ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය මඟින් ආරම්භ කරනු ලබන ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ සමාරම්භක උත්සවය අද (28) සවස 3.00ට ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, මහාචාර්ය ආරියරත්න ඇතුගල, ආචාර්ය හංසමාලා රිටිගහපොල, ආචාර්ය පී.බී. මීගස්වත්ත, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන, මොහාන් සමරනායක, සමන් අතාවුදහෙට්ටි, කපිල කුමාර කාලිංග, ගාමිණී වේරගම, ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක, අරුණ ගුණරත්න ඇතුළු මෙරට සන්නිවේදන ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසකගේ සහ ලේක්හවුස් ආයතනයේ ප්‍රවීණ මාධ්‍යවේදීන්ගෙන් සුසැදි දේශන මඬුල්ලක් විසින් පාඨමාලා මෙහෙයවනු ඇත.