ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.