නවතම පුවත්

 
නව වසරේ රාජකාරි ඇරඹු සමස්ත රාජ්ය සේවකයින්ට ජනපතිගෙන් ආරාධනයක්.
මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වූ 2023 වසරේ රට වෙනුවෙන් වූ වගකීම් කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමෘද්ධිමත් ශ්රී ලංකාවක් වෙනුවෙන් නව වසරේ එක්ව කැපවෙමු යැයි සමස්ත රාජ්ය සේවකයින්ට ආරාධනා කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 නව වසරේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.
නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ජාතික ධජය එසවීමෙන් පසු සියලු කාර්ය මණ්ඩලය එක්ව රාජ්ය සේවා ප්රතිඥාව ලබා දුන්හ.
නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ තේ පැන් සංග්රහයකට ද එක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා.
සියලුදෙනාටම සුබ නව වසරක් වේවා ! කියා මම ප්රාර්ථනා කරනවා.
මාස පහ හමාරකට පෙර මේ කාර්යාලයේ සිට අපි ඓතිහාසික වැඩකොටසක් භාරගත්තා. ආණ්ඩු පාලනය කඩා වැටුණු අවස්ථාවකදී, ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවකදී රට තුළ සාමාන්ය තත්ත්වයක් ඇතිකරන්න අපි ඒ මාස පහ හමාර තුළදී පියවර ගත්තා. අපේ ආර්ථික ප්රශ්න සියල්ලම විසඳී නැහැ. නමුත් අද ඉන්ධන, ගෑස්, ආහාර ද්රව්ය, පොහොර අවශ්ය පරිදි ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා.
එම කටයුතු සඳහා මේ මාස පහ හමාර තුළ ඔබ සියලුදෙනා ලබාදුන් සහායට පළමුව මම මගේ ස්තූතිය පළ කරනවා. අපේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වී නැහැ. එහි වැදගත්ම වසර වන්නේ මෙම 2023 වසරයි. අපේ රට ණය බරින් නිදහස් කර ගනිමින් ණය ප්රතිව්යුහගතකරණ වැඩසටහන ක්රියාත්මක කර අප ඉදිරියට යා යුතු වෙනවා.
ඒ වගේම අපි නව ලෝකය සමග තරඟකළ හැකි ආර්ථිකයක් ගොඩනැඟිය යුතුව තිබෙනවා. මේ රටේ දේශපාලන ක්රමවේදයේ වෙනසක් අවශ්යයි යන්න බහුතරයගේ මතයයි. මේ කරුණු දෙකම අප විසින් ඉටුකළ යුතුව තිබෙනවා.
ඒ වගේම අද තිබෙන දේශපාලන ක්රමයේ ගැටලු විසඳිය හැකි නව ක්රමවේදයක් අප ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මෙහිදී පසුගිය වසරට වඩා අප සියලුදෙනා සාමුහිකව එක්විය යුතුයි.
අපි මේ ආණ්ඩුව දෙස බලන්නේ එක් යාන්ත්රණයක් ලෙස. මෙය අමාත්යාංශ අනුව වැඩසටහන් ගනණාවකට බෙදි නැහැ. එක් යාන්ත්රණයක අනු කොටස් ලෙසයි සියල්ල ක්රියාත්මක වන්නේ. ඒ නිසා කිසිවෙක් අතර තරඟකාරිත්වයක්, කඹ ඇදිල්ලක් සිදුවිය නොහැකි වගේම තමන්ගේ වගකිම් සීමා කළ නොහැකියි. ඔබ සියලුදෙනා රටේ මුලික ප්රතිපත්ති මාලාව ක්රියාත්මක කිරීමට බැඳි සිටිය යුතුයි. එම වැඩපිළිවෙළේදි කේන්ද්රස්ථානය වන්නේ මෙම ජනාධිපති කාර්යාලය, ඒ වගේම කැබිනට් කාර්යාලය සහ අග්රාමාත්ය කාර්යාලය. මෙම ආයතනවලින් තමයි මේ කටයුතු ඉදිරියට ක්රියාත්මක කෙරෙන්නේ.
තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 08කට සීමා වන්නේ නැහැ. ඒ වගේම සතියේ දවස් 05කට සිමා වන්නේ නැහැ. අපි සියලුදෙනා කැපවී වැඩ කරමු. 2023 අවසන් වනවිට මේ රටේ සාමාන්ය තත්ත්වයක් ඇති කරමින් ඔබ සියලුදෙනාගේ සහය ඇතිව මේ රට ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ ජනාධිපති කාර්යාලයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු ද, සියලු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2023 වසරේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය අද (02) පෙරවරුවේ  අමාත්‍යංශ පරිශ්‍රයේදී ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

ලේකම්වරයා විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළ නිලධාරීන් රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි කැපකළ සියලුදෙනා සිහිකිරීම වෙනුවෙන් විනාඩි 02ක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමද සිදු කෙරිණි.

රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයේ සියලු නිලධාරීන් සහභාගී විය.

උත්සවයේ වැඩ කටයුතු නිම වීමේන් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යවරයා,ලේකම්වරයා, අමාත්‍යංශ නිලධාරීන් සමග සුහඳ හමුවකට එක්විය.

නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි.
අප 2023 නව වසරට පිවිසෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ වසරක් නිමා කරමිනි.
රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ අප සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ අප බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් මා සතුය. නමුත් අපි දැනටමත් මෙම අයහපත් කාලය පසුකර තිබෙන බව මම විශ්වාස කරන අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇත.
ශ්රී ලංකාව බ්රිතාන්ය කිරීටයේ යටත්විජිතයක්ව පැවත, ඉන් නිදහස ලබා 2023ට වසර 75ක් සපිරේ. නමුත් බ්රිතාන්ය යටත්විජිතයක් ලෙස පැවත නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්රගතිය ලබා ගැනීමට අප තවමත් සමත් වී නැත. එම නිසා රටේ බහුතරයක් තරුණ තරුණියන් පවතින ක්රමයේ වෙනසක් ඉල්ලා සිටී. එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි අතර ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්රතිසංස්කරණ අප කඩිනමින් ක්රියාත්මක කළ යුතුය.
මෙම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කැපවී සිටින සැමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු ශ්රී ලාංකික ජනතාවටත් මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.
නැවුම් බලාපොරොත්තු සමඟින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්රහණයෙන් නිමාවන, සමෘද්ධිමත් ශ්රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්රාහි වසරකට සියලුදෙනාට සුභාශිංසනය කරමි.
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !

සියලු මනුෂ්යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තලයි. එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්යයකි.
බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක උපන් යේසු බිලිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන්ම ආදර්ශයක් ගෙන දුන්නේය. උන්වහන්සේ මුළු දිවියම කැප කළේ සමාජයේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසාය.
ලාංකේය වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ විමුක්තිදායක කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්රේමයෙන් ජීවත්වීම සහ සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරයයි.
“වියදම් අඩුකර, නිහතමානී නත්තලක් සමරමු, ඉතිරි කරන දේ දුක්විඳින ජනයාට ලබා දෙමු” යනුවෙන් සුදතුම් ප්රැන්සිස් පාප් වහන්සේ ද අප සැමට ඇරයුම් කරමින් මනුෂ්යත්වයේ වටිනාකම කියා දෙයි.
මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම අප රජයේ ඉලක්කය වන අතර සැමට ප්රේමය පතුරන මනුෂ්යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට ද මේ නත්තල් සමයේ සියලුදෙනා අදිටන් කරගත යුතුය.
කිතු සමිඳුන්ගේ අසිරිමත් උපතේ බල මහිමයෙන් අප දේශය සුවපත් කරන, නිවහල් වන ඉදිරි දශකයට දොරගුළු විවර වේවා ! යි ප්රාර්ථනය කරන අතර උන්වහන්සේ පැතූ මනුෂ්යත්වය, සහජීවනය, පරිත්යාගය පිළිබඳ ශුභාරංචිය සිව්දිග පැතිරෙන ප්රීතිමත් නත්තලක් වේවා ! යි ශුභාශිංසනය කරමි.
රනිල් වික්රමසිංහ
ජනාධිපති
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය

මාධ්‍යවේදීන්ගේ දැනුම ඉහළ නැංවීම සඳහා වරලත් ජනමාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීම ලබන වර්ෂයේ අනිවාර්යයෙන්ම සිදු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

'ඇසිදිසි' ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 2021 - 2022 උත්සව අවස්ථාවට සහභාගී වෙමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඇමැතිවරයා මේ බව ඊයේ (21) ප්‍රකාශ කළේය.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් මේ බව පැවසීය.

මාධ්‍යවේදීන් සමාජයට විශාල මෙහෙවරක් සිදු කරනවා. ඔවුන්ගේ දැනුම ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. මනුස්සකමෙන් පිරුණු ප්‍රබුද්ධ මාධ්‍යවේදියෙක් නිර්මාණය කළ යුතුයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මූල්‍යමය ලෙස තක්සේරු කළ නොහැකි අනාගත ප්‍රාග්ධන ආයෝජනයක් ලෙස මාධ්‍යවේදීන්ට මේ ශිෂ්‍යත්වය ලබා දෙනවා. දැනුම ප්‍රාග්ධනය වන ලෝකයක අපි ජීවත් වෙනවා. රටේ ජනමාධ්‍යවේදීන් විෂයානුබද්ධව සහ අනෙකුත් විෂයන් සම්බන්ධයෙන් දැනුම වැඩියෙන් ලබා ගත යුතුයි. යහපත් ප්‍රබුද්ධ සමාජයක් බවට පත් කර ගැනීමට මෙමඟින් මාධ්‍යවේදීන්ට හැකියාවක් ලැබෙනවා. මාධ්‍යවේදීන් විශාල ජාතික මෙහෙවරක් සිදු කරනවා. සංස්කෘතික අපගමනයක් සදාචාරාත්මක පිරිහීමක් සහ මනුස්සකමේ නාය යාමක් මේ වන විට සිදුව තිබෙනවා. පුද්ගලයන්ට විවිධ මත දැරීමට අයිතියක් තිබෙනවා. ඒ ඒ අයගේ නැණ පමණින් මාධ්‍ය වෙත මෙහෙයක් සිදු කරනවා. බෞද්ධ රටක් ලෙස පවතින මේ රටේ අප සිතන විදියට වඩා සම්පූර්ණයෙන් වෙනස් ආකාරයකට වෙනත් ආගමක් විසින් කල්පනා කරනවා හිතනවා. ක්‍රිස්තියානි බැතිමතුන් වෙනත් මතයක් දරනවා. අපි තවත් මතයක් දරනවා. මේ සමාජය තුළ ජීවත් වන විට වෙනත් මත දරන නිසා එකිනෙකාට වෛර කිරීමක් වූවොත් මූලික අයිතිවාසිකම් කඩ වී ගෝත්‍රික ක්‍රමයක් ඇති විය හැකියි. තමන්ගේ නිවෙස තුළ නිදහස්ව ජීවත් වීමට ඇති මූලික අයිතිය පවත්වා ගත යුතුයි. කුමන දේශපාලන මතයක් දැරුවත් කුමන වෙනස්කම් දැරුවත් නිදහසේ ජීවත් විය හැකි ක්‍රමයක් ඇති විය යුතුයි. නමුත් පසුගිය කාලයේ ඒ නිදහස නැති වුණා. මාධ්‍යවේදියකුට තිබිය යුතු විශේෂම ගුණයක් වනුයේ මානව දයාව. මිනිසෙක් තවත් මිනිසකුට ගරු කළ යුතුයි. මානව දයාවෙන් පිරි, ප්‍රබුද්ධ උසස් මාධ්‍ය කලාවක් රට තුළ ඇති කළ යුතුයි. දැනුමෙන් පිරි මාධ්‍යවේදීන් පිරිසක් බිහි විය යුතුයි. අන්තර්ජාතික මට්ටමේ ජනමාධ්‍ය ආයතනයක් පිහිටුවීමට පියවර ගත යුතුයි. මහා ප්‍රාඥයන්ගේ දැනුම ආදේශ කළ හැකි පිළිගත හැකි මාධ්‍ය සංස්කෘතියක් ඇති කළ යුතුයි. වරලත් ජනමාධ්‍ය ආයතනය පිහිටුවීම ලබන වසරේදී අනිවාර්යයෙන්ම සිදු කරනවා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් කරනවා. විවිධ ආයතනවල අධ්‍යාපනය ලබන අපක්ෂපාතී ක්‍රමවේදයක් යටතේ ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමේ සංකල්පය ගෙනා අයට ස්තුතිය පුද කළ යුතුයි. අනුර ප්‍රියදර්ශන මහතා විසින් ඇසිදිසි ශිෂ්‍යත්ව සංකල්පය ස්ථාපිත කළා. ඒ ගෞරවය එතුමාට හිමි විය යුතුයි. මෙරට තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව තාක්ෂණය යනාදිය දැන් රට තුළ ජනප්‍රිය වෙලා. 1948 නිදහසින් පසුව රටේ ආර්ථිකයේ ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් මනිනවා. පුංචි ආර්ථිකයක් අපට තිබුණා. ආණ්ඩුවට බදු හා බදු නොවන ආකාරයට ආදායම් ලැබෙනවා. මෑත ඉතිහාසය තුළ 2015 වන විට යුද්ධය නිමා වී ආර්ථිකයේ යම් වර්ධනයක් සිදු වෙනවා. ලංකා ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 13 ක් වුණා. 2020 සියයට 9 යි. 2021 දී සියයට 8 යි. ලංකා ආදායම දිගින් දිගටම අඩු වුණා. ණය ගැනීමට සිදු වුණා. ඒවා ගෙවීමට සිදු වුණා. පාරම්පරිකව උරුම වූ දක්ෂතා හැකියාවන් තිබෙන ජාතියක් අපි. අභියෝග ජය ගැනීමට අපට හැකියි. ඒ සඳහා දැනුම ලබා ගැනීමට 49 දෙනකුට උසස් අධ්‍යාපනයට ශිෂ්‍යත්ව දී තිබෙනවා. ඒ ශිෂ්‍යාධාර පදනම් කර ගනිමින් වැඩි වැඩියෙන් සංවාදශීලි ප්‍රබුද්ධ අධ්‍යාපනයක් කරා ගමන් කිරීමට හැකියි. ජාත්‍යන්තරව කීර්තියට පත් වන උපේක්ෂාසහගත ප්‍රබුද්ධ මාධ්‍යවේදියකු වීමට හැකි වේවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට මහතා -

අනුර ප්‍රියදර්ශන මහතා ජනමාධ්‍ය ඇමැතිවරයාව සිටියදී 2006 වසරේදී ඇසිදිසි ශිෂ්‍යත්ව ප්‍රදානය ආරම්භ කළා. කුමන ආණ්ඩු පැමිණියත් අඛණ්ඩව මේ කාර්ය අඩු වැඩි වශයෙන් ශිෂ්‍යත්ව දීම සිදු කළා. 2006 සිට මේ වන තෙක් 984ක් ශිෂ්‍යත්ව ලැබී තිබෙනවා. මේ වර්ෂයේදීත් 49 දෙනකුට ශිෂ්‍යත්වය ලබා දෙනවා. දේශපාලන බලපෑමක් මත මේ ශිෂ්‍යත්ව දීම සිදු කරන්නේ නැහැ. ඉල්ලූ පුද්ගලයන්ට සුදුසුකම් මත ඒ දේ සපයනවා. කාණ්ඩ දෙකක් යටතේ මේ ශිෂ්‍යත්ව දෙනවා. පශ්චාද් උපාධිය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක් සහ කෙටිකාලීන ශිෂ්‍යත්ව සඳහා රුපියල් ලක්ෂයක මුදලකුත් සපයා දෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන එක් කාර්යයක් මේක. මාධ්‍යවේදීන් සඳහා වන රක්ෂණ ක්‍රමය මේ වන විට නතර වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි කාලයේදී එය ලබා දීමට පියවර ගන්නවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා පුහුණු වැඩසටහන් ගණනාවක් පසුගිය කාලයේ සිදු කළා. එය මේ වන විට නැවතී තිබෙනවා. නැවත එය ආරම්භ කළ යුතුයි. වරලත් ජනමාධ්‍ය ආයතනයක් පිහිටුවීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වන කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඒ කාර්ය ද ඉදිරියට යමින් තිබෙනවා. වාර්තා කිරීමේ අයිතිය සියලු මාධ්‍යවේදීන්ට තිබෙනවා. වාර්තා කිරීමේදී අදාළ ප්‍රස්තුතව වරක් දෙවරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතුයි. නැත්නම් අගතියකට පත් වුවහොත් එය නැවත නිවැරැදි කිරීමට නොහැකියි.

 

වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා  ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය ගරු ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට  මහතාගේ සහභාගීත්වයෙන් 2022 දෙසැම්බර් මස 21 වන බදාදා දින පෙරවරු 09.00 ට ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

විසිඑක් වන සියවසේ අභියෝගයට මුහුණදෙනු වස් මාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා මඟින් තම වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට ඉඩ ප්‍රස්ථා සලසාදීම හා උනන්දු කරවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18-55 ත් අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ඇති මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය තාක්ෂණික ශිල්පීන්ට  ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.

උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00)  මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (100,000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබාදේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව  පාඨමාලා හැදෑරිය හැක.

කිසිදු මුදලක් අය නොකර නොමිලේ ලබාදෙන මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් මාධ්‍යවේදීන්ට දෙවරක් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ සුදුසුකම් ලබා වසර 5 ක් ඉක්ම ගිය පසු මුල් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ජනමාධ්‍යවේදීන්ට දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.

ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන මාධ්‍යවේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50% ක් පාඨමාලාව ආරම්භයේදී පළමු වාරිකය ලෙසත්, ඉතිරි 50% න් 25% ක් පාඨමාලාවේ දෙවෙනි වාරිකය ලෙසත්, ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදු කරයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් පත් කරනු ලබන තේරීම් කමිටුවක් විසින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ප්‍රතිලාභීන් තෝරාගනු ලැබිණ.

මෙවර ශිෂ්‍යත්වයට අයදුම්කළ ජනමාධ්‍යවේදීන් අතරින් අදාළ සුදුසුකම් ලැබූ සියලුදෙනා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. 

සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත එස්එල්ටී මොබිටෙල් ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධාන කළ 44 වැනි ‘ඔබ්සර්වර්-එස්එල්ටී මොබිටෙල්’ සම්මාන රාත්‍රියේදී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොළඹ සාන්ත ජෝසප් විදුහලේ දුනිත් වෙල්ලාලගේ සහ වසරේ ක්‍රීඩිකාව ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ විශ්මි ගුණරත්න සම්මාන දිනා ගත්හ. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (15) පැවති සම්මාන රාත්‍රියේදී ප්‍රධාන ආරාධිතයා වූ අරවින්ද ද සිල්වා මහතා අතින් දුනිත් වෙල්ලාලගේ සම්මානය හිමි කර ගත් අයුරු. වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව වූ විශ්මි ගුණරත්න, ගෞරවනීය ආරාධිතයා ලෙස මේ අවස්ථාවට එක් වූ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනූෂ පැල්පිට, එස්එල්ටී මොබිටෙල් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ දිනේෂ් වීරවංශ මහත්වරු ද මෙහි වෙති.

ඓතිහාසික හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හුනුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීය. ඊයේට (14) යෙදී තිබුණු හුනුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ පෙරවරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා නායක හිමි බැහැදැක සුවදුක් විමසා උන්වහන්සේ වෙත නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කළේය.

දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ‍ගරු බුහුමනට ලක්වූ කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීම උදෙසා එය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සංවර්ධනය කිරීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අනතුරුව ජනාධිපතිවරයා විසින් අත්සන් තබනු ලැබිණි. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ණය බරින් නිදහස් වූ මෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බව අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්රී ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප්රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක් වෙමිනි.
යුද්ධයෙන් පසුව ආර්ථික වැඩපිළිවෙල වෙනස් නොකිරීම හේතුවෙන් අද රට බංකොළොත්භාවයට පත්ව ඇති බවත් කෙසේ හෝ ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටේ ආර්ථිකය පණ ගැන්විය හැකි සහ ආයෝජන අවස්ථා රටට ගෙන්වාගත හැකි ආයතන පද්ධතියක අවශ්යතාවය ද අවධාරණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්රවර්ධන අංශයත්, අපනයන සංවර්ධන මණ්ඩලයත් ඒකාබද්ධ කරමින් ආර්ථික සංස්ථාවක් ඇති කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා
“අද වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින් කාර් එකක් වගේ. අපේ ආර්ථිකය තාම ත්රීවිල් එකක් වගේ. ඉතින් අපි කොහොමද සිංගප්පූරුවේ ධාවන තරගයට යන්නේ. අනෙක් රටවලට තියෙනවා ෆෝමියුලා වන් රේසින් කාර්.
අපිට පුළුවන් ද ත්රීවිල් එකකින් ගිහින් තරග කරන්න. මේක හොඳයි ජනතාවට එදිනෙදා ගමන් යන්න. ඒකට කිසිම ප්රශ්නයක් නෑ. මම නැවතත් එය හොඳයි කියලා කියනවා. ඒත් රේස් එකට හරි යන්නේ නෑ. අපි කොහොමද දිනන්නේ.
එහෙම නම් අපිත් රේසින් කාර් එකක් හොයා ගන්න ඕනේ. හොඳ එංජිමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ආර්ථිකයක්. ඒ ආර්ථිකය තමයි අපි දැන් ගොඩනගමින් සිටින්නේ.
අපි ඒ එංජිම හදන්නේ මේ රටේ විවෘත ආර්ථිකයක් ඇති කරලා. තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කරලා ලෝකය සමග තරග කරන්න තමයි මේ රේසින් කාර් එක හදන්නේ. මම විශ්වාස කරනවා එය ජයග්රහණය කිරීමට ඔබ සියලුදෙනාට හැකියාව තිබෙනවා කියලා.
පළමුවෙන්ම රට තුළ ඩිජිටල් ආර්ථිකයක්. පරිසර හිතකාමි ආර්ථිකයක්, වගේම සමාජ සාධාරණ ආර්ථිකයක්, ඒ වගේම ඉතාම තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒකට තමා මේ ප්රතිව්යුහගතකරණය සිදු කරන්නේ.
පරණ ක්රමවලට පුරුදු වුණ අය මේකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් අපිට යන්න තියෙන්නේ අලුත් පාරක.
ඔබතුමන්ලා යන්න කැමති රේසින් කාර් එකේ ද? සයිකලේ ද? කියලා මට කියන්න. මොකද අනාගතය අයිති ඔබ සියලුදෙනාට.
සමරු ඵලකය නිරාවරණය කර ටොයෝටා මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
70 වසරක ශ්රී ලංකා ජපාන සබඳතා සැමරීම ද සිදු කෙරණු අතර ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ටොයෝටා ලංකා සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමග සුහද කතා බහක නිරත විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ශ්රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි, ටොයෝටා ලංකා සමාගමේ සභාපති සවිඕ යෝට්සුකුරා යන මහත්වරු ඇතුළු ටොයෝටා ලංකා සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආයතනික සම්පත්වලින් ප්‍රතිලාභ ලබමින් කරන ජනතා සේවය අගයනවා
- විතාරන්දෙණියේ මේධානන්ද හිමි

කණ්ඩායමක් ලෙස එකට වැඩ කළොත් ඉදිරි ගමන පහසුයි
- ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට

ජාතියේ හෙට දවස වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක නිරතව සිටින ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ජනතාවට වඩා විශ්වසනීය සේවාවක් ලබා දීමේ අරමුණින් 'ලේක්හවුස් මූවර්ස්' භාණ්ඩ ප්‍රවාහන සේවාව සහ 'දිනමිණ' කොළඹ - කතරගම ශීඝ්‍රගාමී බස් සේවාව ඊයේ (08) සිට යළි ඇරඹීය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සේවාව ඊයේ (08) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් කොළඹ කොටුව, සම්බුද්ධාලෝක විහාරාධිකාරී විතාරන්දෙණියේ මේධානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද ආරම්භ කෙරිණි. එම සේවාවේ මුල්ම බිල්පත නිකුත් කිරීම සහ මුදල් භාර ගැනීම සභාපතිවරයා අතින් සිදු විය.

කොළඹ - කතරගම බස් සේවාව සෑම දිනකම කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළෙන් රාත්‍රී 7.00ට ගාලු පාර ඔස්සේ කතරගම බලා පිටත්ව යන අතර, යළි එය පසුදා පෙරවරු 9.15ට කොළඹ බලා පිටත් වීමට නියමිතය. ඊට අමතරව සහන මිල ගණන් යටතේ ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන සේවාව කොළඹ සීමාව තුළ හා ඉන් පිටත සිදු කරන අතර, රියැදුරු සමඟ රථ, රියැදුරු සහ රිය සහායක සමඟ රථ සහ මාසික කුලී පදනම මත බස් රථ ලබා දීම ද සිදු කරයි.’

මෙම අවස්ථාවට එක් වෙමින් අනුශාසනාවක් කළ සම්බුද්ධාලෝක විහාරාධිකාරී හිමියෝ මෙසේ පැවසූහ.

‘‘අප හැම කෙනෙක්ම දන්නවා අපේ රට ආර්ථික වශයෙනුත්, විවිධ ක්ෂේත්‍රවලිනුත් මේ දිනවල යම් අපහසුතාවයන්ට පත්ව තිබෙනවා. එවන් අවස්ථාවක ලේක්හවුස් ආයතනය රටේ වගකීමක් ඇති මාධ්‍ය ආයතනයක් හැටියට තමන්ගේ ආයතනයේ තිබෙන සම්පත් ජනතා සේවයට යොදවමින් අද සිට නැවත වතාවක් කොළඹ සිට කතරගම දක්වා අසරණ මගීන්ට ප්‍රවාහන පහසුකම් සපයමින් කරන මේ සේවාවන් යළි ආරම්භ කිරීම ඉතාම වැදගත් කාර්යයක් හැටියට සලකන්න පුළුවන්. රජයේ සම්පත් හෝ මේ ආයතනයේ සම්පත් රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැප කිරීම ඉතාමත්ම වටිනවා. නමුත් අද අප රට තුළ දකින්න ලැබෙන්නේ අප කවුරුත් නොහිතන, අප කවුරුත් නොපතන රට වෙනුවෙන් යැයි කියා ගන්නා පිරිස් ඉදිරියට පැමිණ මේ රට විනාශ කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. ඒක සමාජයේ අලුත් ගමනක් වෙනුවෙන් සමාජයේ නැඟිටීමක් විදියටත්, අරගලයක් විදියට පෙනී සිටින්නටත් පුළුවන්. මේ සෑම දෙනාම සිද්ධ කරන්නේ මේ සමාජය කඩා වැටීමට පත් කිරීමයි. එවැනි සමාජය කඩා වැටීමට ලක් කරන ඇතැම් පිරිස් කුමන්ත්‍රණකාරීව කටයුතු කරන සමයක ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ මේ සියලු දෙනාම එකතු වෙලා ජනතාවට සුබසිද්ධිය ගෙන දෙන වැඩසටහනක් මේ කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. මේ ආයතනයට පමණක් නෙවෙයි, මෙවැනි තවත් ආයතනත් තමන්ගේ ආයතනයේ තිබෙන සම්පත්වලින් ජනතාව වෙනුවෙන් සේවය කර තමන්ගේ ආයතනයටත් කිසියම් ප්‍රතිලාභයක් දෙමින් කටයුතු කරනව‍ා නම් ඒක සුවිශේෂී වෙනව‍ා. එවන් සේවාවක් සිදු කිරීමට ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කිරීම පිළිබඳවත් අනෙකුත් ආයතනවලටත් පූර්වාදර්ශයක් ලබා දීම පිළිබඳවත් මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරන්නට කැමැතියි.

‘‘ඒ විතරක් නෙවෙයි ජනතාවට තමන්ගේ භාණ්ඩ හා සේවාවන් එහා මෙහා හුවමාරු කර ගැනීම සඳහා රජයේ විශ්වාසය ඇති ආයතනයක් තුළින් ඒ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කර දීමට අවශ්‍ය මූලික කාර්යයන් සිදු කිරීම අද මේ අවස්ථාවේ ආරම්භ කළා. එයත් ජනතාවගේ පැත්තෙන් මේ කාලවකවානුවේ ඉතාමත්ම වටිනා ක්‍රියාවක්. ලේක්හවුස් ආයතනය කාලයෙන් කාලයට තමන්ට කළ හැකි උපරිම සේවාවන්, මාධ්‍ය ආයතනයක් හැටියටත්, රජයේ වගකීමක් ඇති ආයතනයක් හැටියටත් ඉටු කරමින් ජනතාවට විශ්වාසදායී තොරතුරු සපයනවා සේම ජනතාව වෙනුවෙන් මෙවැනි සේවාවන් තවදුරටත් ඉටු කිරීමට තව තවත් මේ ආයතනයටත් ඔබ සැමටත් තුණුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සම්පත්තියෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය කරන කායික ශක්තිය, මානසික සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.’’

මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතා මෙසේ පැවසීය.

‘‘ලේක්හවුස් ආයතනය විවිධ ව්‍යාපාර මාවත් සොයාගෙන ඉදිරියට යනවා. පත්තර මහගෙදර වසර 110ක් පමණ පත්තර නිකුත් කර තිබෙනවා. රට සහ රටේ ආර්ථික තත්ත්වය මත දැන් පත්තරවලින් පමණක් ඉදිරියට යන්න නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. රුපියල් 50,000ට 60,000ට ලබා ගත් කඩදාසි ටොන් එකක් අද වන විට රුපියල් ලක්ෂ 5කට වැඩි වෙනවා. පසුගිය කාලය තුළ අප ටෙන්ඩර් 5ක් කැඳවා තිබෙනවා. ඒ මිල ගණන්වලට කොළ අරගෙන අපට මේ ව්‍යාපාරය කර ගත නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මේ තිබෙන මිල ගණන් යටතේ කොළ ලබා ගන්නේ නම් මාසයකට දැන් තිබෙන වියදම අමතරව තවත් රුපියල් මිලියන 35කින් 40කින් පමණ ඉහළ යනවා. අප උත්සාහ කරන්නේ වාණිජ මුද්‍රණ අංශය දියුණු කරන්නයි.

‘‘මීට පෙර දිනකට පුවත්පත් මුද්‍රණය කරන ප්‍රමාණයේ සහ අද වන විට මුද්‍රණය කරන ප්‍රමාණයේ විශාල වෙනසක් තිබෙනවා. ඒ වෙනසත් සමඟ අප අපේ වාහන යොදාගෙන ලංකාව පුරා පුවත්පත් බෙදා හරින්නේ නම් විශාල පිරිවැයක් දරන්න සිදු වෙනවා. ඒ පිරිවැයෙන් හතරෙන් එකක් හෝ තුනෙන් එකක් සියලුම පත්තර බෙදන ආයතන වැය කරනවා. ඒ අය සමඟ එක්ව පත්තර බෙදන්නේ නම් මේ වියදම විශාල වශයෙන් අවම කර ගන්න පුළුවන්. නමුත් මේ පවතින තත්ත්වය තුළ එවැන්නක් කරන්නේ නම් ආයතනයේ තිබෙන වාහන සහ සේවකයන්ට සිදු කරන්නේ කුමක් ද යන්න පිළිබඳව සොයා බැලුවා. ඒ අවස්ථාවේ මංජුල මාකුඹුර සහ චන්දන බණ්ඩාර මහත්වරු යෝජනා කළා අපේ ආයතනයෙන් මූවර්ස් එකක් ආරම්භ කරමු කියලා. එය හොඳ යෝජනාවක්. එය ඵලදායීව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපට මේ වාහනවලින් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හැම ව්‍යාපාරයක්ම සාර්ථකව අවසන් වන්නේ නැහැ. නමුත් උත්සාහ නොකර සිටීමෙන් කිසිදු ඵලක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අප බස් දෙකත් කොළඹ - කතරගම ධාවනය අරඹා ලාභදායී තත්ත්වයට ගේන්න උත්සාහ කරනවා. ලාභදායී කරන්න නොහැකි නම් වෙනත් තීරණයක් ගන්නවා. අප උත්සාහ කර බලමු මෙය ලාභදායීව ඉදිරියට යන්න. මේ ලේක්හවුස් ආයතනයට තවත් ව්‍යාපාර වර්ග 100ක් පමණ කරන්න පුළුවන් බවට සාංගමික සංස්ථා ව්‍යවස්ථාවලියේ තිබෙනවා. පත්තර නිකුත් කිරීම පමණක් නොවෙයි, මේ ආයතනය පටන් ගන්න අවස්ථාවේ සිට ව්‍යාපාර වර්ග රැසක් තිබෙනවා. ඕනෑම ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒ නිසා අපට අලුතින් සිතන්න වෙනවා.

‘‘ප්‍රාග්ධන හිඟකම පමණයි අපට තිබෙන්නේ. දක්ෂ අය අප ළඟ ඉන්නවා. ස්වේච්ඡාවෙන් සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනක් හඳුන්වා දීලා දක්ෂ අය යවන්න අවශ්‍ය නැහැ. නමුත් අපට එක් එක් දෙපාර්තමේන්තුවල පවතින පිරිස ගත් විට අවම ශ්‍රමයක් ඇතිව කටයුතු කරන්න පුළුවන්. අද වන විට 1,125ක් පමණ සේවකයන් ඉන්නවා. මගේ අදහස 850කින් මේ ආයතනයේ කටයුතු සිදු කරන්නයි. එවිට මේ තිබෙන තත්ත්වය යටතේ වුවද මේ ආයතනය කළමනාකරණය කරමින් ඉදිරියට යන්න පුළුවන්. එයින් එහාට යන්නේ නම් ආයතනය ගෙන යන්න බැහැ. මම ඉලක්කම් සමඟ කටයුතු කරනවා. මේක කරන්න පුළුවන් ද බැරි ද කියන එක මම දන්නවා. 850කින් වගේ අපට යන්න පුළුවන් නම් ඇතැම් විට වැඩ කොටස යම් තරමකින් වැඩි වෙන්න පුළුවන්. නමුත් ආයතනයක් ලෙස වසා දැමීමකින් තොරව කාර්යක්ෂම ලෙස ඉදිරියට ගෙන යන්න පුළුවන්. මේ වෙනුවෙන් සියලු දෙනාගේම සහාය හිමි වෙයි කියා විශ්වාස කරනවා. පසුගිය මාස හයක කාලයේදී බොහොම දුෂ්කර කාලයක් ගත කළා. මේ කාලයේදී බොහෝදෙනා උදව් කළා. කැපවීමෙන් වැඩ කළා. ඒ නිසාම අප පසුගිය මාස තුනක හතරක කාලයේ ලාභදායී තත්ත්වයට පැමිණියා. ඒ වගේම දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි කියන්නේ ඉතාම අමාරු මාස කිහිපයක්. අප පසුගිය නොවැම්බර් මාසයේදී රුපියල් මිලියන 165ක පමණ දැන්වීම් ආදායමක් ලබා ගත්තා. නමුත් එය දෙසැම්බර් මාසයේදී රුපියල් මිලියන 130 පමණ දක්වා පහත වැටෙනවා. මේ තත්ත්වය තුළ යම්කිසි සුබදායී තත්ත්වයක් එන්නේ මාර්තු මාසයේදියි. මෙය සෑම වසරකම තිබෙන තත්ත්වයක්. ඒ මාස තුන ඉතාම අමාරු කාලයක්. මේ මාස කිහිපයේදී ලාභ නොලැබුවත් අලාභය අවම කරගෙන කටයුතු කිරීම අපේ අරමුණ වෙනවා. ඒ වෙනුවෙන් මෙවැනි සේවාවන් අපට උපකාරී වෙනවා. ඉදිරියේදී ටෙන්ඩර් කැඳවීම්වලදී වරලත් ගණකාධිකාරිවරයකුගේ සේවය ලබාගෙන විධිමත් ආකාරයෙන් සිදු කරන්න අප බලාපොරොත්තු වෙනවා. කඩදාසි ආනයනය කිරීමේදී සෘජු ඒජන්සි කිහිපයක් හරහා කටයුතු කරන්න හැකි නම් අපට විශාල මුදලක් ඉතිරි කර ගන්න අවස්ථාව සැලසෙනවා. අපේ අදහස් පමණක් නොව, සේවකයන්ගේ ද අදහස් ඇතිව අප ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අප කණ්ඩායමක් ලෙස එකට වැඩ කළ යුතුයි. එමඟින් ඉදිරියට යා හැකි වෙනවා. මේ දක්වා මා වෙත ලබා දුන් සහයෝගය අගය කරනවා. ලේක්හවුස් ආයතනයට තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්න අවශ්‍ය පියවර ගන්නවා.’’

සෝලා සමූහ ව්‍යාපාරයේ සභාපති චාමින්ද අබේගුණසේකර, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ ප්‍රභාත් මංජුල මාකුඹුර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රී, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, අතිරේක සාමාන්‍යාධිකාරි වී.එස්. බොයිස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ආයතනික කටයුතු) චන්දන බණ්ඩාර, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත්, සන්ඩේ ඔබ්සර්වර් ප්‍රධාන කර්තෘ දිනේෂ් වීරවංශ, ඩේලිනිව්ස් ප්‍රධාන කර්තෘ ජයන්ත ශ්‍රී නිශ්ශංක, තිනකරන් ප්‍රධාන කර්තෘ ටී. සෙන්තිල්වෙලවර්, ජ්‍යේෂ්ඨ ප්‍රවාහන කළමනාකාර තිස්ස ධම්මික මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 80 ක් පමණි. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජීවන් තොණ්ඩමාන්, එම් රාමේෂ්වරන් යන මහත්වරුන් සහ ශ්‍රිී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා මෙන්ම ආණ්ඩුවේ සිට ස්වාධීනව විපක්ෂයේ අසුන් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, ප්‍රියංකර ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා ජාතික කොංග්‍රසයේ මන්ත්‍රි ඒ එල් එම් අතාවුල්ල යන මහත්ම මහත්මීහු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ශ්‍රිී ලංකා නිදහස් පක්ෂය උත්තර සභාගය නිදහසේ ජාතික සභාව සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වු මන්ත්‍රීවරුන් පිරිසක් පමණි.

අයවැය සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් සභා ගැබේ නොසිටි අතර දෙමළ ජනතා ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වේඵකුමාර් යන මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.

ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටි මන්ත්‍රීවරුන් ගණන 19 කි. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අසනීප තත්ත්වය හේතුවෙන් ඡන්ද විමසීමට සහභාගි වී නොමැත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින්නැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට වී පසුවන්නේ නම් ආරක්ෂාකාරී බවය.
 
“මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා. මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා.”
 
“දැනට වාර්තාවෙලා තියෙන ආකාරයට ප්‍රධාන නගරවල මෙම නරක වායු තත්ත්වය වාර්තා වෙනවා. කොළඹ, යානපය, රත්නපුරය, පුත්තලම, මහනුවර, වව්නියාව ආදී නගරවල. “මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.”
 
“මේ අවස්ථාවේ වයස්ගත උදවිය, කුඩා දරුවන්, හෘද රෝගීන්, පෙනහලු රෝගීන් නිවෙස්වලින් පිටතට යෑම පුළුවන් තරම් සීමා කරනවා නම් හොඳයි.” යැයි අනිල් ජාසිංහ මහතා කියා සිටියි. 
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි. එය සෞඛ්‍යට අහිතකර මට්ටමක් ලෙස සැළකේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter