පාක්ෂික ආණ්ඩුවේ තවත් කැබිනට් අමාත්‍යවරු 08 දෙනෙක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදි අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය
මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
රමේෂ් පතිරණ මහතා – කර්මාන්ත අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජල සම්පාදන අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද මහතා – ධිවර අමාත්‍ය
විදුර වික්‍රමනායක මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
අහමඩ් නසීර් මහතා – පරිසර අමාත්‍ය
රොෂාන් රණසිංහ මහතා – වාරිමාර්ග, ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය

මේ අතර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධුරයේ ඉකුත්දා දිවුරුම් දුන් ටිරාන් අලස් මහතා අද පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාරගත්තේය.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර ඇතැයි වාර්තා වෙයි.