දශක තුනක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදය පරාජයට පත් කර දැන් වසර 14කි. 2009 වසරේ මැයි 18 වැනිදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. අද වන විට මෙරට සැමට බියෙන්, සැකයෙන් තොරව සාමකාමී ජීවිත ගත කිරීමට වරම් ලැබී ඇත්තේ රණවිරුවන් කළ එම කැපකිරීමෙනි. ලොව විශාලතම මානුෂීය මෙහෙයුම වශයෙන් සැලකෙන මෙයින් ප්රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ. ග්රහණයෙන් මුදාගැනීමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි විය.