ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවැත්විණි. රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව. මෙම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමටත්, තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහ බැංකු නිලධාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරරීමටත් මෙහි දී වැඩිදුරටත් තීරණය විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බෘබර්, නියෝජ්‍ය ප්‍රධානි ඔසයිරෝ කොසයිකෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස් යන මහත්වරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුලු පිරරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පසුගියදා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ රජයේ බලධාරීන් අතර සාකච්ඡා ඊයේ ආරම්භ විය. නියෝජිත කණ්ඩායම ලබන 31 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. මෙම සාකච්ඡා වලදී මෙරට ආර්ථික හා මූල්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව දීර්ඝ වශයෙන් අවධානයට ලක් කෙරෙනු ඇත.