ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාරගන්නා ලදි. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා, අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) ඊ.එම්.එස්.බී. ජයසුන්දර මහතා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිළධාරීන් සහභාගි විය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට
