නවතම පුවත්

 

• අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කරගත යුතුයි.
• ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන ප්රතිපත්ති අනුව යමින් ශ්රී ලංකාව ඉදිරියට ගෙන යනවා.
• ජන සභා කෙටුම්පත පාර්ලිමේන්තුවට.
• ජනවාර්ගික ප්රශ්නය විසඳීම පිළිබද මෙම වසර අවසන් වන විට එකඟතාවකට පැමිණීම අපේක්ෂාවයි – එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුමට සුබපැතුම් එක් කරමින් ජනපති පවසයි

 
වසර 2022 තුළ මෙරට ප්රධාන වශයෙන් සිදු වූ සමාජ ආර්ථික අර්බුද 18ක් හේතුවෙන් ඍණ සියයට 7.8ක් වූ ශ්රී ලංකා ආර්ථිකය ඉන් මුදා ගැනීමට රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ප්රතිපත්තිමය ක්රියාමාර්ගවල හේතුවෙන් මේ වන විට අංශ 10කින් වර්ධනකාරි තත්ත්වයක් වාර්තා කරමින් සිටින බව ශ්රී ලංකා මහ බැංකුව කියයි.
ශ්රී ලංකා ආර්ථිකය නිදහසින් පසු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වඩාත් අසීරුතම කාලපරිච්ඡේදය ලෙස හැඳින්වෙන වසර 2022 දී ආර්ථික වර්ධනය මෙලෙස ඍණ 7.8%කින් හැකිළී තිබේ.
වසර 2022 තුළ මෙරට සිදු වූ සමාජ ආර්ථික අර්බුද පැහැදිලි කරන මහ බැංකුව වසර කිහිපයක් පුරා ඇති වූ අඩු ආර්ථික වර්ධනය, ණය ශ්රේණිගත කිරීම් පහත වැටීම සහ විදේශ මූලනය සඳහා සීමිත ප්රවේශය, ඉහළ උද්ධමනය, බදු ආදායම් පහත වැටීම, විදුලි කප්පාදුව, ඉන්ධන සහ ගෑස් හිඟය, උග්ර වූ සමාජ නොසන්සුන්තාව සහ දේශපාලන කැලඹීම්, කාබනික නොවන පොහොර ආනයන තහනම් කිරීම සහ තවත් අර්බුද නිසා ආර්ථිකය හැකිලුණු බව කියයි.
එම තත්ත්වයෙන් මිදී මේ වන විට රජය සහ මහ බැංකුව ගනු ලැබූ ප්රතිපත්තිමය ක්රියාමාර්ගවල ප්රතිඵල ලැබීම ආරම්භ වී ඇති අතර, ජාත්යන්තර මූල්ය ආයතනවල සහාය ලැබෙන තෙක් ක්රියාත්මක කළ වැඩපිළිවෙළට අනුව සමතුලිතතාවකට ළඟා වීමට සමත් වී ඇතැයිද කියයි.
වසර 2021 ජනවාරි 3.0%ක් වූ මතුපිට උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ 12.1%ක් විය. එය 2022 සැප්තැම්බර් මාසයේ 69.8%ක් විය. මේ වසරේ මාර්තු මාසය වනවිට 50.3% දක්වා අඩු වී ඇත.
වසර 2021 දෙසැම්බර් අවසානය වනවිට එක්සත් ජනපද ඩොලරයට ගෙවූ ශ්රී ලංකා රුපියල් ප්රමාණය රුපියල් 200.43ක් විය. එය 2022 දෙසැම්බර් අවසානයේදී රුපියල් 363.11ක් විය. මේ වනවිට එනම් 2023 මාර්තු වනවිට ඒ සඳහා ගෙවන රුපියල් ප්රමාණය 327.29 දක්වා අඩු වී ඇත.
මෙවැනි තත්ත්වයක් ඇතුළු තවත් යහපත් ප්රතිඵල 10ක් ගත වූ අසීරු සහ අභියෝගකාරී සමයේ ගත් ප්රතිපත්තිමය තීන්දු මත ලැබෙමින් පවතියි. උද්ධමනය පහළ යෑම, නිල සංචිතය ගොඩනැඟීම, වෙළෙඳ පොළ මත තීරණය වන විනිමය අනුපාතිකය, වසර 2023 අගදී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් අපේක්ෂා කිරීම, ප්රාථමික ශේෂය වැඩිදියුණු වීම, මූල්ය පද්ධතිය ස්ථායිතාවය ඇති වීම, ජංගම ගිණුම සහ වෙළෙඳ ශේෂය වැඩි දියුණු වීම, පොලී අනුපාතවල අවදානම් අධි මිල අඩු වීම, ණය ප්රතිව්යුහගතකරණ වැඩපිළිවෙළ කඩිනම් වීම සහ මේ වසරේ මාර්තු මාසයේදී අයි.එම්.එෆ්. ණය මුදල අනුමත වීම එම යහපත් ප්රතිඵල බව මහ බැංකුව කියයි.
ශ්රී ලංකා මහ බැංකුවේ වසර 2022 වාර්ෂික වාර්තාව මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් මහතා විසින් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්රතිපත්ති ඇමැති රනිල් වික්රමසිංහ මහතා වෙත ඊයේ (27) පිළිගන්වන ලදී.
එලෙස පිළිගැන්වූ වාර්ෂික වාර්තාව මඟින් ශ්රී ලංකාවේ ආර්ථිකයේ ක්රියාකාරීත්වය පිළිබඳව සාරාංශයක් නිකුත් කරමින් මහ බැංකුව මෙසේ ද කියා සිටී.
ආර්බුදකාරි වතාවරණය හමුවේ ශ්රී ලංකා ආර්ථිකය පෙර නොවූ විරූ පහත වැටීමකට පත්ව ඇත. වසර 2019 සිට පිළිවෙලින් ඉදිරියට ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්රී ලංකාව වසර 2019 දී ඍණ 0.2%ක් වූ ආර්ථිකය 2020දී ඍණ 4.6%ක් විය. වසර 2021දී එය ඍණ 3.5%ක් විය. වසර 2022දී ඍණ 7.8%ක් බව මහ බැංකුව කියයි.
වසර 2022 දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම වෙළඳපල මිල අනුව රුපියල් බිලියන 24,148ක් නැතිනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 77.1කි. මෙරට ඒක පුද්ගල දළ
May be an image of signboard, banner, terminal and text that says "இ லங்கை CENTR L BANK UF மததி"
 
 
 
දේශීය නිෂ්පාදිතය රුපියල් 10,88667කි. එක්සත් ජනපද ඩොලර් 3474කි.
ශ්රී ලංකාවේ ආර්ථිකය දරණු ලෙස බිඳවැටීම කෙරෙහි දිගු කලක් මුළුල්ලේ පවතින අයවැය හිඟය සහා විදේශ ජංගම ගිණුමේ හිඟය යන හිඟයන් දෙක හා ගෝලිය සහ දේශීය මූලාශ්ර මඟින් පැනනැඟුණු අවදානම් රාශියකට මුහුණ දීම හේතු වී ඇත. නුසුදුසු කාලයකදී සිදු කළ බදු අඩු කිරීම්, කිසිඳු පූර්ව සූදානමකින් තොරව කාබනික කෘෂිකර්මාන්තය වෙත කඩිනමින් යොමු වීමට ගනු ලබන ක්රියා මාර්ග, නොකැළැල් ණය සේවා කරන වාර්තාවක් එලෙසම පවත්වා ගැනීමෙන් නිරර්ථක උත්සාහයන් මැද රටේ නිල සංචිතය අඩුවීම, විනිමය අනුපාතිකයෙහි ගැළපීම් ප්රමාද වීම මෙන්ම පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි අවදානය යොමු නොකිරීම යන ආදිය හේතු කොට ගෙන සමස්ත ආර්ථිකයට අතිවිශාල කම්පන සිදු විය.
එහි ප්රතිඵලයක් ලෙස උග්ර විදේශ විනිමය ද්රවශිලතා හිඟයක් සහ විනිමය අනුපාතිකය මත ගෙවුම් ශේෂ පීඩනය ඉහළ යාම, ජීවනෝපායන් විශාල ලෙස අහිමි වීම මැද උද්ධමනය අඛන්ඩව ඉහළයාම හා ආර්ථික ක්රියාකාරකම් මන්දගාමී වීම, රාජ්ය මූල්ය අසමතුලිතතා විශාල වීම, රාජ්ය ණය තිරසාර නොවන මට්ටම කරා ළඟා වීම සහ අවදානම් අයුරින් අධි මිල ගණන් ඉහළ යාම, ස්වෛරීත්වය ණය ශ්රේණිගත කිරීම් දැඩි ලෙස පහත වැටීම හේතුවෙන් විදේශ ණය මූලයන් වෙත වූ ප්රවේශයන් සීමා වීම, සමාජ ආර්ථික සමාජ දේශපාලන අර්බූදය පෙර නොවූ අන්දමින් උත්සන්න වීම සහ ව්යාපාරික විශ්වාසය සීඝ්රයෙන් පහළ යාම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් ආර්ථිකය දැඩි බලපෑමකට ලක් විය. මෙලෙස දැඩි බලපෑමකට ලක් වූ ආර්ථිකය ඉන් මුදා ගැනීම සඳහා විශ්වාසනීය සහ විනිවිඳභාවයෙන් යුතු ප්රතිපත්තිමය ක්රියාමාර්ග මඟින් අර්බුදය තවදුරටත් උග්රවීම වැළැක්වීම රජය සහ මහ බැංකුව වසර 2022දී ප්රතිපත්තිමය ක්රියාමාර්ග සහ ප්රතිසංස්කරණ ගණනාවක් සාර්ථකව සිදු කොට ඇත.
නිදහසින් පසු මෙරට ඉතිහාසය මුළුල්ලේම මෙවැනි සාර්ව ආර්ථික අර්බුද නැවත නැවත අත්විඳ ඇතත්, රටක් වශයෙන් තාමත් අවබෝධ කර ගැනීමට අපොහොසත් වූ බොහෝ පාඩම් පිළිබඳව 2022 වසරේදී ඇති වූ සමාජ ආර්ථික අර්බුදය මඟින් අවධාරණය කර ඇතැයිද මහ බැංකුව කියයි.
දත්ත මත පදනම් වූ ප්රතිපත්ති සම්පාදනය කිරීමේ අවශ්යතාවය, නිසි සැළැස්මකින් තොරව සිදු කරනු ලබන ප්රතිපත්ති අත්හදා බැලීම්වල අහිතකර බලපෑම්, ඉදිරි දැක්මක් නොමැති ජනප්රිය ප්රතිපත්තිවල අයහපත් සුබසාධන බලපෑම්, ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේ ප්රමාදවීම්, සාක්ෂි පදනම් කරගත් ප්රතිපත්ති විශ්ලේෂණ නොසළකා හැරීම්, මනාව ස්ථාපිත ආර්ථික මූලධර්ම පිළිබඳව අවදානය යොමු නොකිරීම, විශේෂඥ අදහස් නොසලකා හැරීම්වල ඇති පිරිවැය යනාදිය ගැන ආර්ථික අර්බුදය මඟින් නැවතත් අවධාරණය කර ඇත.
එබැවින් ක්රියාත්මක කිරීමට ප්රමාද වූ ව්යුහාත්මක ප්රතිසංස්කරණ එකවර සිදුවීම් තුළින් පැන නැගුණ පිරිවැය සාමාන්ය ජනතාවට සහ ව්යාපාරවලට විශාල වශයෙන් දැරීමට සිදු විය.
පසුගිය දශක 7 ½කට වැඩි කාලයක් පුරාවට ආර්ථිකය තුළ මුල් බැසගත් ව්යුහාත්මක ගැටලු විසඳීම සඳහා මේ තීර්ණාත්මක අවස්ථාවේදී අත්යවශ්ය ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් දිගින් දිගටම මූල්ය සහනාධාර ලබාගැනීමට සිදු වීම, දිගින් දිගටම විදේශ ණය මත යැපීමට සිදු වීම යන අයහපත් පීඩනයන්ට රටටත් ජනතාවටත් මුහුණදීමට සිදු වනු ඇත.
එබැවින් වත්මන් අර්බුදයෙන් අත්මිඳීම සඳහා ශ්රී ලංකාව දරන ප්රයත්නය තුළ ජාත්යන්තර මූල්ය අරමුදලෙහි විස්ථිරණ ණය පහසුකම යටතේ ක්රියාත්මක වන වැඩ සටහනේහි සඳහාන් ප්රතිපත්තින්ද ඇතුළත්ව ස්ථාවර සහ මනා ලෙස සම්බන්ධිකරණය කළ ප්රතිපත්ති ඉදිරි කාලයේදී යළිත් අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා කාලෝචිත ලෙස ක්රියාත්මක කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව වෙත පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය. https://www.cbsl.gov.lk/.../economic-and-financial-reports/a...

May be an image of 6 people, dais, office and text

 

 

ශ්රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්ය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ඊයේ (27) මුදල් අමාත්යාංශයේදී පිළිගන්වනු ලැබූ අවස්ථාව. මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්යක්ෂවරුන් වන ආචාර්ය එස්. ජෙගජීවන් සහ ආචාර්ය එල්.ආර්.සී. පත්බේරිය මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ලෝක සම්මත බැංකු මූලධර්ම අනුව ක්‍රියාත්මක වන ආයතනයක් හෙයින් එම ආයතනය සමඟ ගිවිසුම් ගතවීමේදී ක්‍රියාත්මක විය යුතු නියමිත පිළිවෙලක් ඇති බවත්, මෙරට උපයන විට ගෙවිමේ බදු සම්බන්ධයෙන් කවර ඉල්ලීමක් කළද එවැනි ඉල්ලීම්වලට අවිධිමත් ලෙස අවසර දීමක් සිදු නොවන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ උපයන විට ගෙවිමේ බදු අඩු කරන්නැයි ඉල්ලමින් මේ වන විට විවිධ පර්ශව ආණ්ඩුවට කරන බලපෑම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

ජාත්‍යන්තරයට ගෙවිය යුතු ණය සහ පොලිය ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම මේ වන විට මෙරටට ඇති  ප්‍රධාන ඉලක්කයක් බවත්, එය සකසගෙන එතුළින් ඇතිවන ආර්ථික තිරසරබව සමඟ ඉදිරියේදී සහනයක් ලබාදිය හැකි නම් පළමු අවස්ථාවේදීම රාජ්‍ය සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බදු සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට සාකච්ඡා කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.    

මෙම අසීරු අවස්ථාවේදී රට සම්පුර්ණයෙන් කඩාවැටීමෙන් මිදීම සඳහා වෙනත් විකල්පයක් නොමැති අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ක්‍රියා කළ බවත්, දීර්ඝ සාකච්ඡා වටයකින් අනතුරුව සහාය ලැබුණු එම ආයතනයේ පළමු කොන්දේසි තුළ කළයුතු තවත් බොහෝ දේ ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

ඉන්දියන් රජයෙන් ලබා දී ඇති බස් රථ 500 හි කාර්මික දෝෂ තිබෙන බවට ලංගම සභාපතිවරයා දැනුම් දීමක් කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය‍.

මේ සඳහා කිසිදු දේශපාලන මැදිහත් වීමක් නොවූ බවත්, ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර ඉතාම විනිවිද ආකාරයෙන් තාක්ෂණික කමිටු, ප්‍රසම්පාදන කමිටු පත් කර මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි සමයේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස්රථ 500 ක් මෙරටට ගෙන්වීමට පිළිවිතරයන් සකස් කර තිබේ. එහෙත් මෙරට තිබුණු අර්බුදකාරී තත්ත්වය හමුවේ සාදා නිමකරන ලද බස් නැවත නොගැනීමට කටයුතු නොකිරීම ගැටලුවක්ව පැවති නිසා තානාපති කාර්යයාල සමඟ සාකච්ඡා කර තමන් ප්‍රවාහන අමාත්‍යධුරය භාරගත් පසු මෙරට 75 වන නිදහස් දිනයට සමගාමීව එම බස්රථ 500 පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව එක් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, එදින සිට සෑම දිස්ත්‍රික්කයකම මෙම බස්රථ ධාවනය කෙරෙන බවත්, එහෙත් ඇතැමුන් නව බස්රථ ග්‍රාමීය ප්‍රදේශ වල ධාවනය වීම සම්බන්ධයෙන් ඇතැම් ඊර්ශ්‍යා සහගත ප්‍රකාශ සිදු කරමින් සිටින බවටත් හෙතෙම පැවසීය.

 
  

 

   Bandula flays officials of Finance Ministry, CBSL for blocking development  work – The Island

 

දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත් මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් අරමුණු කර ගනිමින් නානුඔය සිට නුවරඑළිය ඔස්සේ උඩුපුස්සැල්ලාව දක්වා විදුලි දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, නුවරඑළිය ඇතුළු මධ්‍යම සංචාරක කලාපයේ ගමනාන්ත වෙත වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා විදුලි දුම්රිය මාර්ගය කඩිනමින් ආරම්භ කරන බවය.

පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ඉදිකර ක්‍රියාත්මක කර පැවරී යන ක්‍රමවේදය (බී.ඕ.ටී.) යටතේ ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා සුදුසු ආයෝජකයකු යොදා ගන්නා බවත් ය.


මෙම දුම්රිය මාර්ගය ලොව හයවන උසම දුම්රිය ස්ථානය වන කඳපොල දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය ස්ථාන ගණනාවකින් සමන්විත බව පෙන්වා දුන් අමාත්‍යවරයා සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා විශාල පහසුකම් ඇති ඇති බව ද පෙන්වා දී ඇත.


මේ අනුව නව දුම්රිය ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතයි

 

 

  ඔබට ගෙයක් රටට හෙටක් | දිනමිණ

 

ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 727ක හා මිනුවන්ගොඩ ආසනයේ නිවාස 78ක වැඩ අවසන්...

 නිම නොවූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 3,750ක්...

“ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක පමණ වැඩ අවසන්ව ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.‍

ඒ අනුව 2021 වසරේදී නිවාස 12231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී නිවාස 1465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයතුළ පමණක් නිවාස 1215ක වැඩ ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 727ක වැඩ අවසන්ව ඇත.

එමෙන්ම මිනුවන්ගොඩ ආසනයතුළ පමණක් නිවාස 159ක වැඩ ආරම්භ කර තිබේ. මේ වනවිට ඉන් නිවාස 78ක වැඩ අවසන්කර ඇතිබවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ කොරෝනා වයිරස ව්‍යප්තිය හා රට මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කෙරුණු බවයි.

එහෙත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වසර මුලදී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරනු ලැබිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මීට පෙර වසරවලදී ආරම්භ කර නිම නොවූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමට මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,750ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදී තිබේ.

ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ එම මුදල් යොදාගනමින් “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර, අවසන්කිරීමට නොහැකිවූ සියලුම නිවාසවල ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙසයි.

ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංඛල්පයක් මත ඉකුත් 2020 වසරේදීය. ඒ තමන්ටම ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභීන් වෙනුවෙනි. මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ග්‍රාමසේවා වසම් 14022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14022 ක් ඉදිකිරීමට සැලසුම්කර තිබුණි.

අගමැතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය

 

සැමවිටම, සැමට බත බුලතින් සරු අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, සඳහන් කළා.

එකම නැකතකට හිද ක්‍රියා කරන ලොව කිසිදු රටකට අනන්‍ය නොවූ චාරිත්‍රයන්ට අප උරුමකම් කියනවා.

මෙවර මෙවර රට මුහුණ දුන් ආහාර හා ආර්ථික අර්බුදය හමුවේ වුවද, රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව ක්‍රියා කළ ගොවි ජනතාව, කෘතවේදීව සිහිපත් කරන බවයි, අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. පසුගිය කාලයේ ඇති වූ රෝගව්‍යයසන, ආර්ථික හා සාමාජයීය අර්බුද මෑත ඉතිහාසයේත් අප නොදුටු ඒවායි. ඒවා, යළිත් ඇති නොවන්නට නවමු සංකල්පයක් තුළින් ක්‍රියා කිරීමට අලුත් අවුරුද්දේ අදිටන් කර ගනිමු යැයි, දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

 

 

 

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්රමණයත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනතාවට ඉතාමත් ප්රීතිමත් අවස්ථාවකි.

සියලු ජනතාව එකම නැකතකට චාරිත්ර ඉටු කරන්නේ සෞභාග්යයේ සහ සශ්රිකත්වයේ අපේක්ෂාවෙන් පෙරදැරිවය.
පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකටය. අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට අපි මැදිව සිටියෙමු. නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමිනි.
අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්යවත් හා සමෘද්ධිමත් කර ගැනීමටය.
එම ප්රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ අප සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණි.
එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටය.
සුබ අලුත් අවුරුද්දක් වේවා !
රනිල් වික්රමසිංහ,
ජනාධිපති,
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter