වසර 2022 තුළ මෙරට ප්රධාන වශයෙන් සිදු වූ සමාජ ආර්ථික අර්බුද 18ක් හේතුවෙන් ඍණ සියයට 7.8ක් වූ ශ්රී ලංකා ආර්ථිකය ඉන් මුදා ගැනීමට රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ප්රතිපත්තිමය ක්රියාමාර්ගවල හේතුවෙන් මේ වන විට අංශ 10කින් වර්ධනකාරි තත්ත්වයක් වාර්තා කරමින් සිටින බව ශ්රී ලංකා මහ බැංකුව කියයි.
ශ්රී ලංකා ආර්ථිකය නිදහසින් පසු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වඩාත් අසීරුතම කාලපරිච්ඡේදය ලෙස හැඳින්වෙන වසර 2022 දී ආර්ථික වර්ධනය මෙලෙස ඍණ 7.8%කින් හැකිළී තිබේ.
වසර 2022 තුළ මෙරට සිදු වූ සමාජ ආර්ථික අර්බුද පැහැදිලි කරන මහ බැංකුව වසර කිහිපයක් පුරා ඇති වූ අඩු ආර්ථික වර්ධනය, ණය ශ්රේණිගත කිරීම් පහත වැටීම සහ විදේශ මූලනය සඳහා සීමිත ප්රවේශය, ඉහළ උද්ධමනය, බදු ආදායම් පහත වැටීම, විදුලි කප්පාදුව, ඉන්ධන සහ ගෑස් හිඟය, උග්ර වූ සමාජ නොසන්සුන්තාව සහ දේශපාලන කැලඹීම්, කාබනික නොවන පොහොර ආනයන තහනම් කිරීම සහ තවත් අර්බුද නිසා ආර්ථිකය හැකිලුණු බව කියයි.
එම තත්ත්වයෙන් මිදී මේ වන විට රජය සහ මහ බැංකුව ගනු ලැබූ ප්රතිපත්තිමය ක්රියාමාර්ගවල ප්රතිඵල ලැබීම ආරම්භ වී ඇති අතර, ජාත්යන්තර මූල්ය ආයතනවල සහාය ලැබෙන තෙක් ක්රියාත්මක කළ වැඩපිළිවෙළට අනුව සමතුලිතතාවකට ළඟා වීමට සමත් වී ඇතැයිද කියයි.
වසර 2021 ජනවාරි 3.0%ක් වූ මතුපිට උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ 12.1%ක් විය. එය 2022 සැප්තැම්බර් මාසයේ 69.8%ක් විය. මේ වසරේ මාර්තු මාසය වනවිට 50.3% දක්වා අඩු වී ඇත.
වසර 2021 දෙසැම්බර් අවසානය වනවිට එක්සත් ජනපද ඩොලරයට ගෙවූ ශ්රී ලංකා රුපියල් ප්රමාණය රුපියල් 200.43ක් විය. එය 2022 දෙසැම්බර් අවසානයේදී රුපියල් 363.11ක් විය. මේ වනවිට එනම් 2023 මාර්තු වනවිට ඒ සඳහා ගෙවන රුපියල් ප්රමාණය 327.29 දක්වා අඩු වී ඇත.
මෙවැනි තත්ත්වයක් ඇතුළු තවත් යහපත් ප්රතිඵල 10ක් ගත වූ අසීරු සහ අභියෝගකාරී සමයේ ගත් ප්රතිපත්තිමය තීන්දු මත ලැබෙමින් පවතියි. උද්ධමනය පහළ යෑම, නිල සංචිතය ගොඩනැඟීම, වෙළෙඳ පොළ මත තීරණය වන විනිමය අනුපාතිකය, වසර 2023 අගදී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් අපේක්ෂා කිරීම, ප්රාථමික ශේෂය වැඩිදියුණු වීම, මූල්ය පද්ධතිය ස්ථායිතාවය ඇති වීම, ජංගම ගිණුම සහ වෙළෙඳ ශේෂය වැඩි දියුණු වීම, පොලී අනුපාතවල අවදානම් අධි මිල අඩු වීම, ණය ප්රතිව්යුහගතකරණ වැඩපිළිවෙළ කඩිනම් වීම සහ මේ වසරේ මාර්තු මාසයේදී අයි.එම්.එෆ්. ණය මුදල අනුමත වීම එම යහපත් ප්රතිඵල බව මහ බැංකුව කියයි.
ශ්රී ලංකා මහ බැංකුවේ වසර 2022 වාර්ෂික වාර්තාව මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් මහතා විසින් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්රතිපත්ති ඇමැති රනිල් වික්රමසිංහ මහතා වෙත ඊයේ (27) පිළිගන්වන ලදී.
එලෙස පිළිගැන්වූ වාර්ෂික වාර්තාව මඟින් ශ්රී ලංකාවේ ආර්ථිකයේ ක්රියාකාරීත්වය පිළිබඳව සාරාංශයක් නිකුත් කරමින් මහ බැංකුව මෙසේ ද කියා සිටී.
ආර්බුදකාරි වතාවරණය හමුවේ ශ්රී ලංකා ආර්ථිකය පෙර නොවූ විරූ පහත වැටීමකට පත්ව ඇත. වසර 2019 සිට පිළිවෙලින් ඉදිරියට ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්රී ලංකාව වසර 2019 දී ඍණ 0.2%ක් වූ ආර්ථිකය 2020දී ඍණ 4.6%ක් විය. වසර 2021දී එය ඍණ 3.5%ක් විය. වසර 2022දී ඍණ 7.8%ක් බව මහ බැංකුව කියයි.
වසර 2022 දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම වෙළඳපල මිල අනුව රුපියල් බිලියන 24,148ක් නැතිනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 77.1කි. මෙරට ඒක පුද්ගල දළ
May be an image of signboard, banner, terminal and text that says "இ லங்கை CENTR L BANK UF மததி"
 
 
 
දේශීය නිෂ්පාදිතය රුපියල් 10,88667කි. එක්සත් ජනපද ඩොලර් 3474කි.
ශ්රී ලංකාවේ ආර්ථිකය දරණු ලෙස බිඳවැටීම කෙරෙහි දිගු කලක් මුළුල්ලේ පවතින අයවැය හිඟය සහා විදේශ ජංගම ගිණුමේ හිඟය යන හිඟයන් දෙක හා ගෝලිය සහ දේශීය මූලාශ්ර මඟින් පැනනැඟුණු අවදානම් රාශියකට මුහුණ දීම හේතු වී ඇත. නුසුදුසු කාලයකදී සිදු කළ බදු අඩු කිරීම්, කිසිඳු පූර්ව සූදානමකින් තොරව කාබනික කෘෂිකර්මාන්තය වෙත කඩිනමින් යොමු වීමට ගනු ලබන ක්රියා මාර්ග, නොකැළැල් ණය සේවා කරන වාර්තාවක් එලෙසම පවත්වා ගැනීමෙන් නිරර්ථක උත්සාහයන් මැද රටේ නිල සංචිතය අඩුවීම, විනිමය අනුපාතිකයෙහි ගැළපීම් ප්රමාද වීම මෙන්ම පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි අවදානය යොමු නොකිරීම යන ආදිය හේතු කොට ගෙන සමස්ත ආර්ථිකයට අතිවිශාල කම්පන සිදු විය.
එහි ප්රතිඵලයක් ලෙස උග්ර විදේශ විනිමය ද්රවශිලතා හිඟයක් සහ විනිමය අනුපාතිකය මත ගෙවුම් ශේෂ පීඩනය ඉහළ යාම, ජීවනෝපායන් විශාල ලෙස අහිමි වීම මැද උද්ධමනය අඛන්ඩව ඉහළයාම හා ආර්ථික ක්රියාකාරකම් මන්දගාමී වීම, රාජ්ය මූල්ය අසමතුලිතතා විශාල වීම, රාජ්ය ණය තිරසාර නොවන මට්ටම කරා ළඟා වීම සහ අවදානම් අයුරින් අධි මිල ගණන් ඉහළ යාම, ස්වෛරීත්වය ණය ශ්රේණිගත කිරීම් දැඩි ලෙස පහත වැටීම හේතුවෙන් විදේශ ණය මූලයන් වෙත වූ ප්රවේශයන් සීමා වීම, සමාජ ආර්ථික සමාජ දේශපාලන අර්බූදය පෙර නොවූ අන්දමින් උත්සන්න වීම සහ ව්යාපාරික විශ්වාසය සීඝ්රයෙන් පහළ යාම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් ආර්ථිකය දැඩි බලපෑමකට ලක් විය. මෙලෙස දැඩි බලපෑමකට ලක් වූ ආර්ථිකය ඉන් මුදා ගැනීම සඳහා විශ්වාසනීය සහ විනිවිඳභාවයෙන් යුතු ප්රතිපත්තිමය ක්රියාමාර්ග මඟින් අර්බුදය තවදුරටත් උග්රවීම වැළැක්වීම රජය සහ මහ බැංකුව වසර 2022දී ප්රතිපත්තිමය ක්රියාමාර්ග සහ ප්රතිසංස්කරණ ගණනාවක් සාර්ථකව සිදු කොට ඇත.
නිදහසින් පසු මෙරට ඉතිහාසය මුළුල්ලේම මෙවැනි සාර්ව ආර්ථික අර්බුද නැවත නැවත අත්විඳ ඇතත්, රටක් වශයෙන් තාමත් අවබෝධ කර ගැනීමට අපොහොසත් වූ බොහෝ පාඩම් පිළිබඳව 2022 වසරේදී ඇති වූ සමාජ ආර්ථික අර්බුදය මඟින් අවධාරණය කර ඇතැයිද මහ බැංකුව කියයි.
දත්ත මත පදනම් වූ ප්රතිපත්ති සම්පාදනය කිරීමේ අවශ්යතාවය, නිසි සැළැස්මකින් තොරව සිදු කරනු ලබන ප්රතිපත්ති අත්හදා බැලීම්වල අහිතකර බලපෑම්, ඉදිරි දැක්මක් නොමැති ජනප්රිය ප්රතිපත්තිවල අයහපත් සුබසාධන බලපෑම්, ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේ ප්රමාදවීම්, සාක්ෂි පදනම් කරගත් ප්රතිපත්ති විශ්ලේෂණ නොසළකා හැරීම්, මනාව ස්ථාපිත ආර්ථික මූලධර්ම පිළිබඳව අවදානය යොමු නොකිරීම, විශේෂඥ අදහස් නොසලකා හැරීම්වල ඇති පිරිවැය යනාදිය ගැන ආර්ථික අර්බුදය මඟින් නැවතත් අවධාරණය කර ඇත.
එබැවින් ක්රියාත්මක කිරීමට ප්රමාද වූ ව්යුහාත්මක ප්රතිසංස්කරණ එකවර සිදුවීම් තුළින් පැන නැගුණ පිරිවැය සාමාන්ය ජනතාවට සහ ව්යාපාරවලට විශාල වශයෙන් දැරීමට සිදු විය.
පසුගිය දශක 7 ½කට වැඩි කාලයක් පුරාවට ආර්ථිකය තුළ මුල් බැසගත් ව්යුහාත්මක ගැටලු විසඳීම සඳහා මේ තීර්ණාත්මක අවස්ථාවේදී අත්යවශ්ය ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් දිගින් දිගටම මූල්ය සහනාධාර ලබාගැනීමට සිදු වීම, දිගින් දිගටම විදේශ ණය මත යැපීමට සිදු වීම යන අයහපත් පීඩනයන්ට රටටත් ජනතාවටත් මුහුණදීමට සිදු වනු ඇත.
එබැවින් වත්මන් අර්බුදයෙන් අත්මිඳීම සඳහා ශ්රී ලංකාව දරන ප්රයත්නය තුළ ජාත්යන්තර මූල්ය අරමුදලෙහි විස්ථිරණ ණය පහසුකම යටතේ ක්රියාත්මක වන වැඩ සටහනේහි සඳහාන් ප්රතිපත්තින්ද ඇතුළත්ව ස්ථාවර සහ මනා ලෙස සම්බන්ධිකරණය කළ ප්රතිපත්ති ඉදිරි කාලයේදී යළිත් අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා කාලෝචිත ලෙස ක්රියාත්මක කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව වෙත පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය. https://www.cbsl.gov.lk/.../economic-and-financial-reports/a...