ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අරමුණින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නාභියන් මහතා වෙත ලිපියක් යවා තිබේ.

පරිසර ඇමති හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත නසිර් අහමඩ් මහතා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා ඇමති ෂයික් අබුද්ල් බින් සයිඩ් අල් නාභියන් මහතා අබුඩාබි හිදී පසුගියදා හමුවු අවස්ථාවේ එම ලිපිය භාර දුන්නේය.

දෙරට අතර සබඳතා වැඩිදියුණු කර ගනිමින් විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමට අවස්ථා පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමු විය. කලාපිය හා අන්තර්ජාතික සබඳතා වර්ධනය කර ගැනීම සහ ඒ හා සබැදි ගැටඵ පිළිබඳව ද ඔව්හු සාකච්ඡා කළහ.

දෙරට අතර සහයෝගිතාව ඉහල නැංවීම සදහා ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කළ පරිසර ඇමතිවරයා කලාපිය හා ජාත්‍යන්තර වශයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය අගය කළේය. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානි මේධාවි පීරිස් මහත්මිය ද එම සාකච්ඡාවට එක්වුවාය.