නඩුකුඩා ධීවර ගම්මානයේ ජනතාවගේ ගැටළු සොයාබලා ඊට කඩිනමින් විසඳුම් ලබාදෙන බව,  ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ධීවරයන් සමග කළ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක නිරීක්ෂණ  චාරිකාවක අද එක්වුණා.  පළමුවෙන්ම ඕලන්ද  කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයාබැලුවා. 

නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරතවුණේ,  ඉන් අනතුරුවයි. එම ගම්මානයේ ජනතාව සමග ජනාධිපතිවරයා සුහද කතාබහක නිරතවුණා.  එහිදීයි ඔවුන්ගේ ගැටළුවලට අවශ්‍ය විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. පසුව මන්නාරම සුළං බලාගාරය ඉදිකරන ප්‍රදේශය ද නිරීක්ෂණය කළා. 

එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලූ ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතා ගැටලු පිළිබඳව ද විමසීමක් කළා.  ඩග්ලස් දේවානන්දා, කංචන විජේසේකර යන අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.