ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපති වරයා ලෙස පත් වූ ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (ජූලි 30) දින මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. මෙර‍ට බිහිවන සෑම රාජ්‍ය නායකයෙක්ම සිය දූරයට පත්වූ විට දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණීම සම්ප්‍රදායකී. එළෙස පැමිණෙන පළමු අවස්ථාවේ, එය විශේෂ සාමිප්‍රදායික පිළිගැනීමේ උළෙලක් වශයෙන් පැවැත්වීම චිරාත් කාලයක පටන් සිදු වන්නකී. ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් ප්‍රමුඛ සිව් මහා දේවාල වල ගරු බස්නායක නිලමේ වරුන් විසින් නව ජනාධිපති තුමන් ශ්‍රී දළදා මාලිගාවට පිළිගනු ලැබුවා.