ජනමාධ්‍ය අමාත්‍යාංශය පළාත් මට්ටමින් සිදු කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ දෙදින වැඩමුළුවේ ත්‍රිකුණාමලයේ පැවැති නැඟෙනහිර පළාත් වැඩමුළුව ඉකුත්දා (09) අවසන් විය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මූල්‍ය දායකත්වය මත පැවති මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා එක් විය. පෞද්ගලිකත්වය, අපරාධ වාර්තාකරණය, වෛරී ප්‍රකාශ පිටු දැකීම ආදී තේමාවන් යටතේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ, තොරතුරු කොමිසමේ කොමසාරිස් නීතිඥ ජගත් ලියනාරච්චි, ස්වාධීන රූපවාහිනියේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, සන්ඩේ මොර්නින් ප්‍රධාන කර්තෘ මන්දනා ඉස්මයිල් යන මහත්ම මහත්මිහු මෙහිදී සම්පත් දායකත්වය ලබා දුන්හ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) පී. කේ. ජයන්ත, අධ්‍යක්ෂ (සංවර්ධන) ඩබ්. පී. සෙව්වන්දි, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මාධ්‍ය විශ්ලේෂක චතුරංග හපුආරච්චි යන මහත්ම මහත්මිහු ද මෙම අවස්ථාවට එක් වූහ.