නවතම පුවත්

දශක තුනක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදය පරාජයට පත් කර දැන් වසර 14කි. 2009 වසරේ මැයි 18 වැනිදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. අද වන විට මෙරට සැමට බියෙන්, සැකයෙන් තොරව සාමකාමී ජීවිත ගත කිරීමට වරම් ලැබී ඇත්තේ රණවිරුවන් කළ එම කැපකිරීමෙනි. ලොව විශාලතම මානුෂීය මෙහෙයුම වශයෙන් සැලකෙන මෙයින් ප්රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ. ග්රහණයෙන් මුදාගැනීමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි විය.

 

  • වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරමින් එහි ප්‍රමුඛයා වන්න – ජනපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ට කියයි.

කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටින මේ මොහොතේ ඒ සමඟ ඉදිරියට යාමට කොළඹ විශ්වවිද්‍යාලය විසින් වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහාය ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය 12 වනදා කොළඹ ගලධාරි හෝටලයේ පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අමතමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට වසර 40ක් සම්පූර් ණ වීමට සමගාමීව පිනකල් සම්මාන උළෙලක් ද මෙහිදී සංවිධානය කර තිබූ අතර රටට, සමාජයට සහ කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ආදි විද්‍යාර්ථයින් ඇඟයීම සඳහා පිරිනැමෙන එම පළමු සම්මානයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිදුම් ලැබීය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල්. පීරිස්, මහාචාර්ය දේශමාන්‍ය ජේ.බී. දිසානායක, තිලක් කරුණාරත්න යන මහත්වරු ඇතුළු 11 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි කඩිනමි විසඳුම් සොයා බලන ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.

වසර 10 ක මෙම සංවර් ධන සැලැස්ම කඩිනමින් සැකසීමට කැප වන්නැයි ආදි විද්‍යාර්ථයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොවුණහොත් එම සුවිශේෂි ක්‍රියාදාමයට දායකවීමේ අවස්ථාව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගිලිහී යන බව ද කියා සිටියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ජේ.එම්.එස්. බණ්ඩාර යන මහත්වරු ඇතුළු සාමාජිකයන් මීට එක්ව සිටියහ

ඕස්ට්‍රේලියානු රජය විසින් එරට රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ බීච්ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් (ලියාපදිංචිය A32-673) ශ්‍රී ලංකා රජයට තිළිණ කරන බව දැනුම් දී තිබේ.

මෙම ගුවන් යානය පිරිනැමීමට අදාළව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය විසින් ලබාදුන් ලිපිය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන් මහතා විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

බීච්ක්‍රාෆ්ට් KA350 King Air යනු නවීන ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයකි.

මෙම ත්‍යාගය ශ්‍රි ලංකාවට සිය සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමේ හැකියාව වැඩිදියුණු කරනු ඇති බව එම ලිපියෙහි සඳහන් වෙයි.

එය ජාත්‍යන්තර අපරාධ මැඩලීමේ දී දෙරට අතර සමීප සහයෝගිතාව තහවුරු කරන්නක් බවත්, මුහුදු මාර්ග ඔස්සේ සිදු කරන මිනිස් ජාවාරම මැඩලීමේ ක්‍රියාවලිය සඳහා ද මෙමගින් පුළුල් දායකත්වයක් ලබාගත හැකි වනු ඇති බවත් ලිපියෙහි සඳහන්ය.

සමුද්‍රීය අපරාධ මැඩලීමේ දී ශ්‍රි ලංකාව ලබාදෙන සහාය ඕස්ට්‍රේලියානු රජය බෙහෙවින් අගය කරන අතර මිනිස් ජාවාරම සැලකිය යුතු ප්‍රමාණයකින් මැඩලීමට මෙන්ම සාපරාධී මංකොල්ලකෑම්වලින් සහ භයානක මුහුදු ගමන් නිසා අවදානමට ලක්විය හැකි මිනිස් ජීවිත ආරක්ෂා කීරිමට දෙරට අතර මෙම සහයෝගිතා වැඩපිළිවෙළ හේතු වී තිබෙන බවත් ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ගුවන් මෙහෙයුම් පිළිබඳ ඕස්ට්‍රේලියානු රජය මාස 12 ක කාලයක් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ඇති අතර ඉන් අනතුරුව එහි වගකීම ශ්‍රී ලංකා රජය සතු වේ.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය, පළමු ලේකම් බ්‍රෙට් සෙහන්ඩර් මහතා සහ ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
 
 
 
 

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත.

 
මේ අනුව රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ මෙම නව පනත බලාත්මක කිරීමට නියමිතයි.
 
මෙම පනත 2025 වර්ෂයේ අයවැයත් සමඟ ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දීමටයි පියවර ගෙන ඇති බව වාර්තා වෙයි
 
මීට අදාළව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි

මෙම දිනවල දරුවන් අතර ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචන රෝග තත්ත්වයන් වැඩි වශයෙන් වාර්තා වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මේ හේතුවෙන් දරුවන්ට දින 02ක් 03ක්  උණ පවතී නම් පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full Blood Count) සිදුකරගන්නා ලෙසද, ඩෙංගු පවතින ප්‍රදේශ වල විශේෂයෙන්ම කල්පනාකාරීව පසුවන ලෙසද වෛද්‍යවරයා අවධාරණය කළේය.

ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන තම නිවාස සහ පාසල් අවට පවතී නම් ඒවා පිරිසිදු කරගන්නා ලෙසද, අප නොදන්නා ස්ථාන වලද ඩෙංගු මදුරුවන් බෝවිය හැකි බැවින් කල්පනාකාරීව පසුවන ලෙසද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය දින කිහිපයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් වාර්තා වුණු බව කියා සිටි ළමා රෝග විශේෂඥවරයා මෙය අන් අයට පහසුවෙන් බෝ විය හැකි බැවින්  දරුවන්ට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව පවතී  නම් මුඛ ආවරණයක් පළඳා නිවසේ රඳවා තබා ගැනීම යහපත් බව අවධාරණය කළේය.

පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාපතනයත් සමග මැස්සන්ගේ බෝ වීම ඉහළ ගොස් ඇති බවද සිහිපත් කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඒ සමගම පාචන තත්ත්වයේ වර්ධනයක්ද නිරීක්ෂණය වුණු වැඩිදුරටත් පැවසුවේය.

දරුවන්ගේ අසූචි සමග රුධිරය පිටවීමක් පවතී නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම හෝ රෝහලක් වෙත වාර්තා කරන ලෙසද කියා සිටියේය.

 
 

 

• සාමණේර ස්වාමින් වහන්සේ හතළිස් නමක් සහ පාසල් ශිෂ්ය, ශිෂ්යාවන් 1200ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දෙයි

 

ලෝක නිදහස් මාධ්ය දිනය අදට (03) යෙදී තිබේ.
1991 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබිණි.
එයින් අනතුරුව 1993 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෝක ජනමාධ්ය නිදහස් දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්රකාශයට පත්කළ අතර එතැන් සිට ලෝකයේ එක් එක් රටවල් මෙම දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කරයි.
විශ්ව මානව හිමිකම් ප්රකාශනයේ 19 වැනි වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබාගැනීමට, තොරතුරු ප්රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්රකාශයට පත්කර තිබේ.
ලෝක නිදහස් මාධ්ය දිනය වෙනුවෙන් ප්රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරෙස් මහතා පෙන්වා දෙන්නේ මාධ්ය නිදහස නොමැති ප්රජාතන්ත්රවාදයක් සහ නිදහසක් නොමැති බවයි.
 

 

එක එක ජාතියේ සෙල්ලම් අවුරුද්දේ හැම දිනයකම දාන සියලු දෙනාට අද දවසේ ජාති දෙකෙන් සපත්තු පැලඳීමට හැකියාව ලැබේ. ලෝක සම්මතය නොතකන ඕනෑම අයෙකුට ඕනෑම දවසක මේ විදිහට ජාති දෙකෙන් සපත්තු දමාගෙන යා හැකිය. එහෙම වුණත් අද දවසේ එය අවුලක් නැතුව කළ හැක්කේ, අද ලෝක ජාති දෙකෙන් සපත්තු දමන දිනය නිසාය. එහෙම දවසක් තියෙන බව වැඩි දෙනා දන්නේ නැත. ඒ නිසා එවැනි අත්හදා බැලීම් සඳහා අප යොමු නොවන තරම්ය. අනිත් අතට එහෙම දවසක් තිබෙනා වග අපි දැනගෙන ජාති දෙකෙන් සපත්තු දමාගෙන ගිය ද කාර්යාලයේ සහ පාරේ යන වුන් ඒ දින ගැන දන්නේ නැත. අපිව නාඳුනන සියලු දෙනා අපිට පෙනී හෝ නොපෙනී මේ ‘වැරදීම’ ගැන සිනාසීම, මේ දිනය සැමරීම සඳහා ඇති පළමු අවුලය.
දෙක, අපි දන්නා වුන් ‘ජාති දෙකේ සපත්තු දෙක’පෙන්වූ විට, අපි එහෙම කරන්නේ ඇයි කියා කතාව කීමට යෑම තරම් මහන්සියක් තවත් නැත. ඇහේ නගනයක් ඒම සාමාන්ය දෙයකි. එහෙම වුණත් නගනයක් ඇසේ හටගත් විට ඔෆිස් යෑම ඊට වඩා වේදනාකාරිය. දකින හැම එකාම මුලින්ම අහන්නේ නගනයක් ඇවිල්ලා ද? කියාය. ඊළඟට හැමෝම දන්නා ප්රතිකාර ලැයිස්තුවක් කියවාගෙන යති. එක්කෝ තුත්තිරි ගහක හීය බඳු කොටස ගලවා අග වෙන තෙක් මිරිකා, එයින් නිකුත් වන ‘යුෂ බින්දුව’ ඇහේ ගා ගන්න යැයි කියති. උදේ නැගිට්ට සැණින් පිටකරන මුත්ර ස්වල්පයක් ‘ඒ හරියේ’ ගාන්න යැයි තව සමහරු කියති. නගනය ආපු එකා බොහෝ විට ඊට දිනකට දෙකකට පෙර මේ සියල්ල කර තිබේ. එක්ටැම් ගෙදරක සිටිය ද සමහර දේවල් සිද්ධ වීම වැළැක්විය නොහැකි සේ, නගනය ද මේ සියලු කෙම් ක්රම පරදවා, ඇසේ අගට පැමිණෙන්නේය.
තවත් කරුණක් වන්නේ මේ දවස්වල ‘අතේ කොළේ’ නැති වීමය. වැඩට යෑම සඳහා පලඳින සපත්තු දෙකට අමතරව සාමාන්ය ලාංකික කාර්යාල සේවකයෙකු හට ඇත්තේ කැෂුවල් දවසට කාර්යාලයට අඳිනා ඇඳුමට දමනා, සෙරප්පු දෙක සහ අහල පහලට වත්ත පිටියට දමනා ‘රබර් කෑලි’ දෙක පමණය. එහෙම තියාගෙන ජාති දෙකෙන් සපත්තු දමාගෙන යෑමට නම් ඊට පෙර දිනයේ දන්නා කියන එකෙක්ගේ සපත්තුවක් සමඟ තමන්ගේ ‘හාල් පොත’ මාරු කර ගත යුතු වෙයි. මේ දුෂ්කර ක්රියාව දෙස බලන විට දිනයක් ඇති බව දැන ගත්ත ද ‘තියෙන දෙක’ දමාගෙන ගමන යෑම හොඳය.
ජාති දෙකේ සපත්තු පලඳින දිනය සේම අද ලෝක නිදහස් මාධ්ය දිනය ද වේ.
මේ සඳහා යුනෙස්කෝව විශේෂ සංවත්සර උත්සවයක් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සංවිධානය කර තිබේ. ලෝක නිදහස් මාධ්ය දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මීට වසර තිහකට පෙර ජාත්යන්තර දිනයක් ලෙස ප්රකාශයට පත් කළේය. සෑම වසරකම මැයි මස 3 වෙනිදා සමරනු ලබන මේ දිනයේ, මෙවර තේමාව වී ඇත්තේ,‘අයිතිවාසිකම්හි අනාගතය හැඩගැස්වීම: අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස ප්රකාශනයේ නිදහස’යන්නයි.
මේ රටේ මාධ්ය නිදහස සඳහා ඇති ප්රධාන බාධක හතර මෙතැනදී වැදගත්ය. මෙහෙම දිනයක් තබා ‘එහෙම දෙයක්’ වේදැයි නොදන්නා පිරිසක් සමඟ අද දිනය සැමරීම හරියටම ‘ජාති දෙකෙන් සපත්තු දාගෙන’ මඟට බැසීම මෙන් ය. සමහරු එහෙම දෙයක් දන්නේ නැත. සමහරු දනිති; සිදුකර ගැනීම සඳහා ශක්යතාවක් ඇත්තේ නැත. සමහරු දනිති, එහෙත් නොතකති. දැන දැන වැරදි කරන පිරිස් ද වෙති. පවතින ආණ්ඩුවට ප්රිය පිරිස හැමවිට පවසන්නේ, මේ ආණ්ඩුව දුන් මාධ්ය නිදහස කිසිවෙක් නොදුන් බවය. විපක්ෂයේ පිරිසට‘ඕනෑම ආණ්ඩුවකම මාධ්ය නිදහස මල්ලේ සියඹලා ඇත්තෙම නැත’.
මාධ්ය නිදහස යන්න ද ජාති දෙකේ සපත්තු සේය. එය දමන්නා, වැඩේ තේරුම දැනගත යුතුය. ඒ දෙස බලන්නා ද ඒ අර්ථයෙන් ක්රියා කළ යුතුය. පත්තරේක ප්රධාන පුවත, කතු වැකිය ආදී සියල්ලටම අත දමන දේශපාලකයන් මේ රටේ කලක් සිටියේය. ආණ්ඩු විරෝධය හෝ විපක්ෂයේ නම් තමන්ගේ මතයට එරෙහි යමක් පත්තරේක ගිය සැණින් ඔවුන් කෝල් කරන්නේ කර්තෘට නොව හිමිකාරයාටය. බොහෝ හිමිකරුවෝ තමන්ගේ ජවනිකාව නොදනිති. ඔවුන් ලෝකයා ඉදිරියේ පොරක් වීමට සහ තමන්ගේ බිස්නස් වැඩ ආදිය සඳහා පත්තරේ පාවා දෙති. මෙවැනි ප්රශ්න අතරේ ශ්රී ලංකාවේ මාධ්ය නිදහස යන්න ද ඉතිරිව පවතියි. මේ රටේ මාධ්ය, ආණ්ඩුවට එහා ගොස් ප්රචණ්ඩ දේශපාලනයේ නිරත වූ ආකාරය ද මීට වසරකට පමණ උඩදී දැක ගත හැකි විය.
සමහරු සජීවී විකාශනයන් ලබා දෙමින් රටේ අගමැතිවරයාගේ පුද්ගලික නිවෙස ගිනි තැබීමට පිරිස් කැඳවූයේය. ඒ සිද්ධියේ එක් චෝදනාකරුවෙකු වූ 'මාධ්යවේදියෙකු' අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මාධ්ය නිදහස නම් මාතෘකාව භෞතික විද්යා පාඩමේ සුමට කප්පි සේය. පූර්ණ ප්රත්යස්ථතාවය සේ ය. අරය ශුන්ය ලක්ෂ්යය සේය. එහෙම ඒවා ගණන් හදන විට පොතේ තිබුණ ද මේ ලෝකයේ කොහෙවත් නැත. දිනයක් ලෙස මාධ්ය නිදහස ආදී කතා තිබිය හැක්කේය. උගන්වන විට හෝ පර්යේෂණ සඳහා ද ඒවා වලංගුය. ඒත් නිදහස් මාධ්යයක් වාර්තා වනු ඇත්තේ කේතුමතියේ පමණය.

රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04-05 දෙදින තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රි රතනශිලි පිරිවෙන් විහාරයේ ස්ථායේ දි පැවැත්විමට කටයුතු යොදා තිබේ.

මිට සමගාමිව අද සිට මැයි මස 08 වන දින දක්වා වෙසක් සතියක් ක්‍රියාත්මක බවත්,ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

මෙවර වෙසක් උත්සවය සුපුරුදු වෙසක් උත්සවයට වඩා තරමක් වෙනස් බවත්,  ආර්ථික වශයෙන් විවිධ පසුබැම්වලට පත් වෙමින් පවතින අවස්ථාවක පවත්වන බවද හෙතෙම සඳහන් කළේය. එසේ වුවද මෙය වෙස්වළාගත් ආශිර්වාදයක් කරගෙන අර්ථවත් ලෙසින් සැමරිය යුතු බව අමාත්‍යවරයා කීය. එසේම දන්සල් පැවැත්විම, සැරසිලි කිරිම,බුදු රුව හා බුදු රුව යොදා ගන්නා ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මේ වන විටත් ලබා දි ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම මහතා පවයසි. එසේම කිසිදු විටක බෞද්ධ කොඩිය සැරසිල්ලක් ලෙස යොදා නොගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි. එලෙස සැරසිලි කිරිමට අවශ්‍ය නම්,කහ පැහැති කොඩියක් භාවිත කරන ලෙස ද පැවසිය

 
 

ගම්පොල නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරුණු දුම්රිය අධීක්ෂණ කළමනාකරණ (මාර්ග ) කාර්යාලය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
වැඩ කරන්නට අවශ්‍යතාවය ඇති නායකයෙකුගේ අරමුණක ප්‍රතිඵලයක් වශයෙන් සංවර්ධනය බිහිවනවා. විවිධ හේතු මත ආර්ථිකය ආපස්සට ගිය වසරකට පසුව යළිත් සංවර්ධනය පිළිබඳ කතා කළ හැකි කාලයක් යළි උදා වී තිබෙනවා. රටක් ලෙස සංවර්ධනයේ අරමුණු ජයගැනීම උදෙසා දුෂ්කර ගමන් මාර්ගයක ගමන් කිරීමට සිදුව ඇති මොහොතක පක්ෂ, විපක්ෂ, ජාති භේද අතහැර පොදු අරමුණකට එක් වීම අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වෙනස් කළ යුතුව පවතිනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් ඇතුළු ඌණ උපයෝජිත වත්කම් කළමනාකරණය උදෙසා පිහිටුවා ඇති වත්කම් කළමනාකරණ ඒකකය තුලින් ඵලදායි ආයෝජනයන් සඳහා නව අවස්ථාව ලබා දීමේ වැඩ පිළිවෙලක් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුල ඒ සඳහා උනන්දුවක් දක්වන ඕනෑම දෙස් විදෙස් ආයෝජකකුට ඉදිරිපත් වීමේ හැකියාව පවතිනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම, මාර්ග සංවර්ධන අධිකාරිය සතුව පවතින ආයෝජනය සඳහා සුදුසු භූමි ප්‍රදේශ හඳුනා ගනිමින් රටට හිතකර ආයෝජන සඳහා එම වත්කම් ද යෙදවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමා විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමා, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter