ශ්‍රී ලංකා - නේපාල විශ්වවිද්‍යාලවල තරුණ තරුණියන් හුවමාරු වැඩසටහනක් (Youth exchange program) ක්‍රියාත්මක කිරීමේ එකඟතාවයට ඊයේ (14) එළැඹිණි. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳ නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික එකඟතාවකට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පැවැති මූලික සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළැඹිණි .

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුවට ශ්‍රී ලංකාවේ නේපාල තානාපති බාෂු දේව් මිෂ්රා මහතා එක්ව සිටියේය.

ඒ වෙනුවෙන් වන ඉදිරි කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා නේපාල රජය අතර සිදු කිරීමට නියමිතය.