මෙරට ජාතික සම්පත තරුණ පර­පුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යව­සාය නොවන බවත්, පාඩු ලබන රාජ්‍ය ආය­තන ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණ­යෙන් රටට ඉතිරි වන මුද­ලින් ඉදි­රි­යේදී අධ්‍යා­ප­නය සහ සෞඛ්‍යය වෙනු­වෙන් වැඩි මුද­ලක් වෙන් කිරී­මට හැකි­යාව ලැබෙන බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පව­සයි. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව අව­ධා­ර­ණය කළේ ගාල්ල, වල­හ­න්දූව ප්‍රදේ­ශයේ අභි­න­ව­යෙන් ඉදි කළ රුහුණ විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බද්ධ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයි­ති­යට පත් කිරීමේ උත්ස­ව­යට ඊයේ (19) පෙර­ව­රුවේ එක් වෙමිනි.

වල­හ­න්දූව සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයි­ති­යට පත් කිරී­මෙන් අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා විශ්ව­වි­ද්‍යාල කාර්ය මණ්ඩ­ලය සමඟ සමූහ ඡායා­රූ­ප­ය­කට පෙනී සිටියේ මෙලෙ­සිනි.

සමරු ඵල­කය නිරා­ව­ර­ණය කර විද්‍යා පීඨ ගොඩ­නැ­ඟිල්ල සිසු අයි­ති­යට පවරා දුන් ජනා­ධි­ප­ති­ව­රයා එහි නිරී­ක්ෂණ චාරි­කා­වක නිරත වෙමින් විශ්ව­වි­ද්‍යා­ල­යීය කාර්ය මණ්ඩ­ලය සමඟ සුහද කතා­බ­හ­ක ද නිරත විය. රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති සුජීව අම­ර­සේන මහතා මෙහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාට සමරු තළි­ණ­යක් ද පිළි­ගැ­න්වීය. මේ අව­ස්ථාව සංකේ­ත­වත් කර­මින් විද්‍යා පීඨ භූමි­යෙහි පැළ­යක් රෝප­ණය කිරී­ම ද ජනා­ධි­ප­ති­ව­රයා අතින් සිදු වූ අතර, ජන­පති විශ්ව­වි­ද්‍යාල කාර්ය මණ්ඩ­ලය සමඟ සමූහ ඡායා­රූ­ප­ය­ක­ට ද පෙනී සිටි­යේය.

උත්සව සභාව ඇමතූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය:

“මේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය විවෘත කිරීම වෙනු­වෙන් වෛද්‍ය රමේෂ් පති­රණ අමා­ත්‍ය­ව­රයා කැප වී කට­යුතු කළා. මේ ගොඩ­නැ­ඟි­ල්ලෙන් සම්පූර්ණ ප්‍රයෝ­ජන ගන්නා ලෙස මා සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටි­නවා. අමෙ­රි­කාව වැනි ප්‍රධාන විශ්ව­වි­ද්‍යා­ල­වල මෙවැනි ගොඩ­නැ‍ඟි­ලි­ව­ලින් පැය 24ම ප්‍රයෝ­ජන ගන්නවා. රජයේ මුදල් අධ්‍යා­ප­නය සඳහා යෙදවූ විට අප එහි සම්පූර්ණ ප්‍රයෝ­ජ­නය ලබා­ගත යුතුයි. මෙහි පන්ති කඩා­ක­ප්පල් වුව හොත් එහි හානිය ඔබට වගේම රට­ටත් සිදු වනවා.

“ශ්‍රීලං­කන් එයා­ර්ල­යින්ස් සමා­ග­මට සහ එම සංස්ථා­ව­ලට බිලි­යන 700ක් විය­දම් කළ බව මෙහිදී සඳ­හන් කෙරුණා. එහෙත් එය නිවැ­රදි විය යුතුයි. එම බිලි­යන 700 තවත් දස ගුණ­ය­කින් වැඩි කළයු තුයි. මෙවන් විශාල මුද­ලක් වැය කිරීමේ ප්‍රති­ඵ­ලය වූයේ රජ­යන් තුනක් යටතේ මේ වෙනු­වෙන් ණය ගැනී­මයි. ඒ හේතු­වෙන් අපේ රටේ ණය ප්‍රමා­ණය වැඩි වුණා. රටේ ආර්ථි­කය කඩා­වැ­ටුණු අව­ස්ථාවේ අපට පළ­මුව සිදු වූයේ ණය ගැනීම නවතා දැමී­ම­ටයි. එය අසීරු කාර්ය­යක්. එහෙත් එය කළ යුතු වුණා. ඒ වෙනු­වට අලු­තින් මුදල් සොයා­ගැ­නී­මට අවශ්‍ය වුණා. එහිදී තමන්ගේ විය­දම තමන්ම උප­යා­ගත යුතුයි කියලා අප සෑම රාජ්‍ය ආය­ත­න­ය­ක­ටම දැනුම් දුන්නා. මේ තත්ත්වය සෑම ක්ෂේත්‍ර­ය­ක­ටම බල­පෑවා. එහිදී මට දැඩි දෝෂා­රෝ­ප­ණ­යට ලක් වීමට සිදු වණා. රටේ ආර්ථි­කය කඩා වැටීමට ඉඩ දෙන­වාද, බැණුම් අහ­න­වාද කියලා තීර­ණය කිරී­මට මට සිදු වුණා. ඒත් මේ වග­කී­මෙන් බැහැර වීමට අපට හැකි­යා­වක් තිබුණේ නැහැ. සියලු අමා­ත්‍ය­ව­රුන් අපට මේ කට­යු­තු­ව­ලදී අවශ්‍ය සහාය දුන්නා.

“එදා ඇතැම් අය රාජ්‍ය ව්‍යව­සාය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ වැඩ­පි­ළි­වෙ­ළට විරුද්ධ වුණා. අද විදු­ලි­ බිල සහ ඉන්ධන මිල ලෝක මිල ගණන් අනුව පව­ති­නවා. අප ඒ වෙනු­වෙන් කිසිදු මුද­ලක් ගෙවන්නේ නැහැ. ඒ වගේම අනෙක් සංස්ථා­ව­ල­ටත් මුදල් දීම නතර කළා. අපට දැනට මුදල් ගෙවී­මට තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමා­ග­මට පම­ණයි. මේ වසර අව­සන් වන විට ඒ ගෙවීම් කට­යු­තු­ව­ලි­නුත් නිද­හස් වීමට අපේක්ෂා කර­නවා. ඒ අනුව රටට ඉතිරි වන මුදල් ඉදිරි වසර කිහි­පය තුළ අධ්‍යා­ප­නය සහ සෞඛ්‍ය සඳහා යෙද­වීමේ හැකි­යාව ලැබෙ­නවා. මේ කට­යුතු ක්‍රියා­ත්මක කරන විට විශාල විවේ­ච­න­යක් එල්ල වුණා. මම එහිදී ඇසුවේ එකම ප්‍රශ්න­යයි. අපේ ජාතික සම්පත සංස්ථාද, තරුණ පර­පු­රද කියා මා විම­සුවා. අප අලාභ ලබන සංස්ථා ආරක්ෂා කර­න­වාද, අධ්‍යා­ප­න­යට, සෞඛ්‍ය­යට මුදල් දෙන­වාද කියා තීර­ණය කළ යුතුයි. මේ අලුත් වැඩ­ස­ට­හන් සමඟ ඉදිරි වසර දෙක, තුන තුළ නව ආර්ථික පරි­ව­ර්ත­න­යක් කර­මින් රට ඉදි­රි­යට ගෙන යමු කියා සියලු දෙනාට ආරා­ධනා කර­නවා.”

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පති­රණ මහතා:

“අති­ශය කාර්ය­බ­හුල අව­ස්ථා­වක අපේ රටේ දරු­වන්ගේ අනා­ග­තය වෙනු­වෙන් මේ විශ්ව­වි­ද්‍යාල පීඨ ගොඩ­නැ­ඟිල්ල විවෘත කිරී­මට එක් වීම සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­තු­මාට ගාල්ල ප්‍රදේ­ශයේ ජන­තා­වගේ ස්තුතිය පුද කර සිටි­නවා; ඒ වගේම අති­ශය තීර­ණා­ත්මක අව­ධි­යක මෙවැනි ව්‍යාපෘ­ති­යක් අව­සන් කිරී­මට හැකි වීම පිළි­බඳ සතුටු වෙනවා.

“ජනා­ධි­ප­ති­තු­මාගේ නිවැ­රදි ආර්ථික ප්‍රති­ප­ත්තිය නිසා ගාල්ල දිස්ත්‍රි­ක්ක­යට ඉතා සුවි­ශේෂ ව්‍යාපෘති කිහි­ප­යක් හිමි වුණා. එතුමා 2024 අය­ වැය මඟින් සෞඛ්‍යය හා අධ්‍යා­ප­නය වෙනු­වෙන් විශාල මුද­ලක් වෙන් කළා. එය රටේ දරු­වන්ගේ අනා­ග­තය වෙනු­වෙන් ගත් සාධ­නීය පිය­ව­රක් බව කිව යුතුයි. ඒ වගේම අද විවෘත කෙරුණු මේ නව විද්‍යා­පී­ඨය දකුණු පළා­තට ආඩ­ම්බ­ර­යක් බව කිව යුතුයි.”

විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ සභා­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය සම්පත් අම­ර­තුංග මහතා:

“මේ අව­ස්ථා­වට සහ­භාගි වීම පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­තු­මාට ස්තුතිය පුද කර සිටි­නවා. දින 75ක් තිස්සේ වැඩ වර්ජ­න­යක නිර­තව සිටි අන­ධ්‍ය­යන සේව­ක­යන් එළ­ඹෙන සඳුදා සිට යළි රාජ­කා­රි­යට වාර්තා කර­නවා. ඔවුන්ගේ වැටුප් විෂ­ම­තා­වට විස­ඳු­මක් දීමට ජනා­ධි­ප­ති­තුමා මැදි­හත් වුණා. ඒ පිළි­බඳ එතු­මාට ස්තුතිය පුද කළ යුතුයි. ඔවුන්ගේ හිඟ වැටුප් ගෙවී­මට රුපි­යල් බිලි­යන 4.2ක් මහා භාණ්ඩා­ගා­ර­යෙන් වෙන් කර තිබෙ­නවා. කිසිම වැඩ වර්ජ­න­යක් නැති තත්ත්ව­ය­කට අපේ රට ගෙන යා හැකි නම් රටේ සංව­ර්ධ­නය එය බව මා විශ්වාස කර­නවා.”

රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­පති පූජ්‍ය අකු­රැ­ටියේ නන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය හා අන්‍යා­ග­මික පූජ­ක­ව­රුන්ද, දකුණු පළාත් ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන වජිර අබේ­ව­ර්ධන, සම්පත් අතු­කෝ­රල මහ­ත්ව­රුන්, හිටපු උප­කු­ල­ප­ති­ව­රුන්, පීඨා­ධි­ප­ති­ව­රුන්, ආචාර්ය මණ්ඩ­ලය, සිසු දරු­වන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.