නවතම පුවත්

මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින්නැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට වී පසුවන්නේ නම් ආරක්ෂාකාරී බවය.
 
“මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා. මේ අවස්ථාවේ වාතයේ ගුණාත්මක තත්ත්වය තාවකාලිකව නරක අතට හැරිලා තිබෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළඟ නිසා.”
 
“දැනට වාර්තාවෙලා තියෙන ආකාරයට ප්‍රධාන නගරවල මෙම නරක වායු තත්ත්වය වාර්තා වෙනවා. කොළඹ, යානපය, රත්නපුරය, පුත්තලම, මහනුවර, වව්නියාව ආදී නගරවල. “මේ පරිසර තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.”
 
“මේ අවස්ථාවේ වයස්ගත උදවිය, කුඩා දරුවන්, හෘද රෝගීන්, පෙනහලු රෝගීන් නිවෙස්වලින් පිටතට යෑම පුළුවන් තරම් සීමා කරනවා නම් හොඳයි.” යැයි අනිල් ජාසිංහ මහතා කියා සිටියි. 
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි. එය සෞඛ්‍යට අහිතකර මට්ටමක් ලෙස සැළකේ.

මේ දිනවල මාලදිවයින තුළ අමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ඉදිකිරීම් රාශියක් සිදු කරමින් පවතින නිසා එහි වැඩි අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කඩිනමින් දෙරට අතර පුළුල් සාකච්ඡා වටයක් ඇරඹිය යුතු බව මාලදිවයිනේ උපජනාධිපති ෆයිසාල් නසීම් මහතා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවේ පවසා ඇත.

දැනටමත් එම ඉදිකිරීම් ව්‍යාපෘති තුළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගම් කිහිපයක් එම කටයුතුවල නියැළෙමින් සිටින බවද උපජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම උසස් අධ්‍යාපන හා තාක්ෂණික අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති උසස් අධ්‍යාපන ආයතන තවදුරටත් බිහි වන්නේ නම් එරටින් වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙරටට පැමිණ අධ්‍යාපනය ලැබීමට වැඩි කැමැත්තක් දක්වන බවත් උපජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

මාලදිවයිනේ උප ජනාධිපතිවරයා මේ අදහස් දක්වා ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පෙරේදා (03) පැවැති හමුවේදීය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා මාලදිවයින හරහා සංචාරකයක් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගෙන ඩොලර් අාදායම ඉහළ නංවා ගැනීමට ඉඩකඩ තිබෙන බවද මෙහිදී පෙන්වා දී ඇති උපජනාධිපතිවරයා, කලින් පවත්වාගෙන ගිය දෙරට අතර සෘජු ගුවන්වාර අවම වී තිබීම ඊට බාධවක් බවද සඳහන් කර තිබේ.

එසේම මාලදිවයින හා කොළඹ අතර අනෙකුත් ගුවන් සමාගම් අයකරන වැඩි වීමද ඊට බාධාවක්ව ඇති බවත්, පෞද්ගලික අංශයේ ගුවන් සමාගම් මෙරටට පැමිණීමට අවසර ඉල්ලා තිබුණත් එසේ අවසර නොලැබීමේ තත්ත්වය තුළ ඊට බාධාවන් මතුව තිබෙන බවද පෙන්වා දී තිබේ. 

උපජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම්, අධ්‍යාපන හා සංචාරක ක්ෂේත්‍රයන්හි පවත්නා ගැටලු පිළිබඳව ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කළ කරුණු පැහැදිලි කිරීමකට පිළිතුරු වශයෙනි.

මාර්ග සංවර්ධන අධිකාරිය හා මඟ නැඟුම වැනි ආයතන යටතේ ඉංජිනේරුවන් 700ක් සහ රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් 7000ක් සිටින බවත් ඔවුන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ අධිවේගී මාර්ග, මහාමාර්ග, පාලම්, විදුලි කණු සවිකිරීම්, සිල්පර කොටන් ඇතිරීම, ෆයිලින් වැනි ඕනෑම ක්ෂේත්‍රයක ඉදිකිරීම් සඳහා දායක විය හැකි බව ඇමැති, අාචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාව පසුගිය දා මුහුණ දුන් ආර්ථික පසුබෑම හේතු කොට ගෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්ගේ වැඩ කටයුතු බොහෝ දුරට ඇණ හිට ඇති බවත් ඔවුන් සතු මානව සම්පත්, උපකරණ, යන්ත්‍ර සූත්‍ර ඌණ උපයෝජනයකට ලක්ව ඇති මේ අවස්ථාවේ මාලදිවයිනේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඔවුන්ට අවස්ථාව ලබාදෙන්නේ නම් වගකීම් සහගතව එම කාර්යයන් ඉටුකිරීමට ශ්‍රී ලංකාවට ශක්තිය තිබෙන බවද ආචාර්ය, බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී තිබේ.

එමෙන්ම මෙරට පුහුණු ගුරුවරුන්ගේ හා තාක්ෂණික ශිල්පීන්ගේ හැකියාවන් මාලදිවයිනේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොදා ගත හැකි ආකාරය ගැන ද මෙහිදී අමාත්‍යවරයා හා උපජනාධිපතිවරයා අතර සාකච්ඡා සිදු කර ඇත. මේ සාකච්ඡාවෙන් අනතුරුව මේ වසර නිමවීමට පෙරාතුව මාලදිවයිනේ ව්‍යාපාරික ප්‍රජාවට මෙරට බලධාරීන් හා ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට එක් දින වැඩමුළුවක් තමන් මැදිහත්ව සංවිධාන කරන බව උපජනාධිපතිවරයාට පොරොන්දු වූ බවද ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දිනමිණට ඊයේ (04) පැවසීය.

ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය, නාවික හා ගුවන්තොටුපොළ, සංචාරක, නාගරික සංවර්ධන අමාත්‍යාංශ ඒකාබද්ධව එම වැඩමුළුව සංවිධාන කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට දිය හැකි ව්‍යාපාරික අවස්ථා ගැන ද එරට පෞද්ගලික අංශය දැනුවත් කිරීමට, මේ වැඩමුළුව කොළඹදී පැවැත්වීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීවේය.

ඒ සඳහා ඉහත අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර වැඩමුළුව පැවැත්වීමට කටයුතු සූදානම් කරන්නැයි ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතාට පෙරේදා (03) දිනයේම උපදෙස් දුන් බව ද ඇමැතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී ඊයේ (03) පස්වරුවේ පැවැත්විණි.
 
ශ්‍රී ලංකාවේ දේශපාලන හා විවිධ ක්ෂේත්‍රවල නියුතු නීතිඥවරුන් දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
සැමරුම් උත්සවයට සහභාගීවීමට පැමිණි ජනාධිපතිවරයාව නීතිඥවරුන් විසින් ඉතා හරසරින් පිළිගනු ලැබීය.
 
ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාෆා යන මහත්වරු උත්සව සභාව ඇමතූ අතර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය.
 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත්, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු රැසක් ද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ප්‍රමුඛ දේශපාලන ක්ෂේත්‍රය සහ නීති ක්ෂේත්‍රය නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත්වන එක්සත් ශ්රී ලංකාවක් ගොඩනැඟීමට සියලුබේද පසෙකලා 75 වන නිදහස් සංවත්සරය සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිතිවරවයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ කොළඹ ෂැන්ග්රිලා හෝටල් පරිශ්රයේ දී නීති වෘත්තිකයින් විසින් සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.
ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය පිළිගනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒකීය සහ එක්සත් භාවය බිඳ දමන ශ්රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික ගැටළුවලට එක්සත්ව විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙළක ඇරඹුම 75 වෙනි නිදහස් සැමරුමේදී සනිටුහන් කළ යුතු බවයි.
පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කළ පරිදි සියලුදෙනාගේ සහාය ඊට හිමිවුවහොත් එය අසීරු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලඥයින්ට පමණක් එය තනිව ඉටුකළ නොහැකි බවත්, නීතිඥයින් ඇතුළු වෘත්තිකයින්ගේ සහාය ඊට හිමිවිය යුතු බවත් සඳහන් කළේය.
රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගයන්ට අමතරව, සමස්ත ක්රමවේදය පිළිබඳව ජනතාවගේ ප්රශ්න කිරීම විශාල අභියෝගයක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව භුක්ති විඳින නිදහස තහවුරු කරන ව්යවස්ථාවක් සකස් කිරීම මෙන්ම ආණ්ඩු ක්රම ව්යවස්ථාපිත පාලනයකට එම නව වැඩපිළිවෙළ මගින් ඉඩ සැළසෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය. අතීතයේ සිදු වූ තුවාල ඔඩු දිවීමට ඉඩ නොතබා ඊට කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබීය.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතීඥ තිලක් මාරපන සහ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළ අතර නීතිඥ කුෂාන් ද අල්විස් මහතා ස්තුති කතාව කළේය.
ජ්යෙෂ්ඨ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, අමාත්යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ආර්. සම්බන්ධන්, අනුර ප්රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, උදය ගම්මන්පිල, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන,ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායකයන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අන්තර්ජාතික වශයෙන් රටේ ප්‍රතිරූපයට විශාල හානියක් පසුගිය සමයේ සිදු වූ බවත් එය නිවැරදි කිරීම වෙනුවෙන් මාධ්‍යයට විශාල වගකීමක් ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි. 
 
කිසිදු මාධ්‍යයක් මර්ධනය කිරීමට රජය සූදානම් නැතැයි ද 2023 අයවැය කාරකසභා අවස්ථාවේ පස්වන දිනය වන අද(28) ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
 
උසස් මාධ්‍ය සංස්කාතියක් ඇති කිරීමේ වැඩපිළිවෙළ තවත් පුළුල් ලෙස සංවාදයට ලක් කර ස්වයං පාලනයක් සහ මාධ්‍යවේදින්ගේ වෘත්තීමය තත්වය ඉහළට ගෙන ඒම සඳහා ද රජය කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
 
රට වැටී තිබෙන තත්වයට අනුව රටේ කීර්තිනාමයට විශාල හානියක් විදේශිකයින් තුළ තිබෙනවා.මාර්ග අවහිර වීම, පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වීම , මෙරටට සංචාරය සඳහා පැමිණි විදේශිකයින්ගෙන් පවා හැඳුනුම්පත් ඉල්ලීම වැනි පසුගිය අරගල සමයේ සිදු වූ ක්‍රියාකාරකම් පිළිබ ඳ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ විදෙස් මාධ්‍යයන්හි මුල් පිටුවල ප්‍රචාරය වී තිබෙනවා.මේ හේතුව නිසා රටේ ප්‍රතිරූපය විශාල වශයෙන් කඩා වැටී තිබෙනවා.මෙම රට ම්ලේඡ මිනිසුන් සිටින රටක් වශයෙන් නැවත නැවතත් ලෝකයේ ප්‍රචාරය වීම සුදුසු නැහැ.ඒ අනුව රටේ ප්‍රතිරූපයට හානි නොවන ලෙස සමාජ මාධ්‍ය හෝ ඕනෑම මාධ්‍යයක් හැසිරිය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.
 
හොරකම දූෂණය සහ වංචාවෙන් තොරව තම අමාත්‍යංශය මෙහෙය වීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පාඩු පිට පාඩු ලබන බවට චෝදනා එල්ල වුව ද පසුගිය මාස කිහිපයේදී එය ලාභ ලබන තත්ත්වයට පත්ව ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කළේය.

ඔක්තෝබර් මාසයේ රුපියල් මිලියන 25ක් ද නොවැම්බර් මාසයේ රුපියල් මිලියන 30ක ද ලාභයක් ලබා ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

අය-වැය තුන්වැනිවර කියවීමේ විවාදයේදී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන් විජයලාල් මහතා මතු කළ කරුණකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා -

රාජ්‍ය බලපෑම නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන දුර්වලව ඇති බව පැවසුවා. එය වර්තමානයට අදාළ නැහැ. ඒ ආයතනවලට පූර්ණ නිදහස ලබා දී තිබෙනවා. ස්වයං මූල්‍ය උත්පාදන ආයතන ලෙස කටයුතු කිරීමේදී රජය බලපෑමක් කරන එකත් හොඳ නැහැ. පෞද්ගලික මාධ්‍ය හා රාජ්‍ය මාධ්‍ය ප්‍රවෘත්ති සමානයි. විපක්ෂයටත් විශාල වේලාවක් වෙන් කර තිබෙනවා ඔවුන්ගේ කරුණු ප්‍රචාරය සඳහා. මේ ආයතන පාඩු ලැබීමට හේතුවක් වනුයේ සේවකයන්ගේ වැඩි ප්‍රමාණය සහ පසුගිය කාලයේ කොවිඩ් නිසා සිදු වූ බලපෑම. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති සමාගම පාඩු පිට පාඩු ලබන බවට චෝදනා ඉදිරිපත් වුණා. සතුටින් කිව හැකියි එහි සභාපතිවරයා ඇතුළු සේවක පිරිසගේ කැපවීම මත මේ ලාභය ලබා තිබෙනවා. ඔක්තෝබර් මාසයේ මිලියන 25 ක්, නොවැම්බර් මාසයේ මිලියන 30ක් දක්වා ලාභය දැන් වැඩි වෙලා තිබෙනවා. දෙසැම්බර් ටිකක් අඩු වෙයි. රටේ පැවැති තත්ත්වයත් සමඟ තමයි ඒ ඒ ආයතන පාඩු ලැබීම් සිදු වුණේ. මාධ්‍යවේදීන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ද කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ට රක්ෂණාවරණයක් ලබාදීමට ද කටයුතු කරනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ද අවශ්‍ය සුබසාධන කටයුතු ලබාදීමට පියවර ගන්නවා.

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් නොව මාධ්‍යයේ දායකත්වය ද අවශ්‍ය බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය බවද ශාන්ත බණ්ඩාර අමාතයවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වයං මූල්‍ය උත්පාදන ආයතන බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

2023 අයවැය කාරකසභා අවස්ථාවේ පස්වන දිනය වන අද ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය..

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ශක්තිමත් කර, ආර්ථික අර්බුදයේ දී කොයි ආකාරයට කටයුතු කරන්නේ කෙසේ ද කියලා ගමට යන වැඩපිළිවෙලක් සකස් කළ යුතු වෙනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජතික මාධ්‍ය මධ්‍යස්ථානය ශක්තිමත් කළ යුතු යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජාතික අර්බුදයක් අවස්ථාවේ දී ,දේශපාලඥයින් රාජ්‍ය නිලධාරින් සහ ආයතන, ජනතාව කටයුතු කළ යුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජනතාව තවදුරටත් දැනුම්වත් කිරීම සඳහා එම ආයතන තවදුරටත් ශක්තිමත් කළ යුතුයි.

ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ගමට ගෙන යා යුතුයි. පසුගිය සමයේ ජාත්‍යනතරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති වූ කලු පැල්ලම් මකා දැමීම සඳහා මාධ්‍ය හා එක්ව කටයුතු කරන බවත් කීය. ඉදිරියේදී නව විකාශන පනතක් කෙටුම්පත් කරන බවද රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

''ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ආයතන 15ක් තිබෙනවා. මෙම ආයතන 15 මගින්ම සන්නිවේදන ක්ෂේත්‍රයේ විශාල කාර්ය භාරයක් සිදු කරනවා.
මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් මෙම සභාවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම චෝදනා එල්ල කළා. වර්තමානයේ කොයි මාධ්‍යවේදියාට මරණ තර්ජනය කළේ, පැනට බාධා කළේ, අඳහස් දැක්වීමට බාධා කළේ. වර්තමානයේ එවැනි දෙයක් සිදු වී නැ. අරගලය මුවාවෙන් අනවශ්‍ය විදියට දේපළ වලට හානි කරමින් කටයුතු කරන්න එපා කියලයි ජනාධිපතිවරයා කීවේ.ඕන අයකුට නිදහස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්, උදේඝෝෂණ පවත්වන්න පුළුවන් .

රාජ්‍ය මාධ්‍ය ආයතන සහ පෞද්ගලික වශයෙන් වෙන් වීමක් අවශ්‍ය නැහැ. අද කවුරුත් ජාතික රූපවාහිනියට ස්වාධීන රූපවාහිනියට චෝදනා කළේ නැහැ.අද එම ආයතනයන්ට ඉතා ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දීලා තිබෙනවා. දේශපාලන ඇගිලි ගැසීමක් නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකේම එක සමාන වාර්තාකරණයක් තමයි සිදුවෙන්නේ.

එම ආයතන මූල්‍ය උත්පාදනයත් සමග අනෙක් ආයතන සමග තරඟකාරීව ඉදිරියට යමින් තිබෙනවා.ජාතික රූපවාහිනියත් එහෙමයි. අලාභ ලැබුවත් ගුණාත්මක බව ආරක්ෂා කරගෙන තිබෙනවා. ජාතික රූපවාහිනියේ අලාභ ලබන තත්වය නැති කිරීමට කටයුතු කිරිමට සභාවතිවරයා කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන බවත් කීය. කවුරු රජයේ සිටියත් එම ආයතන ආරක්ෂා කිරීමට අප බැඳ සිටිනවා.

මුදුණ දෙපාර්තමෙන්තුවත් යම් අලාභයක් පිට යනවා. ඒ සඳහා මේ වන විට කටයුතු කරමින් සිටිනවා. නව තාක්ෂණයෙන් යුතු සිව් වර්ණ මුද්‍රණ යන්ත්‍රයක අවශ්‍යතාවයක් තිබෙන බවත් එම අවශ්‍ය මැෂින් ඉදිරියේදී ලබා දීමට කයයුතු කරන බවද කීය. පෙළ පොත් මුද්‍රණය කිරීමේදී දෙපාර්තමේන්තුව ශක්තිමත් වනවා සේම එමගින් විශාල සේවයක් ලැබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවෙන්ද විශාල සේවයක් සිදු වෙනවා. මන්ත්‍රීවරු සඳහා නිදහස් තැපෑල ලැබෙනවා. අමාත්‍යංශ වලට නිදහස් තැපැල් දෙපාර්තමේන්තුව නොමිලේ සේවය ලබා දෙනවා. තැපැල් කටයුතු ක්‍රමවත් කිරීම සඳහා වසර 2023 ප්‍රමුඛ කාර්යයක් ලෙස තැපැල් ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා. නව්‍යකරණ වැඩපිළිවෙළකට තැපැල් දෙපාර්තමේන්තුව ගෙන යා යුතුයි.ඒ වෙනුවෙන් අමාත්‍යංශය කටයුතු කරනවා. නව්‍යකරණ සහ නවෝත්පාදන වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා'' යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

 
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද සමන් ඒකනායක මහතා පැවසීය.
මෙම සංවර්ධන ක්රියාපිළිවෙතෙහි අවසාන ප්රතිලාභීන් පෞද්ගලික අංශයේ කර්මාන්ත වන බැවින් ඊට නිර්මාණශීලීව දායකවන ලෙස ද ජනාධිපති ලේකම්වරයා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ට ආරාධනා කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම අදහස් පළ කළේ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව වෙළෙඳ මණ්ඩල සහ කර්මාන්ත උපදේශක කමිටු දැනුවත් කිරීම සඳහා පසුගිය 16දා මුදල් අමාත්යාංශයේ දී පැවැති සාකච්ඡවේදී ය.
මුදල් අමාත්යාංශයේ ලේකම්, විදේශ කටයුතු, වෙළඳ සහ කර්මාන්ත යන අමාත්යාංශ ලේකම්වරුන් සහභාගී වූ මෙම සාකච්ඡාවට ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සාමාජිකයින්ද එක්ව සිටියහ.
ගෝලීය වෙළඳාම අද වනවිට එහි ගතානුගතික සීමාවන් අභිබවා ගෝලීය නිෂ්පාදන ජාලයන් දෙසට නැඹුරු වී ඇති අතර තවමත් ශ්රී ලංකාවට ඊට අනුගත වෙමින් එහි ප්රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් සැපයුම් ධාරිතාව වර්ධනය සහ වෙළෙදපොළ ප්රවේශය පුළුල් කර ගැනීම යන කරුණු දෙකම දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අත්යාවශ්ය බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව සිංගප්පූරුව සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම ක්රියාත්මක කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති අතර ආයෝජන වෙළෙඳ අන්තර් – සම්බන්ධතාව හරහා භාණ්ඩ හා සේවා වෙළෙඳාමට ප්රතිලාභ ලබාදීම සඳහා සෘජු විදේශ ආයෝජන විශාල ලෙස ආකර්ශණය කරගත හැකි ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ නිදස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජය මේ වන විට මූලික පියවර ගෙන ඇත.
ඇණහිට ඇති මෙම සාකච්ඡා නැවත පණ ගැන්වීම සඳහා අමාත්ය මණ්ඩලය විසින් දැනටමත් වෙළඳ සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර මෙම ගිවිසුම් අවසානයේ දී ලෝක ආර්ථිකයෙන්, වෙළඳාමෙන් හා ජනගහනයෙන් 30% ක හිමිකාරිත්වයක් සතු කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්රී ලංකාවට මාවත විවර කර දෙනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, දේශීය ආර්ථිකය තුළට ණය නොවන ගලා ඒම්හි මෙන්ම අපනයන නිෂ්පාදන හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
එසේම 2023 අයවැය යෝජනාවක් ලෙස, සියලුම ජාත්යන්තර වෙළඳ සාකච්ඡා සිදු කිරීම සඳහා ස්ථාපිත කිරීමට යෝජිත, ජාත්යන්තර වෙළඳ කාර්යාලය (ITO) සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ මුදල් අමාත්යාංශ ලේකම්වරයා මෙම සාකච්ඡා ක්රියාවලියේ දී වාණිජ මණ්ඩල සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීමේ අවශ්යතාව ද පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ප්රකාශ කළේ මෙම වෙළෙඳ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට විදේශ දූත මණ්ඩල සහ රාජ්ය තාන්ත්රික මෙහෙයුම් යාන්ත්රණය පූර්ණ සූදානමකින් පසුවන බවයි.
රජයේ සැලැස්මට අනුව යෝජිත ආයතනික යාන්ත්රණය නිසි ලෙස ස්ථාපිත වූ පසු එය විදේශ කටයුතු අමාත්යාංශය යටතට පත් කෙරනු ඇති අතර ඒ හරහා ජාත්යන්තර වෙළෙඳ සාකච්ඡා සිදු කෙරෙනු ඇති බව ඇය සඳහන් කළාය.
පෞද්ගලික අංශයේ නියෝජිතයන්ද ඉතා උනන්දුවෙන් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ශ්රී ලාංකික අපනයනවලට විදේශ වෙළඳපොළ පුළුල් කර ගැනීම් සහ පවත්නා වෙළඳපොළ රැක ගැනීමේ යෝජනා පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීමේ අවශ්යතාව ඕවුහු පෙන්වා දුන්හ.
අපනයන භාණ්ඩ සඳහා තීරුබදු ඉවත් කර ගැනීමට සමගාමීව කෝටා සීමාවන්, ප්රමිති පරීක්ෂා කිරීම සඳහා අවශ්ය රසායනාගාර පහසුකම්, අන්යොන්ය ප්රමිතීන් හඳුනාගැනීමේ ගිවිසුම්වලට එළැඹීම වැනි අපනයනකරුවන් ප්රායෝගිකව මුහුණ දෙන තීරු බදු නොවන අනෙකුත් ගැටළු කෙරෙහි ද මෙම ගිවිසුම් මගින් අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.
එසේම වෙළෙඳ සාකච්ඡා ක්රියාවලිය පුරාවටම පුද්ගලික අංශය සමඟ නිරන්තර පුළුල් සංවාදයක් අදාළ රාජ්ය ආයතන හරහා පවත්වන බවට ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව මෙහිදී තහවුරු කරන ලදී.

 
2024 වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්යාපාරය ව්යාප්ත කරමින් එහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා වැඩි කර ගැනීමට අවශ්ය පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
මේ සඳහා අධ්යාපන අමාත්යාංශයේ සහ යෞවන කටයුතු අමාත්යාංශයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ශ්රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්රදානය කිරීම අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්රිත් ප්රනාන්දු මහතා විසින් නිල කර ලේන්සුව හා ප්රධාන බාලදක්ෂ පදවියට අදාළ පත්වීමේ අක්තපත්රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
බාලදක්ෂ ව්යාපාරයේ වර්තමාන ප්රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 75 වන නිදහස් සැමරුම සඳහා බාලදක්ෂ ව්යාපාරයේ පූර්ණ දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.
ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක වන පරිසරය සම්බන්ධ වැඩසටහන්වලට එක්වන ලෙස ද ජනාධිපතිවරයා බාලදක්ෂ, බාලදක්ෂිකාවන් වෙත ආරාධනා කළේය.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයට අනුබද්ධ හෝමාගම දිසා ශාඛාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් වූ සමරු පදක්කම පෝතක බාලදක්ෂිකා තිතුලු කත්යා දැරිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබුවාය.
ඊට අදාල සමරු කලාපය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්රිත් ප්රනාන්දු, නියෝජ්ය ප්රධාන කොමසාරිස් එම්.එස්.එස්. මුහීඩ්, විධායක කමිටු සභාපති රන්සිරි පෙරේරා ඇතුළු නිලධාරීන්ද, හෝමාගම බාලදක්ෂ දිසා කොමසාරිස් ආචාර්ය අනිල් පෙරේරා, නව දිසා කොමසාරිස් කේ.ඒ. චන්ද්රපද්මා, සහය දිසා කොමසාරිස් සුරංග හඳපාන්ගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

– විදුලිබල ක්ෂේත්රයේ පර්යේෂණ හා අනාගත තාක්ෂණික හඳුනා ගැනීම් සඳහා මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්යාලවල විශේෂඥ සහාය ඇතිව විශේෂ පර්යේෂණ මධ්යස්ථානයක්
– තලෛමන්නාරම ජැටිය ජනපතිගේ නිරීක්ෂණයට
ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්රජන් ව්යාපෘතියක්, වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්යාපෘති ස්ථාපිත කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති විභව ප්රධාන විදුලිබල ජාලයට එක් කිරීම පිළිබඳවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
මන්නාරම, තම්බපවනී සුළං විදුලි බලාගාරය අද (20) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙරට පුනර්ජනනීය බලශක්ති විභව සහ එහි වත්මන් ප්රගතියත්, ඉදිරි දස වසරක සැලසුම් පිළිබඳවත් විෂයභාර ආයතන වන ලංකා විදුලි බල මණ්ඩලය හා පුනර්ජනනීය බලශක්ති අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සහ හරිත හයිඩ්රජන් ව්යාපෘති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
කොළඹ, හම්බන්තොට සහ ත්රිකුණාමල වරායන්වල හරිත හයිඩ්රජන් තාක්ෂණය ඉදිරියේ දී බලගැන්වීමටත්, වහාම ධීවර බෝට්ටු සඳහා හරිත හයිඩ්රජන් බලශක්ති ක්රමවේදය හඳුන්වාදීම මගින් රටේ ආර්ථිකයේ මෙන්ම උතුරේ ආර්ථිකයේ ද සුවිශේෂී වෙනසක් ඇති කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
උතුරු පළාතේ ඉදි කෙරෙමින් පවතින මුහුදු ජල පවිත්ර කිරීමේ කර්මාන්ත ශාලාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. එවැනි ව්යාපෘති මගින් ඉදිරියේ දී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට වන ඝනත්වය ආරක්ෂා කර ගනිමින් ජල මූලාශ්ර රැක ගැනීමේ අවශ්යතාව ද පැහැදිළි කළේය.
කුඩා ජල ව්යාපෘතිවලට ප්රමුඛත්වය දීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කුඩා ජල ව්යාපෘති බවට පත්කළ හැකි වාරි ඇළ මාර්ග හඳුනා ගැනීමට ද නිලධාරීන්ට උපදෙස් දුන් අතර ගෝලීය උණුසුම ඉහළ යාමේ ගැටලු එමඟින් අවම කර ගත හැකි බව පැවසීය.
මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්යාලවල සහාය ඇතිව බලශක්ති ක්ෂේත්රයේ අනාගත තාක්ෂණයන් හා ක්රමවේද හඳුනාගැනීම සහ පර්යේෂණ කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
ධීවර හා ජලජ සම්පත් අමාත්ය ඩග්ලස් දේවානන්දා, විදුලිබල හා බලශක්ති අමාත්ය කාංචන විජේසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්යාගරාජා, ග්රාමීය ආර්ථික රාජ්ය අමාත්ය කාදර් මස්තාන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ සභාපති, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්යාධිකාරී, මන්නාරම දිස්ත්රික් ලේකම් ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
මින් අනතුරුව තලෛමන්නාරම ජැටිය නිරික්ෂණයට එක් වූ ජනාධිපතිවරයා මන්නාරම් කලාපීය සංවර්ධන සැලැස්ම යටතේ ජැටිය ප්රතිෂ්ඨාපනය කිරීම සහ ඉදිරි භාවිතය පිළිබඳවද නාගරික සංවර්ධන අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, මධ්යම පරිසර අධිකාරිය සහ නාවික හමුදා නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් විය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter