ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවකට පැමිණි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මීට සුඵ වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තිර්ණ අරමුදල් පහසුකම් ඉදිරියේදී ලැබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. මෙම පහසුකම මාස 48 ක් සදහා ක්‍රියාත්මකයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන අවසාන සාකච්ඡා වටය අතරතුරදී මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් වන පීටර් බ්රුඅර් සහ මසහිතෝ නාසාකි යන මහත්වරුන් මෙරට බලධාරින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම මුදල හෙලිකර තිබේ. ශ්‍රී ලංකාවට පුර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා සහායදීම එම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වු බව එහි සදහන් වෙයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදුන් ණය මුදල බැර කිරීමට පෙර කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. රජය ලබාගෙන ඇති ණය ආපසු ගෙවිම සම්බන්ධව අදාල පාර්ශ්ව සමග සාකච්ඡා කර එකගතාවට පත්වීම ඇතුඵ කරුණු කිහිපයක් ඔවුන් ඉදිරිපත් කර තිබෙ.
මීට පෙර 16 වතාවක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඇත.