නවතම පුවත්

අතීත වැරදි යළි සිදු නොවන ලෙස නීති රීති සහ පසුබිම සකසමින් රට ගොඩනඟනවා.

ශ්‍රී ලංකා මාතාව ආර්ථික වැල් පාලමෙන් එගොඩ කිරීමට තමා  ක්‍රියා කළ බව අද ජාත්‍යන්තරය පිළිගෙන තිබෙනවා
වර්තමාන වෙහෙසීමේ හා කැපවීමේ ප්‍රතිඵල නුදුරේදීම  ලැබේවි
දුෂ්කරතා ඉවසමින්, සන්සුන්ව කටයුතු කළ ජනතාවට මගේ ප්‍රණාමය පුද කරනවා.
ජනපති පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසයි
දේශපාලන මති මතාන්තර පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අයිඑම්එෆ් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට දැන්වත් සහාය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.
අතීතය විවේචනය කිරීම තමාගේ කාර්ය නොවන අතර තම කාර්ය රට ගොඩනැංවීම බව අවධාරණය කළ ජනාධිපතිවරයා අතීත වැරදි යළි සිදු නොවන ලෙස නීති රීති සහ පසුබිම සකසමින් අනාගතය ගොඩනැංවීමට කැපවන බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම පිළිබඳ අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
තම අරමුණ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම නොව, රාජපක්ෂලා බේරා ගැනීම බවටත්, අසීරු වැල් පාලමෙන් එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නොව නාමල් රාජපක්ෂ බවටත්, ඇතැමුන් චෝදනා නැගුව ද තමා ශ්‍රි ලංකා මාතාව ආර්ථික වැල් පාලමෙන් එගොඩ කිරීමට ක්‍රියා කළ බව අද ජාත්‍යන්තරය පිළිගෙන තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තමා ඉපදුණ, හැදුණ වැඩුණ සහ අධ්‍යාපනය ලැබූ ආදරණීය රට යළි ගොඩනැඟීමේ විශ්වාසය තමා තුළ තිබූ බව වැඩිදුරටත් පැවසූ ජනාධිපතිවරයා එම විශ්වාසය තහවුරු කර ගැනීමට අතීත අත්දැකීම් ගණනාවක් හේතු බව ද කියා සිටියේය. 
අයිඑම්එෆ් එකඟතාව ලැබීම මාතෘ භූමිය යළි ඔසවා තබන්නට ලැබුණු අවස්ථාවක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩනැංවීමට නව මාවතක් උදා වි තිබෙන බව ද කියා සිටියේය.
උද්ධමනය නිසා සමස්ත සමාජයම මුහුණ දී ඇති පීඩනය පිළිබඳ තමාට නිසි අවබෝධයක් ඇති අතර එම දුෂ්කරතා තාවකාලික බව පැවසූ ජනාධිපතිවරයා වර්තමාන වෙහෙසීමේ හා කැපවීමේ ප්‍රතිඵල නුදුරේදීම ජනතාවට ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.
විවිධ දුෂ්කරතා සහ පීඩන මැද  සියල්ල ඉවසමින් අයිඑම්එෆ් එකඟතාව ලබාගැනීමට ශක්තිය දුන් රටේ සියලු ජනතාවට ප්‍රණාමය පුද කිරීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය. 
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිදු කළ සම්පුර්ණ ප්‍රකාශය පහත දැක්වේ
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගන්න අපට පුළුවන් වූ බව මේ ගරු සභාවට නිල වශයෙන් දන්වා සිටින්න මම කැමැතියි. රාජ්‍ය මුදල් පිළිබඳ සියලු බලතල ව්‍යවස්ථාව මගින් පවරා තියෙන්නෙ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා අද  අයිඑම්එෆ් එකඟතා ලියවිල්ල සභාගත කරමින්, අපට ලැබුණු විස්තීරණ ණය පහසුකම පිළිබඳ පළමු නිල ප්‍රකාශය මේ පාර්ලිමේන්තුව හමුවේ කරන්නටයි මම දැන් සැරසෙන්නේ.
මම පසුගිය ජූලි 09 වැනිදා බාරගත්තේ ගිනි ගත්තු රටක්. අවුලෙන් අවුලට පත් වෙලා තිබුණු රටක්. හෙට දවසක් ගැන අබමල් රේණුවක බලාපොරොත්තුවක් තිබුණෙ නැති රටක්. නිල වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශ කරපු රටක්. උද්ධමනය සියයට 73 ක් දක්වා ඉහළ ගිය රටක්. ඉන්ධන, ගෑස් පෝලිම්වල මිනිස්සු දවස් ගණන් දුක් විඳින රටක්.  පාසල් වැහිච්ච රටක්. දවසකට පැය දහයක් දොළහක් විදුලිය කප්පාදු කරන රටක්. 
ගොවීන්ට වගා කරන්න පොහොර නොතිබුණු රටක්. නීතිය හා සාමය වල් වැදිච්ච රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන ඒවායේ පිටස්තරයන් පදිංචිවෙලා හිටපු රටක්. මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනිතියන රටක්.  මහදවල් මහමඟ මිනිස්සු මරා දාපු රටක්. 
මෙහෙම පසුබිමක වගකීම් බාරගන්න කිසිවෙක් කැමති වුණේ නෑ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරේ බලන්න කල් ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා . මගෙන් මේ ඉල්ලීම කළේ, ඒ කවුරුත් වගකීම භාර ගන්න ඉදිරිපත් වුණේ නැති අවස්ථාවකයි.
මම කිසිම කොන්දේසියකින් තොරව අභියෝගය බාර ගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නෑ. මට මගේ කියා මන්ත්‍රීවරු හිටියේ නෑ. හැබැයි මේ කිසිවක් නැතත්, මට තිබුණෙ එකම එක ශක්තියයි. ඒ, මම ඉපදුණ, මම හැදුන වැඩුණ, මම අධ්‍යාපනය ලබපු මගේ ආදරණීය රට යළි ගොඩ ගන්න මට පුළුවන් කියන විශ්වාසය විතරයි. ඒ විශ්වාසය තහවුරු කරන්න අතීත අත්දැකීම් ගණනාවකුත්  මට තිබුණා. 
වසර 2001 වෙද්දී රටේ ආර්ථික ඍණ වර්ධනයකට කඩා වැටුණා . නමුත් පාලනය බාර අරන් වසර 2 කට අඩු කාලයක් තුළ රටේ ආර්ථිකය හරි මඟට ගන්න මට පුළුවන් වුණා. ඒ විතරක් නොවෙයි, ටෝකියෝ ආධාර සමුළුව මගින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආධාර දිනා ගැනීමට මට පුළුවන් වුණා. 
අවාසනාවකට ඊට පස්සේ පාලනය භාර ගත්ත අය ඒ මුදල නිසි ආකාරයෙන් පාවිච්චියට ගත්තෙ නෑ. 2015 දී මම ආර්ථිකය භාර ගනිද්දි තිබුණෙ දුර්වල තත්ත්වයක. නමුත් 2018 වන විට අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් ලබා ගන්නට අපට හැකි වුණා. විවිධ සහන දෙන ගමන් වැටුප්  106% කින් පමණ වැඩි කරන්නටත් අප ක්‍රියා කළා. 
මේ බරපතළ අභියෝගය බාර ගනිද්දී මා සතුව තිබුණේ ඒ අතීත අත්දැකීම් ඔස්සේ ඇතිකරගත්  විශ්වාසය පමණයි. මම වැටුණත්, රට වට්ටන්නෙ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය බාරගත්තා.
 
 
 
ගරු කථානායකතුමනි,
අයිඑම්එෆ් එකඟතාව ලැබීමත් සමඟ තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩ නංවන්නට අපට මාවතක් විවෘත වී තියෙනවා. අපේ මාතෘ භූමිය යළිත් ඔසවා තබන්නට අවකාශ උදා වී තියෙනවා 
මේ ණය පහසුකම යටතේ වසර 4ක කාලයක් තුළ අපට අමරිකානු ඩොලර් බිලියන තුනක පමණ ආධාරයක් හිමිවෙනවා. අමරිකානු ඩොලර් මිලියන 330 ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් අපට ලැබී තියෙනවා. ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර අප බලාපොරොත්තු වෙනවා.
අයිඑම්එෆ් විස්තීරණ ණය පහසුකම කියන්නේ  ගිනි පොලියට ගන්නා තවත් ණයක් විතරයි කියලා අර්ථ දක්වන අයත් ඉන්නවා.  මේ ලැබෙන මුදලින් මුළු රටේ ණය බර ගෙවා ඉවර කරන්න බෑ කියමින් ඝෝෂා කරන අයත් ඉන්නවා.එවැනි ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ  එක්කෝ ඒ අයගේ නොදැනුවත්කම. නැත්නම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා බොරුවෙන් මේ රටේ අහිංසක ජනතාව රැවටීමට ගන්නා උත්සාහයයි.
අයිඑම්එෆ් විස්තීරණ ණය කියන්නෙ වැටුණු රටක් යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සදහා දෙන පහසුකමක්. ඒ සඳහා සකස් කර දෙන වේදිකාවක්. මේ පහසුකම ලබා දීමත් සමඟ අපට ජාත්‍යන්තරයේ යළිත් පිළිගැනීමක් ලැබෙනවා. ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවන බවට සහතිකයක් ලැබෙනවා. අපේ දේශීය බැංකු යළිත් ලෝකය පිළිගන්නා මට්ටමට පත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ණයවර ලිපි වලට ගරු කරනවා. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙනවා. විදේශ ආයෝජකයන් යළිත් ලංකාව ගැන විශ්වාසය තබනවා. ජාත්‍යන්තරයේ පුළුල් අවස්ථා ගණනාවකට අපට දොරගුළු හැරෙනවා. ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ පදනම සකස් වෙනවා.
ඒ විතරක් නෙවෙයි, මේ එකඟත්වය නිසා අපේ රටේ මූල්‍ය විනය නීති ගත වෙනවා. දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීති රීති අලුතෙන් හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබූ නව මූල්‍ය සංස්කෘතියක් හා දූෂණයෙන් තොර පරිසරයක් මෙමගින් නිර්මාණය වෙනවා.
ගරු කථානායකතුමනි,
අයිඑම්එෆ් සංවිධානය අපේ රට පිළිබඳව තීන්දුව ගැනීමට පෙර රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්නට සමහරු උත්සාහ ගත්තා.  නොනවතින වර්ජන රැල්ලක් ඇති කරන්න, ආර්ථිකය කඩා බිඳ දමන්න, රට අරාජික කරන්න සැලසුම් කළා. ඔවුන් බලාපොරොත්තු වුණේ කඩාකප්පල්කාරී ක්‍රියා මගින් අයිඑම්එෆ් සහයෝගය ලබාගැනීම වළක්වන්නයි. සමහර දේශපාලන කණ්ඩායම්, සමහර වෘත්තීය සමිති, සමහර ජනමාධ්‍ය මේ වැඩේට සෑහෙන්න මහන්සි වුණා. රට අස්ථාවර නිසා අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නේ නෑ කිව්වා. 
පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැති නිසා අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නෙ නෑ කිව්වා.  මෙවැනි නොයෙකුත් බොරු ප්‍රචාර කරමින් රටේ ජනතාව පාරට බස්සන්න දඟ දැම්මා.
නමුත් රටේ බහුතර ජනතාව මේ කඩාකප්පල්කාරී වැඩවලට සහාය දැක්වූයේ නෑ. රටේ ඉදිරිගමන එක් එක් දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් කඩාකප්පල් කරන්න බහුතර ජනතාව කැමැති වුණේ නෑ. ඔවුන් රට වෙනුවෙන් වගකීමක් ඇතිව ක්‍රියා කළා.
 
 
 
විවිධ දුෂ්කරතා මැද , නොයෙකුත් පීඩනයන් මැද ,ඒ සියල්ල ඉවසමින් දුක් කරදර විඳ දරා ගනිමින් , රටේ බහුතර ජනතාව සන්සුන් ව ඉවසීමෙන් කටයුතු කළා. අපට අයිඑම්එෆ් එකඟතාව ලබාගැනීමට ඔවුන්ගේ කැපවීම විශාල ශක්තියක් වුණා. ඒ නිසා මුලින්ම මේ රටේ ජනතාවට මගේ ප්‍රණාමය පළ කරන්න කැමතියි.
මේ කටයුත්තේදී අපේ නිලධාරීන් දිවා රෑ නොබලා ඊට වෙහෙස වුණා. සමහර අයට තර්ජනවලට මුහුණ දෙන්නත් සිදු වුණා. ඇමතිවරුන් කැපවී කටයුතු කළා.  මේ සභාවේ ගරු සාමාජිකයන් බොහොමයක් ඊට සහය දුන්නා.  සමහරු ප්‍රසිද්ධියේ. තවත් සමහරු අප්‍රසිද්ධියේ. ඔවුන් සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම මේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමේ කාර්යයේදී අපේ ප්‍රධාන ණය හිමියන් අපට සහය දුන්නා. විදේශීය රටවල්, ජාත්‍යන්තර සංවිධාන අපට සහය දුන්නා. විදේශීය රාජ්‍ය නායකයන් හා මැති ඇමතිවරුන්, ජාත්‍යන්තර සංවිධාන නිලධාරීන් හා නියෝජිතයන්, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ නිලධාරීන් අපට උදව් කළා. ඒ සියළු දෙනාටත් ශ්‍රී ලංකාවේ ගෞරවනීය ස්තූතිය පළ කරනවා.
ගරු කතානායකතුමනි,
අප මේ මුල පුරන්නේ අලුත් ගමනකට, මේ ගමනේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු වෙනවා. අපේ සාර්ථකත්වයට පදනම දැමෙන්නේ එතැනින්. මේ සමහර ප්‍රතිසංස්කරණ අප 2022 අතුරු අයවැය සහ 2023 අයවැය මගින් යෝජනා කර දැනටමත් ක්‍රියාවට නංවා තියෙනවා. තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් අප හඳුන්වා දෙනවා. ඒ අතරින් වැදගත් කරුණු කිහිපයක් මම දැන් අවධාරණය කරන්නට කැමතියි.
ඒ වගේම දැනට අප ක්‍රියාත්මක කරන සහ අනාගතයේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳවත් මෙම ගරු සභාව දැනුවත් කරන්නටත් මම බලාපොරොත්තු වෙනවා.
රජයේ ආදායම වැඩි කර ගැනීමේ සැලසුම
• 2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් බවට පත් කර ගැනීම අපගේ ඉලක්කයයි.
• ශ්‍රී ලංකා රජයේ ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3% ක්. ලෝකයේ වෙනත් රටවල් හා සසඳද්දී අපේ රාජ්‍ය ආදායම පවතින්නේ පහළම අගයක. මේ නිසා අප සැලසුම් කරන්නේ 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩි කර ගැනීමටයි.
• ආංශික බදු සහන නොමැතිව සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 30% දක්වා දැන් වැඩි කර තියෙනවා.
• වැට් බදු අනුපාතය 8% සිට 15% දක්වා වැඩි කිරීමට අප පියවර ගත්තා
• වැට් බදු සඳහා ලබා දී ඇති නිදහස් කිරීම් ක්‍රමාණුකූලව අඩු කිරීමට, වැට් බදු ආපසු ගෙවීම් කඩිනම් කිරීමට සහ එස් - වැට් ක්‍රමය අහෝසි කිරීමටත් පියවර ගන්නවා.
• 2025 දී, අවම බදු නිදහස් කිරීමක් සහිතව, දේපල බදු ක්‍රමය වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර ගන්නවා.
 
 
රාජ්‍ය වියදම් කළමනාකරණය
• විධිමත් වියදම් කළමනාකරණයක් ඔස්සේ රජයේ වියදම් සඳහා ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීමට පියවර ගන්නවා.
• උද්ධමනයට සරිලන පරිදි, වැටුප් සහ විශ්‍රාම වැටුම් ගැලපීමට අපේක්‍ෂා කරනවා. නමුත් මේ ගැළපීම් සිදුකරන්නේ ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළයි.
රාජ්‍ය ව්‍යවසාය සහ බලශක්ති මිල
• ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරනවා. ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි.
• අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම සය මසකට වරක්ම විදුලි මිල ගැලපීමට පියවර ගන්නවා.
• මහා පරිමානයෙන් පාඩු ලබන, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුල බල මණ්ඩලය වැනි ආයතනයන් හි ශේෂ පත්‍ර යළි සකස් කරනවා. කල් ඉක්ම වූ ස්වෛරීත්ව ඇපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කිරීමට කටයුතු කරනවා.
මිල ස්ථායීතාවය සහ මූල්‍ය ප්‍රතිපත්ති
• උද්ධමන අනුපාතය 4% 6% අතර අනුපාතයට නැවත ගෙන ඒමට කටයුතු කරනවා. මේ වන විට උද්ධමනය සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට අපට හැකි වුණා. එසේම 2023 වසර මැද භාගය වන විට උද්ධමන අනුපාතය තනි අගයක් දක්වා ගෙන ඒම අපේ ඉලක්කයයි.
• මේ සැලසුම් ක්‍රියාත්මක කරන කාලය තුළ දී මුදල් අච්චු ගැසීමෙන් ක්‍රමානුකූලව බැහැර වෙනවා. අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමෙන් තොරව ආදායම් උපදවා ගැනීමට මෙමගින් මහා භාණ්ඩාගාරයට සිදු වෙනවා .
• දැනට පවත්නා විදේශ විනිමය සීමා කිරීම් හා නියාමනය ක්‍රමයෙන් ඉවත් කරමින්, විදේශ විනිමය වෙළෙඳපොලේ කටයුතු වෙළෙඳපොළ නිර්ණායක මත තීරණය වීමට ඉඩ ලබා දෙනවා.
• තීරණය කරන ලද ඉලක්කයන්ට අනුව විදේශ සංචිත ගොඩනැගීම සඳහා විදේශ මුදල් මිලදී ගැනීම මහ බැංකුව විසින් සිදු කරනවා.
යහපාලනය
• දේශීය විශේෂඥයන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන අයිඑම්එෆ් සංවිධානය විසින් රාජ්‍ය දුර්වලතා පිළිබඳ වාර්තාවක් සකස් කරනවා. දුෂණය වැළැක්වීම සම්බන්ධයෙන් රජය හා ආයතනික රාමුව තුළ ඇති අඩුපාඩු හඳුනාගැනීමට මේ මගින් අවස්ථාව ලැබෙනවා.
• එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණය මැඩලීමේ නීති සම්පාදනය කෙරෙනවා.
 
• අහිමි වූ වත්කම් යළි ලබා ගැනීමේ ප්‍රතිපාදන 2024 මාර්තු වන විට ව්‍යවස්ථාදායක රාමුවට ඇතුළත් කිරීමට ද අපේක්ෂා කරනවා.
 
 
 
• ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පදනම් කරගනිමින් නව රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් කෙටුම්පත් කරනවා.
 
• සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරනවා. එසේම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනවා.
 
වර්ධනය
• ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වැඩසටහනෙහි ප්‍රතිසංස්කරණ ඔස්සේ මධ්‍ය පරිමාණ හා දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය වැඩිදියුණු කිරීම ඇතුළත්. මෙහිදී වෙළෙඳ ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාමාර්ග, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ පියවරයන්, කුසලතා සංවර්ධනය, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මගින් අකාර්යක්ෂමතාවය හා පිරිවැය අඩු කර ගැනීමට ද පියවර ගන්නවා. කාලගුණ වෙනස් වීම මත සිදුවන වෙනස්කම් ද මෙහිදී සැලකිල්ලට ගැනෙනවා.
 
ඉදිරි ක්‍රියාමාර්ග
• අයිඑම්එෆ් සැලසුමට ඔබ්බෙන් යන බහුවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියේදී හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය විවෘත කිරීම සහ ඩිජිටල්කරණය කිරීම ඔස්සේ තිරසර ප්‍රතිජීවනයක් ලබා ගැනීමද, මධ්‍ය හා දීර්ඝ කාලීන ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීම ද එහි අරමුණක්.
 
• ඒ සමඟම අපේ ද්විපාර්ශවීය ණය හිමියන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. අප මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදයම ඔස්සේ ඉදිරියට යමින්, විවෘතව හා විනිවිද පෙනෙන අයුරින් ඔවුන් සමග සාකච්ඡා අප ඉදිරියට ගෙනයනවා.
 
• ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් ඇති කරගන්නා කොන්දේසි පිළිබඳ අවසන් තීරණ ගැනීමට පෙරාතුව, සියලු ද්විපාර්ශවීය ණය හිමියන්ට ඒ ගැන දැන ගැනීමට හැකි වන ආකාරයේ විවෘත ක්‍රමවේදයක් අප අනුගමනය කරනවා. අනෙකුත් විදේශීය ණය හිමියන් සම්බන්ධයෙන් ද අනුගමය කරන්නේ ඒ පිළිවෙතමයි. එහිදී සියළු ණය හිමියන්ට සාධරණ වන අයුරින් ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කිරීම අපේ බලාපොරොත්තුවයි.
 
• අපේ නිල ණය හිමියන් වෙත විවෘත ලිපියක් යවමින් මා දන්වා සිටි ආකාරයට, අප කිසිදු ණය හිමියෙකුට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඔවුන් සියලු දෙනාටම සමානව සලකනවා. අප මෙතක් ඔවුන් සියලු දෙනා සමඟ විවෘතය හා මිත්‍රශීලීව කටයුතු කළා. ඉදිරියටත් එසේම කටයුතු කරනවා.
• අපේ ණය ගැති භාවයන් පිළිබඳ වාර්තා නිරන්තරව ප්‍රකාශයට පත් කරනවා. රටේ ණය පිළිබඳ කිසිදු තොරතුරක් වසන් කරන්නේ නෑ.
 
 
ගරු කතානායකතුමනි,
අපි මේ ගෙවමින් සිටින්නේ දුෂ්කර කාලයක්, බදු බර නිසා සමාජයේ යම් කොටසකට දැඩි පීඩනයක් ඇති වී තියෙන බව අප දන්වනවා. ඒ වගේම උද්ධමනය හේතුවෙන් සමස්ත සමාජයම පීඩා විඳින බවත් අප දන්නවා. ඒත් දැනට අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලින් ඈත්වෙන්න මේ අවස්ථාවේ අපට හැකියාවක් නෑ. අප මුහුණ දෙන කටුක සත්‍යය එයයි.
අපේ මේ වැඩපිළිවෙළ මාස හයෙන් හයට සමාලෝචනය කරන්නට අපත්, අයිඑම්එෆ් සංවිධානයත් ක්‍රියා කරනවා. පළමු සමාලෝචනය සිදු කරන්නේ ලබන ජූනි මාසයේදී. දැනට ක්‍රියාත්මක කරන බදු ක්‍රමය සංශෝධනය කිරීම ගැන දැනටමත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. මහා භාණ්ඩාගරය සංශෝධිත යෝජනා සකස් කරමින් යනවා. ඒ වගේම විවිධ විද්වතුන්, ආර්ථික විශේෂඥයන් මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් සියලුදෙනා සමඟ සාකච්ඡා කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඉන් පසු පොදු එකඟත්වයකට එළැඹෙන්නට අපට පුළුවන් වේවි.
ජූනි මාසයේ සමාලෝචනයේදී මේ බදු සංශෝධන අපේ සැලසුමට ඇතුළත් කරන්න අයිඑම්එෆ් සංවිධානය සමග අප සාකච්ඡා කරනවා. ඊට අමතරව කාලීනව අවශ්‍ය වෙනත් ප්‍රතිපත්තිමය සංශෝධන ගැනත් අප සාකච්ඡා කරනවා.
මේවා හැඟීම්වලින්, අරගලවලින් විසඳා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ ගැටළු විසඳා ගත යුත්තේ සීරුවෙන්, සැලකිල්ලෙන් හා බුද්ධියෙන්.
ගරු කතානායකතුමනි,
අපි මේ ගත කරන්නේ අමාරු කාලයක්. හැබැයි අපේ අමාරුකම්, දුෂ්කරතා තාවකාලිකයි. වර්තමාන වෙහෙසීමේ හා කැපවීමේ ප්‍රතිඵල අපට ටික කලකින් ලැබේවි. හෙට දවසේ රට බාර ගන්නා තරුණ තරුණියන් වෙනුවෙන්, අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අප මේ කැපවීම කළ යුතුයි.
අප මේ එකඟතාවයට අනුකූලව ඉදිරි වසර හතර පුරා නිසි මුල්‍ය විනයක් සහිතව, ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කළහොත්, රටේ අනගතය වෙනුවෙන් ශක්තිමත් ආර්ථික පදනමක් සැකසෙනවා. අප මේ මාර්ගයෙන් ඉවත් වුණොත් පසුගිය අප්‍රේල් මාසයේ තිබුණු තැනටත් වඩා අන්ත අයහපත් තත්වයකට මුළු රටම ඇද වැටෙනවා.
අයිඑම්එෆ් එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට අප්‍රේල් තුන්වැනි සතියේදී දින නියම කරන්න අප ක්‍රියා කරනවා. එහිදී ඔබේ අදහස් සමඟ සහයෝගයද ලබා දෙන ලෙස මේ ගරු සභාවේ සිටින ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම තවත් වැදගත් කරුණක් ගැන ඔබේ අවාධානය යොමු කරන්න කැමතියි. අයිඑම්එෆ් එකඟත්වය ඇති වූ පමණින් අපට සෑහීමකට පත් වෙන්න බෑ. මේ ගමනක අවසානය නෙවෙයි. තවත් දීර්ඝ ගමනක ආරම්භය තමයි මේ. දැන් අපි අපේ උත්සාහයෙන් ඒ ගමන යා යුතුයි.
අපේ ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කර ගත යුතුයි. ඒ සමඟම රටේ ආදායම් වැඩි කර ගත යුතුයි. දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතුයි. වැඩි වැඩියෙන් විදේශ ආදායම් ලබා ගැනීමේ මාර්ග නිර්මාණය කරගත යුතුයි. ලෝක වෙළඳපොලේ පමණක් නොව, අපේ කලාපීය වෙළඳපොලේ අපේ කොටස පුළුල් කරගත යුතුයි. දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව නොබියව ක්‍රියාත්මක කළ යුතුයි.
 
 
මේ සියල්ල ලේසි පහසු ඉලක්ක නෙවෙයි. නමුත් රට වෙනුවෙන් කැපවෙමින් අප මේ ගමන ඉදිරියට යා යුතුයි. මේක අසීරු ගමනක්. අපි ඒ අසීරු ගමන, සීරුවෙන් යමු. අපේ මූලික ඉලක්කය විය යුත්තේ රට ගොඩ නැංවීම පමණයි. පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් අපේ ඉලක්කය රට ගොඩ නැංවීම පමණයි. අන්න එහෙම හිතුවොත් අපට මේ ගමන වඩාත් කඩිනම් හා සාර්ථක එකක් කර ගන්නට පුළුවන්.
ගරු කතානායකතුමනි,
අයිඑම්එෆ් සංවිධානය සමඟ අප ඇති කරගත් සැලසුම වසර හතරකදී ක්‍රියාත්මක කර අවසන් කළ යුතුයි. නමුත් අපේ ශක්තිය හා අධිෂ්ඨානය මත එය වසර තුනක් හෝ තුනහමාරක් තුළ අවසන් කරගත හැකියි. අපි ඊට උත්සාහ දරමු. වෙහෙසෙමු.
මෙතැනදී අප විශේෂිත කරුණු කීපයක් ගැන වැඩි බරක් තැබිය යුතුයි. පළමුව, සමාජයේ පහළම ස්ථරයන්හි සිටින ජනතාව වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්‍ෂණ වැඩ පිළිවෙලක් සහතික කිරීම.
දෙවනුව, රුපියල ශක්තිමත් කරලීම සඳහා උපාය මාර්ග සහ විධිමත් සැලසුමක් ක්‍රියාවට නැංවීම.
තුන්වෙනුව, දූෂණය මැඩලීමේ නීති රීති වහාම සම්මත කොට ක්‍රියාවට නැංවීම. අපේ අධිකරණ ඇමතිතුමා මේ පිළිබඳ කෙටුම්පත ළඟදීම ඉදිරිපත් කරයි
සිව්වනුව, සමජයේ සිදුවිය යුතු වෙනත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා අවධානය යොමු කිරීම. ඒවා හඳුනා ගැනීම සහ ඒ ප්‍රතිසංස්කරණ සඳහා මුල පිරිම.
ගරු කතානායකතුමනි,
ඩී එස් සේනානායක අගමැති සමයේ අපේ රට කිසිදු විදේශණයක් ලබා ගත්තේ නෑ. පසුව අපේ රටේ ආදායමෙන් වැඩ කටයුතු කරනවා වෙනුවට, පිටරටින් ණය ගෙන රට කරවීමේ සම්ප්‍රදායක් ඇති වුණා. අප සියලූ දෙනා අද මේ දුකට, පීඩාවට පත්ව සිටින්නේ ඒ සම්ප්‍රදාය පිලිකාවක් බවට පත්වූ නිසයි.
අපට හැමදාමත් ණය ගන්න බෑ. අප උත්සාහ ගත යුත්තේ ණය නොගන්නා ජාතියක් බවට පත්වීමටයි. මේ අසීරු සමයෙන් ගොඩ එන්නට අප සියලු දෙනා එක්විය යුත්තේ ඒ නිසයි. ඉදිරි අවුරුදු 10 තුළ අප මෙතෙක් ගෙන ඇති සියළු ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ මාර්ගයේ නිවැරදිව ඉදිරියට ගියොත් අපට ඒ තත්වය උදා කරගන්නට පුළුවන් බව මට විශ්වාසයි.
ඒ ණය ගෙවීමෙන් අනතුරුව රටේ වියදමට සරිලන ආදායම අපිටම උපදවා ගන්නට පුළුවන් ශක්තියක් අප ඇතිකර ගත යුතුයි. උත්සාහ ගත්තොත්, වෙහෙසුණොත් අපට එය කරන්නට පුළුවන්. ඒ මාර්ගයේ ගියොත් නිදහසින් වසර 100 ක් පිරෙන 2048 දී අපේ රටේ ලෝකයේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරගන්නට අපට පුළුවන්.
මෙහිදී තවත් කරුණක් ඔබේ අවධානයට යොමු කරන්නට මම කැමතියි. මෑතකදි එක් මතයක් ප්‍රකාශයට පත්වුණා. ථෙරවාදී බෞද්ධ රටවල් හැම විටම ආර්ථික අතින් දුප්පත් කියලා.
දැන් තායිලන්තය මේ මතය බිඳ දමන්නට වෙහෙසෙනවා. ලෝකයේම ථෙරවාදී කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන අපිත් ඒ මතය බිඳ දමන්නට වෙහෙසිය යුතුයි. අප සියළු දෙනාම එක මවකගේ දරුවන් ලෙස, එක හිතින් වෙහෙස වූවොත් ඒ මතය බිඳ දමන්නට අපට පුළුවන්. ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කීර්තියට පත් කරන්නට අපට පුළුවන්.
 
 
ගරු කතානායකතුමනි.
මම මුලින්ම අගමැතිවරයා ලෙස පත් වූ අවස්ථාවේ රටේ ආර්ථිකය යළි ගොඩ නැංවීමේ ව්‍යායාමයට විපක්‍ෂයේ සහාය ඉල්ලා සිටියා. නමුත් මට ඒ සහාය ලැබුණේ නෑ. ඉන් පසුව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. නමුත් දුන්නේ නෑ. අයවැය විවාදය අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. සහාය ලබා දුන්නේ නෑ. වර්තමාන පාර්ලිමේන්තුසැසිවාරය විවෘත කරන අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. ඒත් මට කිසිදු සහයෝගයක් ලබා දුන්නේ නෑ.
ඒ ඒ අවස්ථාවල විවිධ හේතු කියමින් ඔවුන් සහාය ලබා දීම ප්‍රතික්‍ෂේප කළා. මගේ පත්වීම ව්‍යවස්ථාවට විරුද්ධයි කිව්වා. ජාතික ලැයිස්තුවෙන් අගමැතිවරු පත් කරන්න බෑ කිව්වා. 
මගේ අරමුණ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම නෙවෙයි, රාජපක්‍ෂලා බේරා ගැනීම කියලා කිව්වා. අසීරු වැල් පාලමෙන් මම එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නෙවෙයි, නාමල් රාප්පක්‍ෂ කියලා කිව්වා.
නමුත් ශ්‍රී ලංකා මාතාව අර්ථික වැල් පාලමෙන් එගොඩ කරන්නට මම ක්‍රියා කළ බව දැන් ජාත්‍යන්තරයම පිළිගෙන තියෙනවා. විපක්ෂයේ චෝදනා සත්‍ය නොවන බව දැන් සනාථ වෙලා තියෙනවා.
විපක්ෂයේ චෝදනා වලට මම උත්තර දෙන්න යන්නේ නෑ අතීතය විවේචනය කිරීම මගේ කාර්යය නෙවෙයි. මගේ කාර්යය අනාගතය ගොඩ නැංවීමයි. අතීත වැරදි යළි සිදු නොවන අන්දමට නීති රීති සහ පසුබිම සකසමින් අනාගතය ගොඩ නැංවීමට මම වෙහෙසෙනවා. කැපවෙනවා. ක්‍රියා කරනවා.
අදත් මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් මේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට එක් වෙන්න කියායි. මම ඔබතුමන්ලා සමඟ වාද කරන්න ගියේ නැහැ.මම ගැන කි දේවල් ගැන පිළිතුරු දෙන්න ගියෙත් නැහැ. ඒ මට විපක්ෂයේ සහයෝගය වුවමනා නිසා. ඔබේ දේශපාලන මති මතාන්තර පැත්තකින් තියන්න. තමන්ගේ බලය ගැන හිතන්න කලින් රට බලවත් කිරීම ගැන හිතන්න. අනෙක් දේශපාලන මතිමතාන්තර වලදී සාම්ප්‍රදායික ලෙස කටයුතු කරන්න. ඒත් රටේ ආර්ථිකය නංවාලීමේ ව්‍යායාමයේදී සම්මත දේශපාලන රාමුවෙන් එළියට එන්න. ආර්ථිකය නංවාලීමේ මේ වෑයමට සහය වෙන්න. අනිත් හැම කරුණකදීම අපට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මේ කාරණයේ දී අපි සියලුදෙනා එකතුවෙලා වැඩ කළයුතුයි. 
මම නැවතත් ඒ ඉල්ලීම කරනවා. රටේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා අයිඑම්එෆ් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට කරුණාකර ඔබේ සහය දැන්වත් ලබා දෙන්න. මේ මල්වට්ටියට අපි හැමෝම අතගසමු.
 
ජනාධිපති මාධ්‍ය අංශය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය අපවෙත මේ අවස්ථාවේ ලැබීම ලොකු සහනයක් වන අතර එම ණය යළි ගෙවිය යුතුයි කියන අදහස සෑම පුරවැසියකුම නිරන්තරයෙන් සිහියේ තබාගෙන කටයුතු කළ යුතු බව ව්‍යපාරිකයෝ පෙන්වා දෙති.

එම ව්‍යවාරිකයන් මේ බව සඳහන් කළේ ඊයේ(22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප්‍රතිපාදන ලැබෙද්දී මෙතැනින් එහාට රට ගොඩඟන්නේ කෙසේද, අපේ රට සංවර්ධිත රාජ්‍යක් කරාගෙන යෑමේදී විශේෂයෙන් ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් හා අපනයනකරුවන් ඇතුළුව සමස්ත ශ්‍රී ලාංකිකයන්ට වගකීමක් තිබෙන එයින් ඒ සියලු දෙනා එක්වී රට ගොඩනැඟීම සඳහා ව්‍යවසායකයන් දිරිගන්වමින් ආර්ථිකය ගොඩගන්නේ කෙසේද ආර්ථික වර්ධනයට ප්‍රවේශයක් ගන්නේ කෙසේද යන්න පිළිබඳ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

මෙහිදී අදහස් දැක්වූ එම සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා...

අර්බුදයක් අවස්ථාවේදී අයි.එම්.එෆ්. ණය මුදල ලැබීම ගැන අපි සතුටු වෙනවා. වගේම එම ආයතනයට ස්තූතිවන්ත විය යුතුයි. රජයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තනියම මේ වැඩේ කරගන්න අමාරුයි. සියලු දෙනා සම්බන්ධවෙලා කටයුතු කළොත් සහනයක් ලබාගන්න හැකියාව තිබෙනවා. අනෙක් පැත්ත තමයි ණය ගන්නේ නැතිව කටයුතු කරගත හැකි ක්‍රමවේදයක් අපිට තිබෙන්න අවශ්‍යයි. එහිදී අපි දකිනවා ඉදිරියටත් අපි ණය ගැනීමට පෙළඹෙනවිට ඊළඟ පරම්පරාවට වෙන්නේ මේ ණයත් සමඟ තමයි දිගටම යන්න වෙන්නේ. මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ. එය වෙනස් වෙන්න අවශ්‍යවන්නේ පාසලෙන්. එහිදී නවවෙනි ශ්‍රේණියටවත් ව්‍යවසායකත්ව විෂය ඇතුළු කළ යුතුයි. සෑම ළමයකුටම උපන් හැකියාවක් තිබෙනවා. ඒ සඳහා උපදේශකවරයෙක් පත් කොට ඒ දරුවන්ගේ හැකියාවන් පිරික්සන්න අවශ්‍යයි. එසේ කොට කුසලතා ඇති දරුවන් ව්‍යවසායකත්ව පැත්තට යොමු කළ යුතුයි.

ව්‍යවසායකයන් 10%ක් පමණ කර ගත්තොත් අපිට කොහොමවත් ණයට කන්න වෙන්නේ නැහැ. එහිදී ස්වයංපෝෂිත රටක් බවට පත්වෙනවා මේ රට. ව්‍යවසායකයෝ බිහි කරන්න බිහිකරන්න ඒ අය දළදේශීය නිෂ්පාදනයට සහයෝගයක් ලබාදෙනවා. සුළු, මධ්‍යම කර්මාන්තකරුවන් ගත්තාම 70%ක් දළ දේශීය නිෂ්පාදනයට සහයෝගය දෙනවා මේ අවස්ථාවේදී. 70%ක් ක්ෂුද්‍ර මූල්‍යට සහයෝගය දක්වනවිට ඒ අයගේත් අපි දකිනවා ඒ අයගේ අඩුපාඩු මූල්‍ය විනය නැතිකම, සමහර පාරිපාලනය කරන්නේ නැහැ. 

ඇත්තටම බුත්තල යපස් ඇතුළු ඛනිජ සම්පත් අපේ රටේ තිබෙනවා මේවට වැඩි අගයක් එකතු කරන්න ව්‍යවසායකයන් පොළඹවන්න කටයුතු කළ යුතුයි. එසේ වැඩි ඩොලර් ප්‍රමාණයක් අපේ රටට ඇතුළට ගෙන්වා ගන්න පුළුවන්.

අපි මෙම ව්‍යාපාරය 1995දීයි. එම ආයතනය ශාඛා කිහිපයක් ආරම්භ කොට මේවනවිට ව්‍යාපාර ජාලයක් ලෙස පවත්වාගෙන යනවා. අපි විදුලි උපාංඟ නිෂ්පාදනය කොට බෙදාහරින හා අපනයනය කරන ආයතනයක්. මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය හරහා. අපි කුඩාවට ආරම්භ කළ ආයතනය දැන් දැවැන්ත රුක්සයක් වෙලා තිබෙනවා. ව්‍යවසායකයෙක් හැටියට ධෛර්ය හා උත්සහය තිබෙන්න ඕනේ.

තන්ත්‍රී ටේලර්ස් පුද්ගලික සමාගමේ සභාපති අතුල හපුතන්ත්‍රී මහතා... අපි රටට ආදරය කරන පුද්ගලයන් වැරැදි තොරතුරු කතා කිරීමෙන් සමජගත කිරීමෙන් වළකින්න ඕනේ. අපි සංචාරකයෝ හා ආයෝජකයෝ ගෙන්වාගන්න කතා කරනවා. මෙවැනි බිල්ලෝ මවනවිට ඒ අය බය වෙනවා. ඇතැම් රටවල් සමාජ ලෙස ඇතුළාන්තය බලන විට අපිට වඩා බොහෝම පහලින් සිටින්නේ. ආර්ථික පැත්ත නොවේ මම කියන්නේ සමාජමය තත්ත්වයයි. රාත්‍රියේ හතෙන් අටෙන් පස්සේ පාරේ බැහැලා යන්න නොහැකි රටවල් බොහෝමයක් තිබෙනවා. ඒ රටවල් කවදාවත් මේවා ප්‍රචාරය කරන්නේ නැහැ. ඉන්දියානු ජතිකයෙක් බැලුවාම කවම දාවත් ඒ අයගේ රටේ තිබෙන අපහසුකම්, වැරදි ගැන කියන්න යන්නේම නැහැ. ඒ අනුව අපිත් අපේ රට ගැන හොඳ තත්ත්වයක් පිටරටට පෙන්වන්න අවධානය යොමු කළ යුතුයි. අපේ රට ඇතුළේ වුණත් තහවුරු කරන්න නොහැකි වැරැදි තොරතුරු කතා කරන්න හොඳ නැහැ. ජාත්‍යාන්තර මුලය අරමුදලින් ලබාදෙන්නේ ණයක්. රට රෝගියකු ලෙස බැලුවොත් ලෙඩා සිටියේ දැඩිසත්කාරක ඒකකයේ. දැන් අපිට එයින් එළියට එන්න අවස්ථාව උදාවුණා. මේක විශාල ජයග්‍රහණයක් ලෙසත් හිතා ගන්න පුළුවන්. ඒ අනුව අපි දැනගන්න ඕනේ අපිට ඉදිරියේදී දැඩිසත්කාරක ඒකකයේ බිල ගෙවන්න ඕනේ කියලා. ඒ නිසා ඉස්සර සිටියා වගේ නැතිව කාර්යක්ෂමව , විනයක් ඇතිව සෑම පුරවැසියාම කර්මාන්ත කරුවන්ට, රජයට විතරක් තනියම කරන්න බැහැ අපි සියලු දෙනාම රට තිබෙන තත්ත්වය ගැන කල්පනා කොට විශාල විනයක් ඇතිව වැඩ කළ යුතුයි.

තායි සුමේධා හඳුන්කූරු නිෂ්පාදන සමාගමේ සභාපති හා සමස්ත ලංකා හඳුන්කූරු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සූමේධ ඇල්පිටිය මහතා...

ළඟදීම වෙළෙඳගිවිසුම් තුනක් අත්සන් කරන්න යන බව ආරංචියි. එවැනි ගිවිසුම් ඇතිකරගෙන ජාත්‍යන්තර සම්බන්ධකම් ඇති කරගන්න එක බොහෝම හොඳයි. ඒ රටවල දැනුමත් අනෙකුත් දේවල් දැනගන්න ලැබෙනවා. නමුත් ඒ එක්කම අපි නිතරම කල්පනා කරන්න ඕනේ අපේ රටේ නිෂ්පාදනවලට ව්‍යවසායකයන්ට බාධාවක් නොවන ලෙස ආනයනයන් සිදුකරන්න.

 

විස්තීර්ණ ණය පහසුකමට අදාළ විධිවිධානය සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටු අනුමැතිය ලබා ගනී

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් වන්නේ රජය සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට උත්සාහ කරන බැවිනි. මෙම මස මුලදී, ශ්‍රී ලංකාවට, පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය ඇතුළු එහි නිල ණයහිමියන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුකූල මූල්‍ය සහතික කිරීම් ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විධායක කමිටුවක් කැඳවීමට සහ ණයක් සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට ඉඩ සලසමිනි. පෙර නොවූ විරූ අභියෝගවලින් ආර්ථිකය මුදවා ගැනීමට සහ සියලු පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය අවකාශය මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

“ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු. දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි.

මා ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුගිය ජූලි මාසයේ සිට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීම මගේ ප්‍රමුඛතාවය විය. ඒ සඳහා අපි දැඩි තීරණ කිහිපයක් ගත්තෙමු. නමුත් අපි එසේ කළේ අපගේ සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමට, අවදානමට ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කිරීමට, දූෂණය මුලිනුපුටා දැමීමට සහ සියල්ල ඇතුළත් ජාත්‍යන්තර වශයෙන් ආකර්ශනීය ආර්ථිකයක් වර්ධනය කළ හැකි බව සහතික කිරීම සඳහා ඇති කැපවීම නිසාය. අපේ රට සඳහා මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉතා වැදගත් අතර, එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට අපි කැපවී සිටිමු. අපි අපගේ සියලුම ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටින අතර, අපගේ ඉදිරි කටයුතුවල සන්දර්භය තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පෝෂණය කිරීමට අපගේ ද්විපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් දිරිමත් කරන්නෙමු. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අත්‍යවශ්‍ය වනු ඇති අතර, ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බව පෙන්නුම් කරනු ඇත.”

සංස්කාරකවරුන්ට සටහන:
ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් 1 වන දින විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹිණි. ඇමරිකානු ඩොලර් බිලියන 3ක මෙම වැඩසටහන මඟින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. සැප්තැම්බර් මාසයේ සිට, ශ්‍රී ලංකා රජය, රටේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ශ්වකරුවන් යාවත්කාලීන කිරීමට විනිවිදභාවයෙන් තොරතුරු බෙදා ගැනීමට මෙන්ම වාණිජ ණය හිමියන් සමඟ සම්බන්ධවීමට නිල ණයහිමියන්ගේ රැස්වීම් පවත්වා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුවේ අනුමැතියෙන් පසුව, මෙම වැඩසටහන යටතේ පළමු වාරිකය ලබාදීම ඉදිරි දිනවලදී සිදුකිරීමට බලාපොරොත්තු වේ.

දේශීය මාධ්‍ය විමසීම් :.
ජාත්‍යන්තර මාධ්‍ය විමසීම් :.
ආයෝජක හෝ ජාත්‍යන්තර මාධ්‍ය විමසීම් :.
ජනාධිපති මාධ්‍ය අංශය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා හෙට දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මෙරට වේලාවෙන් හෙට උදෑසන 08.00ට පැවැත්වීමට නියමිතය.

කුරුණෑගල, මැල්සිරිපුර, ‘උමංදාව‘ බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර නායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත දේශීය වශයෙන් කාබනික ලෙස වගා කරන ලද බිත්තර වී ප්‍රදේශයේ ගොවීන් වෙත බෙදාදීම වාර්ෂිකව සිදු කරනු ලැබූ අතර, ඊට අමතරව කාලය හා ශ්‍රමය අවම වශයෙන් වැය කර වැඩි බිම් ප්‍රමාණයක් වගා කළ හැකි නවීන වගා ක්‍රම පිළිබඳ ගොවීන්ට ප්‍රායෝගිකව හඳුන්වා දීම ද මෙවර වැඩසටහන යටතේ සිදු විය. ඒ යටතේ පැරෂුට් ක්‍රමවේදයට අනුව කෙටි කාලයක් තුළ වැඩි බිම් ප්‍රමාණයක පැළ සිටුවීමේ ක්‍රමය ගොවීන්ට ප්‍රායෝගිකව හඳුන්වා දීම ද මේ අවස්ථාවේ සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය ආගමික හා ආධ්‍යාත්මික වශයෙන් රටට මඟ පෙන්වන අතරම දැවැන්ත ජාතික මෙහෙවරක නිරත වන ආගමික ස්ථානයක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:

“සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගමන් කරමින් කෘෂි කර්මාන්තයේ නිෂ්පාදනය ඉහළ නංවන්නට උමංදාවෙන් සිදු වන මෙහෙවර අගය කළ යුතුයි. රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මේ මොහොතේ සාම්ප්‍රදායිකව සිදු කළ අපනයන මත පමණක් පදනම්ව විදේශ විනිමය ඉපයීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන්ම සිතනවාට වඩා යමක් සිතමින් විදේශීය වෙළෙඳපොළ සඳහා නව නිෂ්පාදන හඳුන්වාදීම ඉතා වැදගත්. මේ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් දේශපාලන පක්ෂ පාට බෙදීම්වලින් තොරව බිඳවැටුණු රට යළි ගොඩනඟන්න අප සියලු දෙනා කැප විය යුතුයි. අපේ භූමියේ නිපදවන දේ නවෝත්පාදන ලෙස ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කරන්න හැකි නම් ඒ මඟින් පවතින අර්බුද රැසකට විසඳුම් සපයාගැනීමේ හැකියාව පවතිනවා. එලෙස සියලු දෙනා සතු ශක්තිය, හැකියාව යොදාගනිමින් රට යළි ගොඩනඟන්න එක්ව කටයුතු කරන්න අත්වැල් බැඳගන්නා ලෙස මම සැමට ආරාධනා කරනවා.“

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නිරත වන විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

 

කාලාන්තරයක් පුරා සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න රාශියකින් පීඩා විඳින සමාජයක් බවට ලාංකීය සමාජය පත්ව ඇත. ආර්ථික අපහසුතා, අඩු සමාජ තත්ත්ව, විරැකියාව, සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට දැනුම්වත්කමක් නොමැතිවීම, මානසික අසහනයන් ඇතුළු මනෝ විද්‍යාත්මක සාධක සහ සමාජ විද්‍යාත්මක කරුණු ගණනාවක් මෙම පීඩාවට හේතු වී ඇත. එහෙත් මෙම ප්‍රශ්න ගැටලු‍ හමුවේ ඒ සියල්ල දරාගනිමින්, ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන පිරිසක් මෙන්ම එයට ඔරොත්තු නොදෙන තවත් විශාල පිරිසක් ජිවිතය, ජීවත් කිරීම වෙනුවට ජිවිතයෙන් පලායාම තෝරා ගෙන සිටිති.  

ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ 075 5551926 වට්ස්ඇප් අංකය ඇමතීමෙන් නොමිලේ ලබාගත හැකිව ඇත.

1995-96 කාලයේ සිය දිවි නසා ගැනීම් සම්බන්ධව ලෝකයේම පළමුවෙනි හා දෙවැනි ස්ථානවල සිටි ශ්‍රී ලාංකීය සමාජය, අද වන විට රට තුළ සිය දිවි නසා ගැනීම් වර්ධනය අඩුවුව ද, ලෝකයේ අනික් රටවලට සාපේක්ෂව තවමත් ඉහළ අගයක පවතී.

ලාංකේය සමාජය තුළ වර්ෂයකට අවම වශයෙන් සිය දිවි නසා ගැනීම් තුන් දහසක් පමණ නිල වශයෙන් වාර්තාවන බව මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක මහතා ඊයේ (16දා) පැවැසීය. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ ශ්‍රි ලංකා පරිපාලන ආයතනයේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාව සියදිවි නසාගැනීම් අතින් ලෝකයේ 30 වැනි ස්ථානයේ සිටියද පළමු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැරදි දත්ත සකස් කර තිබූ බවට ද අධ්‍යක්ෂවරයා චෝදනා කළේය. ඒ අනුව කඩිනමින් නිවැරදි කිරීම් සිදුකරන ලෙසට දැනුම් දුන් බව පැවැසූ හෙතෙම ලෝකයේ රටවල් අතර ලංකාවේ ස්ථානයේ වෙනසක් ඇතිවුවද සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව අඩුවී නොමැති බවද ප්‍රකාශ කළේය.

මෙරට පැය හතරකට වරක් දිවිනසා ගැනීමක් වාර්තා වන බව පැවැසූ අධ්‍යක්ෂවරයා, 2022 වසරේදී පුරුෂයන් 2833ක් හා කාන්තාවන් 574 දෙනකු සියදිවි නසාගෙන තිබෙන බවයි. එම වර්ෂයේදී ආර්ථික අවපීඩනය හේතුවෙන් ඇඟලුම් කම්හල් ආශ්‍රිතව සියදිවි නසාගැනීම් වැඩිවීමක් සිදුව ඇති බවත්, ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියදිවි නසාගැනීම්වල වැඩිවීමක් පෙන්නුම් කරන බවත් හෙතෙම සඳහන් කළේය. සියදිවි නසාගැනීම්වලින් 66%ක් හැඟීම්වලට යටවීමෙන් ඊට පෙලඹී ඇතැයි පැවැසූ හෙතෙම කෘමිනාශක භාවිතයෙන් 18%ක් ජීවිත හානි කරගෙන තිබෙන බව ද සඳහන් කළේය.

පසුගිය වසරේදී සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුද්ගලයන් 90,000ක් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කරගෙන තිබෙන බවද අධ්‍යක්ෂවරයා පැවැසීය. ලෝකයේ දැනට තත්පර 40කට එක් පුද්ගලයෙක් වශයෙන් සියදිවි නසාගැනීම් වාර්තා වන බව පැවැසූ හෙතෙම එය වසරකට පුද්ගලයන් ලක්ෂ 08ක් වන බවත් පැවැසීය.

මිනිසුන් ජිවිතයෙන් පලා යන්නේ ඇයි? සියදිවි නසා ගැනීම්වලට හේතු සාධක වර්ග 2 ක් තිබේ. එනම් මනෝ විද්‍යාත්මක කරුණු සහ සමාජ විද්‍යාත්මක කරුණු ය.  

විශේෂයෙන්ම මානසික රෝග සහ මානසික අසහනය. මානසික රෝග ගත්විට විශාදය, පෞරුෂත්ව ඌණතා රෝග, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය, භින්නෝන්මාදය, ද්විද්‍රව උන්මාදය නැතහොත් බයිපොල රෝගය වැනි ප්‍රබල මානසික රෝග වැනි මනෝ විද්‍යාත්මක කරුණු සහ මානසික අසහනය, ප්‍රේම සම්බන්ධතාවන් බිඳ වැටීම, රැකියාව අහිමි වීම, තම දරුවකුගේ ලෙඩ රෝග නිසා තාවකාලිකව මතුවෙන මානසික අසහනය කෙනෙකුට ජීවිතය එපා කරවන පීඩාවන් අතර වෙයි.  

එසේම ආර්ථික අපහසුතා, අඩු සමාජ තත්ත්ව, විරැකියාව, වෛද්‍ය උපදෙස් ගැනීම පිළිබඳව අනවබෝධය මෙන්ම විශේෂ අවස්ථාවන් වන එක් රටක සිට වෙනත් රටකට ගොස් රැකියාවක් කිරීම වැනි සමාජ විද්‍යාත්මක කරුණු ද ජීවිතය ප්‍රබල ලෙස කලකිරවන දේ බවට ඇතැම් සිත් තුළ හේතු සාධක වී ඇත. කෙසේ වුවද මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක කරුණු දෙකම එකට එක්වීමෙන් සියදිවි නසා ගැනීම් ඇතිවෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මවක් තම දරුවාට වස පොවා සිය දිවි නසා ගැනීමේ පුවත්, ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තයා අහිමි වීම නිසා දරාගත නොහැකිව සිය දිවි නසා ගත් පුවත්, පාසලේදී ගුරුවරුන්ගේ අවවාදයකට, සම වයසේ වුන්ගේ කෙළි කවට බසක් දරාගත නොහැකිව සියදිවි නසා ගත් දරු දැරියන් ගැන පුවත්, ගොවි ණය ගෙවා ගැනීමට නොහැකිව ජීවිතය නසා ගත් පුවත් මේ ආදී සිත මහත් සේ පීඩාවට පත්කරන පුවත් අපි කොතෙකුත් අසා ඇත්තෙමු.  

සියදිවි නසාගැනීම පිළිබදව සාමාන්‍යයෙන් අප ගොඩක් දේවල් ඇතුළත් කළාත් අප මනෝ වෛද්‍ය විද්‍යාවේ දී ඒක කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි සම්පූර්ණ කරන ලද සියදිවි නසා ගැනීම. ඒ කියන්නේ මරණයකින් කෙළවර වන සියදිවි නසා ගැනීම. දෙවැන්න. සියදිවි නසාගැනීමට උත්සාහ කළා, හැබැයි මැරුණේ නැහැ. තුන්වැන්න, තමාම තමාට හානි කරගැනීම, පළිගන්න, අවධානය දිනා ගන්න, ඒක ගොඩක් වෙලාවට මෙහිදී කරන්නේ. අත කපා ගන්නවා, වේදනා නාශක පෙති ගණනාවක් එකවර බොනවා. සියදිවි නසා ගන්නවා කියලා කියන්නේ කාලයක් තිස්සේ ප්ලෑන් කරලා, බෙල්ලේ වැල දා ගන්නවා හෝ අතිවිශාල කෘෂි රසායනිකයක් පානය කරනවා වගේ දෙයක්. මේ තුනට බලපාන සාධක එකිනෙකට ටිකක් වෙනස්.  

විද්‍යාත්මකව තහවුරු කරගත් කරුණක් වන්නේ අවිධිමත් මාධ්‍යවාර්තාකරණය මෙයට ප්‍රධාන හේතුවක් බවයි. සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සියදිවි නසාගැනීම් සමිබන්ධව වගකීමෙන් වාර්තා කිරීම අත්‍යාවශ්‍යය සාධකයකි.

මනෝජා සමරනායක

"ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනයට සමගාමීව සංවිධානය කෙරුණු " සතරාව දීපනී" කෘතගුණ දැක්වීමේ උළෙල  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස අද (16) කොළඹ ,බණ්ඩාරනායක,ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් එක්වූහ.

උත්සවයේ ප්‍රධාන අංගයක් ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ දායකත්වයෙන් නිර්මාණය කළ කලා කෘති උදෙසා දායක වූ කලාකරුවන් පිරිසකට උපහාර දැක්වීම අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මහාචාර්ය ආරියරත්න ඇතුගල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල,ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, සිරිල් වික්‍රමගේ යන ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ඇ ඪ් රන්ජිත් කුමාර, අරුණ ගුණරත්න, දිනුෂ කුඩාගොඩගේ යන ප්‍රවීණ මාධ්‍යවේදීන් විසින් ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සිනමා දිවිය අළලා රචිත "සුබන්ධු සිනමා වත" කෘතිය එළිදැක්වීමද මීට සමගාමීව සිදු කෙරිණි.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  මහතාගේ සංකල්පයක් අනුව පාසල් සිසු දරු දැරියන් උදෙසා ක්‍රියාත්මක කෙරෙන ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරණ දූ දරුවන් 251 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ සුරතින් සිදු කෙරිණි.
විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, මැති ඇමැතිවරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්, කලාකරුවන්, වෘත්තිකයින් ඇතුළු දහසකට අධික ආරාධිතයින් පිරිසක් මෙම උත්සව සදහා එක්ව සිටියහ.

නීති ක්ෂේත්‍රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එහිදී ඇගයීමට ලක් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත “අභිනන්දන සම්මානය” පිරිනැමීය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (12) ආරම්භ කෙරුණු“ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික වාර්ෂික සමුළුව - 2023” ට සමගාමීව මෙය සංවිධානය කර තිබූ අතර කාණ්ඩ 03ක් යටතේ සම්මාන පිළිගැන්විණි.


ජුලියානා මාග්‍රට් කොස්වත්ත, වෝල්ටර් ලෙස්ලි ද සිල්වා, රත්නසභාපති ආරුමුගම් ජෙගතීසන්, ජනාධිපති නීතිඥ උපාලි ඒ. ගුණරත්න, කනගරත්නම් ගනේෂයෝගන්, ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්, විනිසුරු අශෝක නිහාල් දි සිල්වා, විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැදි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥවරුන් 26 දෙනෙක් මෙහිදී සම්මාන ලැබූහ.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජේ රාජරත්නම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, “අභිනන්දන” කමිටුවේ සභාපති ජනප්‍රිත් ප්‍රනාන්දු, කැඳවුම්කරු චමත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කඩාවැටුණු මෙරට ආර්ථිකය නැවත නඟාසිටුවීමට ජනාධිපතිවරයා නිසි මාර්ග සිතියමක් සකසා ඇති බවත්, එම මාර්ග සිතියම අනුව කටයුතු කිරීමෙන් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙරට ආර්ථික තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට ඊයේ (09) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වනවිට ආනයනය හැකිතාක් අඩු කිරීමට ක්‍රියාකර අපනයන හැකිතාක් වැඩි කිරීමට ක්‍රියාකළ බවත්, ආර්ථිකය ශක්තිමත් හා ප්‍රකෘති මට්ටමට පැමිණෙන තෙක් පමණක් බදු වැඩිවීම වැනි දේ දරා ගැනීමට සිදුවනු ඇති බවත්, මේ සියලු උපක්‍රම හේතුවෙන් ආර්ථිකය අද තිබෙන මට්ටමට පැමිණ ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකිරීමද මෙම තත්වයට හේතු වූ බවත්, මේ වන විට මෙරටට ඉන්දියාව, චීනය, ජපානය සහ ඇමරිකාව වැනි රටවල සහය ලැබී ඇති බවත්,රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 2 - " මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් " නමින් නම් කිරීමේ අවස්ථාව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (09) සිදුවිය. මෙම උත්සවයට සමගාමීව නව SLBC වෙබ් අඩවිය එළිදැක්වීම සහ SLBC දුරකථන යෙදවුම ජනගත කිරීමද අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපේ රටේ සමාජ, සංස්කෘතික හා කලාවේ ප්‍රගමනය උදෙසා අනූපමේය සේවාවක් සිදුකරමින් කලා ක්ෂේත්‍රයේ ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීම උදෙසා නිර්ව්‍යාජ දායකත්වයක් දැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරිය සංකීර්ණයක් නම් කිරීම ඓතිහාසික අවස්ථාවක්.

මහාචාර්ය සරච්චන්ද්‍ර අපේ රටට බර වැඩි යුග පුරුෂයෙක්. නව යොවුන් තරුණයන් ලෙස අප ‍පොත පත ඇසුරු කරන විට " මළවුන්ගේ අවුරුදු දා", " මළගිය ඇත්තෝ" ආදී කෘති වලින් එතුමා මානව සමාජයට දැක්වූ දයාව, කරුණාව,ප්‍රේමය බෞද්ධ දර්ශනය තුලින් ලැබූ තියුණු ජීවිත අවබෝධය ආදී ගුණාංග හඳුනා ගැනීමට හැකිවුණා. එතුමන් දැක්වූ මානව දයාව, මෘදු ගුණය, බැදීම් අත් හැරීම හා ජීවිතය පිළිබඳ සිතන්නට අපට හුරු කළේ "මළගිය ඇත්තෝ" හා "මළවුන්ගේ අවුරුදු දා"යන කෘති වලින්.

එතුමා සිය කලා කෘති තුළ ප්‍රචණ්ඩත්වය හා හිංසනය වෙනුවට ලාංකීය සමාජය සුවපත් කිරීමට විශාල මානව දයාවක්, සෙනෙහසක්‌, ආදරය පිළිබඳව තියුණු මතවාදයක් ලොවට කාන්දු කළ මහ ඇදුරුතුමෙක්‌. කිසිදාක ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නොවූ එතුමාට ප්‍රචණ්ඩත්වය විසින් සංග්‍රහ කිරීම පිළිබඳව අත්දැකීම් ජීවත්ව සිටියදී ම අත්දකින්නට ලැබුණා.

කෙනෙකු ජීවත්ව සිටියදී ඔහුගේ දක්ෂතා, කුසලතා හා නිර්මාණ ශක්තිය ඇගයීමට බොහෝ දෙනා කිසිදු කැමැත්තක් නොදැක්වූවත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් අන් අය අගය කීරීම ජීවිත කාලය තුළදීම පුරුදුව සිටියා. එවැනි මහා සත්පුරුෂයෙක්, යුගපුරුෂයෙක් මේ පොළොවට බර වැඩියි. එවැනි පුද්ගලයෙක් පිළිබඳව අනාගතයට කතිකාවතක් ගොඩනගන්නට ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි සංකීර්ණයක් එතුමන්ගේ නමින් නම් කිරීම ඒ උතුම් මිනිසාට ගරු කරන්නට අනාගත පරපුරටද ලබාදෙන භාග්‍යයක් ලෙස මා සලකනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා, අධ්‍යක්ෂ ජනරාල් නලීන් කුමාර නිශ්ශංක මහතා, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ලලිතා සරත්චන්ද්‍ර මැතිණිය ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

අභිනව තැපැල්පති එස්.ආර් .ඩබ්.එම් .ආර්.පී සත්කුමාර මහතා සිය ධූරයේ රාජකාරී කටයුතු අද (09) කොළඹ තැපැල් මූලස්ථානයේ දී ආරම්භ කරන ලදී

 
මෙම අවස්ථාවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇතුළු පිරිසක් සහභාගී විය

රටට ආදායම් ගෙන දෙන දෙපාර්තමේන්තුවල සිදුවන අක්රමිකතා වළක්වා ගැනීමට නම් එම දෙපාර්තමේන්තුවලට ඩිජිටල්කරණය හඳුන්වා දිය යුතු බව ජනමාධ්ය, ප්රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැසීය.
මෝටර් වාහන පනත ය‍‍ටතේ නියෝග තුනක් විවාදයට ගනිමින් ඇමැතිවරයා පැවසුවේ රටට ආදායම් ගෙන දෙන දෙපාර්තමේන්තු අතරින් ප්රධාන දෙපාර්තමේන්තුවක් වන ප්රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ අක්රමිකතා විශාල සංඛ්යාවක් සිදු වන බවත්, එම අක්රමිකතා වළක්වා ගත හැක්කේ ඩිජිටල් ක්රමයට ලියාපදිංචිය සහ අනෙකුත් කටයුතු සිදු කිරීමෙන් බවත් සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී ප්රවාහන දෙපාර්තමේන්තුව මුළුමනින්ම ඩිජිටල්කරණය කරන බවත් හෙතෙම කීවේය. ඉදිරියේදී දුම්රිය සහ බස්රිය සදහා ඊ- ටිකටින් ක්රමයක් හඳුන්වා දෙන බවද ගුණවර්ධන මහතා පැවසුවේය.
ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට මේ රටේ නිෂ්පාදනය කළ විදුලියෙන් ක්රියා කරන ත්රිරෝද රථ ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව පැවැසූ ඇමැතිවරයා රිචඩ් පීරිස් ඇතුළු තවත් දේශීය සමාගම් රැසක් මේ වන විටත් විදුලියෙන් ක්රියාකරන වාහන නිෂ්පාදනය ආරම්භ කර තිබෙන බව කීවේය. ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ඕනෑම පුද්ගලයකු මෙලෙස නිෂ්පාදනය කරන විදුලි වාහන ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය. එවැනි නිෂ්පාදන සිදු කරන තරුණයන්ට ජාතියේ ප්රණාමය හිමි වන බවත් එවැනි තරුණ ව්යවසායකයන් සමඟ එක්වී විදුලි මොටර් රථ, විදුලි ත්රිරෝද රථ නිෂ්පාදනය කර පරිසරය ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
පොදු ප්රවාහනය වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්ය මඟ පෙන්වීම දෙන ලෙසත් නව සිස්ටම් චේන්ජ් එකකට යාමට රජය සෑම විටම සූදානම් බවද සඳහන් කළේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ඇති වී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ බැංකු පොලී අනුපාතය ඉහළ ගොස් තිබෙනවා. ලෝක මූල්ය ක්රමය රජයට හසුරවන්න බැහැ. අන්තර් ජාතික වශයෙන් අපි ගෙවීම් පියවන්න ඕන. ලෝකයේ සියලුම සංවර්ධිත රටවල ණය පොලී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්යාවක් නමුත් පොලී අනුපාතය තීරණය කිරීමේ බලය තිබෙන්නේ ශ්රී ලංකා මහ බැංකුවටයි. දේශපාලනඥයන්ට පොලිය හදන්න බැහැ. ජාත්යන්තර මූල්ය අරමුදල මෙරට ණය පොලී අනුපාතය තවත් 2 1/2%ක් වැඩි කරන්න කිව්වත් අපි ඊට එකඟ වුණේ නැහැ. මෙය පාර්ලිමේන්තුවට පාලනය කළ හැකි දෙයක් නෙවෙයි. අද වන විට විදේශ රටවලින් ගත්ත ණය තවදුරටත් ගෙවන්න බැරි වුණා. මේ නිසා ප්රවාහන අමාත්යාංශය යටතේ තිබෙන ව්යාපෘති රැසක් නතර වී තිබෙනවා. අපි කැමැති නැති වුවත් ජාත්යන්තර මූල්ය ක්රමය මෙයයි. ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී, ජාත්යන්තර මූල්ය අරමුදලෙන් කරන්න කිවු යෝජනා දුෂ්කරයි. නමුත් අකමැත්තෙන් වුවද ඒවා ඉටු කිරීමට සිදු වෙනවා. මේකට දේශපාලන අර්ථකථන දෙන්න එපා. මුදල් අච්චු ගහන්නේ ශ්රී ලංකා මහ බැංකුවයි. ශ්රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණෙන් නව මුදල් පනතක් ගෙනාවේ. ඒ වගේම මහ බැංකුව තවත් ස්වාධීන වෙනවා. මෙමඟින් කිසිම දේශපාලනඥයකුට මේ සඳහා මැදිහත් වීමට නොහැකියි. මේ වන විට එම පනත පාර්ලිමේන්තුවට පිළිගන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් ගැටලු තිබේ නම් අධිකරණයට යා හැකියි

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter