නවතම පුවත්

 2019 වර්ෂය සඳහා වන ජාතික අයවැය,දැනට සිදු කෙරෙමින් පවතින රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් සහ 2021 වර්ෂය වන විට සාක්ෂාත් කරගැනීමට සැලසුම් කර ඇති මධ්‍ය කාලීන රජ්‍ය මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගත හැකි අයවැයක් පිළියෙල කිරීම පිණිස මුදල් හා ජනමධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත වී ඇත.

ඒ අනුව පහත සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීම අරමුණු කරගෙන තිබේ.
රජයේ ආදයම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි කිරීම, රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක ප්‍රතිශතයකට සීමා කිරීම, රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5%ක ප්‍රතිශතයක පවත්වාගෙන යාම, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප්‍රතිශතයකට සීමා කිරීම, නොපියවූ රාජ්‍ය ණය දළ දේශීය නිශ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම ඇතුළත් වෙයි.

cabinet 1 3

 ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මැතිනිය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

01 වන දා දහවල් අග්‍රාමාත්‍යවරුන් දෙපළ දුරකථන සාකච්ඡාවක ද නිරත වූ අතර, එහි දී ද්විපාර්ශවික කරුණු කීපයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
වික්‍රමසිංහ මහතා යොමු කළ සුභ පැතුම් පණිවිඩයේ සිංහල පරිවර්තනය මෙසේ ය.
බංග්ලාදේශ ජනරජයේ නොබෝදා පැවති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් පිට පිටම තුන්වන වතාවටත් ඔබ පක්‍ෂය ලද ජනවරමට මාගේ හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට ලැබීම ගැන බෙහෙවින් සතුටු වෙමි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිගු කලක සිට පැවත එන මිතුදමත්, සබැඳියාවත් තව තවත් ශක්තිමත්ව චිරාත් කාලයක් පවතිනු ඇති බව මම උදක්ම අපේක්‍ෂා කරමි. බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වශයෙන් ඔබගේ නව ධූර කාලය ආරම්භ කරන මේ මොහොතේ ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවත් බංග්ලාදේශ ආණ්ඩුව ප්‍රමුඛ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවත් අතර තහවුරු වන ශක්තිමත් සබඳතා දිරිගන්වනු කැමැත්තෙමි. ඉතාමත් සාර්ථක ධූර කාලයකට සුභාශිංසන පරිනමමි.

 උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සදහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයන්ට ලබාදීම සනිටුහන් කරමින් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පළතුරු පැළ ඛෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(02) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපතිතුමා අතින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව පැළ ලබාදෙන ලදී.
අනතුරුව ජනාධිපති ලේකම්තුමා අතින් සෙසු කාර්ය මණ්ඩලය වෙත පැළ ඛෙදා දීම සිදු විය.

 මේ වසර සඳහා වන ජාතික අය-වැය සකස් කරලීමට අනුමැතිය ඉල්ලා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (02) ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඒ සමඟම නව වසරේ රජයේ අයවැය විසර්ජන පනත කෙටුම්පත ලබන සතියේ පැවැත්වෙන ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

වසර 2019 මුල්මාස 04 රජයේ වියදම් පියවා ගැනීමට ඉකුත් මස 21 වැනි දින ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම වැඩි ඡන්ද 96කින් සම්මත විය.
වසර 2019 ජාතික අයවැය ලබන මාර්තු මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පෙරළිය වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (02)ලැබිණි. නව වසරේ මංගල කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය.

මෙවර ඉදිරිපත් කෙරෙන ජනතාවාදී අයවැයෙන් ගම්පෙරළිය වැඩසටහන සඳහා එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට අපේක්ෂිතය. ඒ අනුව මුළු දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාස සඳහා වෙන් කෙරෙන මුළු මුදල රුපියල් මිලියන 48000කි.
‍ගම්පෙරළිය වැඩ සටහන රට පුරා ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා මහ‍ලේකම් කාර්යාලයක් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවිමටද එහි ප්‍රධානියා ලෙස ව්‍යෘපෘති අධ්‍යක්ෂවරයකු පත් කිරී‍මට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු ඇමැතිවරයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ගම්පෙරළිය වැඩසටහන සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දිමට කටයුතු කෙරේ.මේ මුදල් යොදා ගෙන ගම නගරය එක සේ දියුණු කිරිමට අවශ්‍ය කඩිනම් ව්‍යාපාථි ක්‍රියාත්මක කිරිම සහ අධීක්ෂණය කිරීම මහලේකම් කාර්යාලය වෙත පැවරෙන ප්‍රධාන වගකීම වේ.
පසුගිය වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඇරඹි ගම්පෙරළිය වැඩ සටහන සඳහා එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 ක් වෙන් කර තිබිණි.ඒ අනුව දිවයිනේ මැතිවරණ කොට්ඨාස160 සඳහා වෙන් කර තිබු මුළු මුදල රුපියල් මිලියන 32000 කි.
ගම්බද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලන යටිතල පහසුකම් අංශ 12 ක් යටතේ ගම්පෙරළිය වැඩ සටහන ආරම්භ වූ අතර මෙම වසරේ එම අංශ වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ගමට පිවිසෙන මාර්ගයේ සිට ජලය,ඇලවේලි ගොවිබිම, කර්මාන්ත, සේවා , පාසැල්,සෞඛ්‍ය, පෝෂණ ,ආගමික , සාමාජයික,ක්‍රීඩා, කලා කටයුතු ආදි අංශ ගම්පෙරළිය වැඩ සටහන යටතේ සංවර්ධනය කෙරේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස,ග්‍රාම නිලධාරි කොට්ඨාස හරහා මහජනතාවගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘතියේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

 ණය කළමනාකරණයට ප්‍රමුඛත්වය දෙමින් මූල්‍ය විනය පවත්වාගෙන යා යුතු අභියෝගාත්මක වසරට දිරියෙන් මුහුණ දෙමු.

- මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග

ණය කළමනාකරණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක 2019 වසර සඳහා දිරියෙන් මුහුණ දිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි. මීට අමතරව මූල්‍ය විනය පවත්වාගෙන යාම කෙරෙහි ද මෙම වසර තුළ දී අවධානය යොමු කළ යුතු බව හෙතෙම සඳහන් කරයි.
නව වසරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම වෙනුවෙන් ඊයේ (01) පෙරවරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උත්සවයක් පැවැත්විණි.
නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එම අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් පොල් තෙල් පහන දල්වන ලදී. මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ද සහභාගී විය.
පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් රාජ්‍ය ආදායම වර්ධන කර ගැනීමට හැකි වීම ජයග්‍රහණයක් වුව ද ඊට සමානව රාජ්‍ය වියදම ද ඉහළ ගිය බව කී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා නව වසර තුළ වියදම් කළමනාකරණය කෙරෙහි සියලු අමාත්‍යාංශ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද සඳහන් කළේ ය.
සෙසු අමාත්‍යාංශවලට ද එහි වගකීම තිබුණ ද ප්‍රමුඛ අමාත්‍යාංශයක සේවක සේවිකාවන් ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඒ සම්බන්ධයෙන් වැඩි වගකීමක් තිබේ. ගෙවී ගිය වසරේ සේම එළඹි නව වසරේ දි අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් කැපවීමෙන් සිය රාජකාරී කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම පැවැසීය.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ, අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සියලුම නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී සිටියහ.

1fe391f43a57cbc568b9e995f5038cf1 XL

fina2

උතුරේ ජනතාවට සහන රැගෙන දකුණේ සිට ගමන් ඇරඹූ “මනුෂ්‍යත්වයේ දුම්රිය“ කිලිනොච්චියට ළඟා වෙයි

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැගෙන ඊයේ පස්වරුවේ (31) මාතරින් ගමන් ඇරඹු ,මනුෂ්‍යත්වයේ දුම්රිය, ඊයේ (01) ප.ව 2.30 ට පමණ කිලිනොච්චි දුම්රිය ස්ථානය වෙත ළඟා විය.
දකුණේ ජනතාව ගංවතුරින් පීඩාවට පත් වූ අවස්ථාවේ උතුරේ ජනතාවගේ සහෝදරත්වයේ දෑත දිගු කරමින් ජනාධිපති කාර්යාලයේ ,පුරවැසි අත්වැල, වැඩසටහනේ සංවිධානත්වයෙන් උතුරෙන් දකුණට “මනුෂ්‍යත්වයේ දුම්රිය“ පැමිණි අතර, උතුරේ ජනතාව විපතට පත්ව සිටින අද දවසේ දකුණේ ජනතාවගේ සහෝදරත්වයේ දෑත ඔවුන් වෙත දිගු කර තිබේ.
“සුරකිමු දුම්රිය“ ව්‍යාපාරය විසින් මෙවර සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ලබා දෙමින් ජනාධිපති කාර්යාලයේ ,පුරවැසි අත්වැල, වැඩසටහන සහ ජනාධිපති මාධ්‍ය අංශය ද එක් විය.
සහන රැගත් දුම්රිය දෙසැම්බර් 31 ප.ව 2.30 ට පමණ මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹු අතර, ගාල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ මගපෙන්වීමෙන් සහ පුරවැසි අත්වැල ස්වේච්ඡා කි‍්‍රයාකාරීන් මගින් එක් රැස් කරන ලද ද්‍රව්‍ය ගාල්ල දුම්රිය ස්ථානයේ දී දුම්රිය වෙත භාරදෙනු ලැබීය.
ඊයේ උදෑසන 6.30 ට පමණ කොළඹ දුම්රිය ස්ථානය වෙත පැමිණි සහන දුම්රිය රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, මහව, ගල්ගමුව සහ අනුරාධපුර දුම්රිය ස්ථානවලදී ද එලෙස එක් කරන ලද ආධාර භාර ගන්නා ලදී.
වියළි ආහාර, පානීය ජලය, පාසල් උපකරණ, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් ඇතුළු පරිත්‍යාග රැසක් මෙම සහන දුම්රියෙන් උතුරේ ජනතාව වෙනුවෙන් රැගෙන ගිය අතර, එම සියලු ආධාර කිලිනොච්චිය දුම්රිය ස්ථානයේ දී කිලිනොච්චිය දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
පෞද්ගලික ආයතන රැසක් සහ ව්‍යාපාරික ප‍්‍රජාව ද මෙම සද්කාර්යය සමග අත්වැල් බැඳගෙන තිබිණි.

 ගෙවුණු වසරේ මුහුණ දෙන්නට සිදු වූ බරපතල අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයහ්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුසයක් නිකුත් කරමින් කියා සිටියි.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති පණිවුඩය

2019 new year wish pm

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ.
ඒ මහතා අද (31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. 
රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් ධුරයට උසස් කිරීමෙන් අනතුරුව නව තනතුරට පත් කර තිඛෙන අතර, ඔහු 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
මේ අතර නාවික හමුදාපති ධුරයෙන් හෙට විශ්‍රාම ලබන  වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත ද ජනාධිපතිතුමා මේ අවස්ථාවේ දී සුබපැතුම් පිරිනැමුවේය.
සිරිමෙවන් රණසිංහ මහතා නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලබන්නේ අද්මිරාල් ධුරයට උසස්වීමක් ද සමගය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහා භාණ්ඩාගාරයේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති වරයා විසින් යළි පත් කරනු ලැබ ඇති  ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා  අද  (31) මුදල් අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ භාර ගත්තේ ය.

මෙම අවස්ථාවට භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේසප්‍රිය මහතා අතිරේක ලේකම් ආර් සේමසිංහ මහතා ඇතුළු භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීහූධ මෙම අවස්ථාවට සහභාගි වූහ. 

 ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ උපදෙස් පරිදි තමා ඇතුළු සියලු ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීමට සූදානම් ව සිටින බවත් දැනටමත් 2000 ක් පමණ වන ජනතාවට සුබසාධන කඳවුරුවල පහසුකම් සපයා ඇති බවත් කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් සුන්දරම් අරුමෛනායහම් මහතා ප‍්‍රකාශ කරයි.

කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ගංවතුර තත්ත්වය ක‍්‍රමයෙන් අඩු වී ඇතත් ඊයේ (26) උදෑසන සිට වසින තද වැසි හේතුවෙන් ජනතාව නැවතත් සුබසාධන මධ්‍යස්ථාන කරා පැමිණෙමින් සිටින බව ද ඒ මහතා කියා සිටී.
මේ වන විට කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ පවුල් 18,000 ක් පමණ පීඩාවට පත් ව ඇති අතර, ඒ සියලු දෙනට පිසූ ආහාර හා අනෙත් අවශ්‍ය ආහාර, සෞඛ්‍ය පහසුකම්, පානීය ජලය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපැයෙමින් තිබේ.
කිසිදු අඩුපාඩුවක් සිදු නොවන ලෙස අවශ්‍ය පහසුකම් ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපතිතුමා නියෝග කොට ඇති අතර, ඒ අනුව දිස්ත‍්‍රික්කයේ සුබසාධන කඳවුරු 17ක රඳවා සිටින ආපදාවට පත් ජනතාව පිළිබඳ ව නිරන්තර අවධානයකින් පසුවීමට ද කටයුතු සිදුවන බව කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම්වරයා පවසයි.
හානියට පත් නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීමට ආධාර දීමේ මූලික පියවරක් ලෙස එක් පවුලකට රු. 10,000 ක මුදලක් ලබා දෙන අතර, සිදු වූ අලාභය තක්සේරු කිරීමෙන් පසු රු. 250,000 ක් දක්වා උපරිමයකට සීමා කොට මුදල් ලබාදීමට තීරණය කොට ඇත.
ජල ගැල්මෙන් වියවුලට පත් නිවාස, වෙළෙඳසල්, ජල ළිං සහ වැසිකිළි යළි පවිත‍්‍ර කිරීමේ වැඩසටහන් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කොට ක‍්‍රියාවට නැංවීමට ගරු ජනාධිපතිතුමා ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු සිදු වේ.
උවදුරට පත් දිස්ත‍්‍රික්කයන්හි මු`ථමනින්ම ජලයෙන් යට වී අස්වැද්දු කුඹුරු අක්කර 8000 කට පමණ වන්දි ලබාදීමට තීරණය වී ඇති අතර, එහි දී අක්කරයකට රු. 40,000 ක් බැගින් වන්දි ලබා දෙනු ඇත.
නිවාස හානි සිදු නො වූ පුද්ගලයන් නැවත සිය නිවාසවල පදිංචි කරවීමේ දී ආහාර සකසා ගැනීමට අවශ්‍ය උපකරණ සැපැයෙනු ඇත.
යුද හමුදාව ද පිසූ ආහාර සපයමින් පීඩාවට පත් වූවන් තර්ජිත ස්ථානවලින් ඉවත් කිරීමේ හා නැවත ස්ථානගත කිරීමේ කටයුතුවල යෙදී සිටින අතර, අනතුරින් හානියට පත් දිස්ත‍්‍රික්කවල ජනතාවට වෛද්‍යාධාර සැපයීමේ කටයුතුවල ද නිරත වේ. යුද හමුදා මාධ්‍ය අංශය පවසන්නේ කොට්ඨාස 57 ක ගංවතුර ආපදා සහන කටයුතු සඳහා 300 – 400 ත් අතර භට පිරිසක් යොදවා ඇති බවයි. ඔවුහු මේ වන විට එකී සහන සේවාවන්හි කඩිනමින් යෙදී සිටිති.
මේ අතර ශ‍්‍රී ලංකා නාවික හමුදාව ද සහන සැලැසීමේ මෙහෙයුම් කණ්ඩායම් 06 ක් ආපදාවට පත් ප‍්‍රදේශවල සේවා කටයුතුවලට යොදවා ඇත. යුද හමුදා සෙබළ පිරිස් දැනටමත් මුලතිව් ප‍්‍රදේශයේ අතරමං වූ දහසක් පමණ ජනයා ගලවා ගැනීමට කටයුතු කොට ඇති අතර, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හඳුනාගැනීම් මගින් උවදුරු සහිත ප‍්‍රදේශවල සේවාවෙහි යෙදෙන පාබල හමුදාවන්හි කටයුතුවලට සහය දෙමින් සිටින බව වාර්තා වේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter