අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සඳහා අනුර දිසානායක මහතා පත් කර තිබේ.
එම පත්වීම් ලිපිය අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අනුර දිසානායක මහතා වෙත අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලබාදෙන ලදී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඩී.එම්. අනුර දිසානායක මහතා මෙයට පෙර වාරිමාර්ග, උසස් අධ්‍යාපනික තාක්ෂණය සහ නවෝත්පාදනය , මහවැලි සංවර්ධන හා පරිසර, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ කිහිපයකම ලේකම් ධුරය හෙබවීය.
ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇති අනුර දිසානයක මහතා රාජ්‍ය පරිපාලනයේ අත්දැකීම බහුල නිලධාරියෙකි.