අභිනව රජය රාජපක්ෂවාදි රජයක් යැයි ඇතැමුන් කරන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව ඇමති ආචාර්ය බන්දුල ගුනවර්ධන මහතා පවසයි. වර්තමානයේ පවතින ආර්ථික ගැටළුවලට විසඳුම් සෙවීම පවතින රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ. ගැටඑ විසඳීමට විකල්පයක් යෝජනා කිරීමට කිසිවෙකුටත් නොහැකි විය.

වෙළඳපළේ භාණ්ඩ මිල ඉහළ යමින් තිබේ. ලෝක වෙළඳපළේ මිලට වඩා අඩුවෙන් මෙරට භාණ්ඩ අලෙවිකළ නොහැක. එමෙන්ම රටේ ප්‍රමානවත් ඩොලර් සංචිත ද නොමැත. මේ නිසා ජනතාව පිඩනයක් යටතේ දෛනික කටයුතු පවත්වාගෙන යමින් සිටී. ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව කැබිනට් මණ්ඩලය අවධානය යොමුකර ඇතැයි ද ඇමතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තිරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී කිවේය.

ඉන්ධන මිල ඉහළ දැමුවත් තවදුරටත් ඛනිජ තෙල් සංස්ථාවට පාඩු බව ඇමති සම කැබිනට් ප්‍රකාශක කංචන විජේසේකර මහතා පවසයි. ඉදිරියේදි භූමිතෙල් මිල සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමුවී තිබේ. ගැස් මිල අධික බැවින් බොහෝදෙනා භූමිතෙල් පරිභෝජනය කරති. එවැනි තත්ත්වයක් හමුවේ භූමිතෙල් මිල ඉහළ නැංවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැත. ඉන්ධ මිල සුත්‍රයක අවශ්‍යතාව දැඩිව බලපා තිබු බව ද ඔහු මෙම හමුවේදී කිවේය.