නවතම පුවත්

 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ උතුරේ ජල ගැල්මෙන් සිදු වු හානි පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙසැම්බර් 28 දා කිලිනොච්චිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතා ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

මේ අතර උතුරේ ජල ගැලිම් වලින් සිදු වු හානි හා ඒවාට යෙදිය යුතු පිළියම් පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා රැස්වීමක් දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (27) කොළඔ ස්ලීඩා ආයතනයේ දි පැවැත්වෙන බව ද ඇමතිවරයා කීය.

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) යෙදෙන නත්තල වෙනුවෙන් නිකුත් කර ඇති නත්තල් දින පණිවුඩය.

නත්තල, සතුට සමරන සමයයි. නත්තල වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයයි.
යේසුස් වහන්සේගේ ජීවිතය, සිඳී බිඳී ගිය ලොවට අපේක්ෂාව හා සංහිදියාව රැගෙන ආවේය. මෙය කුල මල, භාෂා වෙනසකින් තොරව සියලූ ශ්‍රී ලාංකිකයන්ට භේද නොවී සහෝදරත්වයේ හා මිත්‍රත්වයේ හැඟීමෙන් ක්‍රියා කිරීමට සුදුසු අවදිය ද වන්නේය.
යේසු බිළිදානන් අප වෙත ගෙන එන ප්‍රීතිය හා සාමය, ඔබ සැම වෙත හිමි වේවා යි මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට අසිරිමත් නත්තලක් වේවා.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

අධික වැසි සහ ගංවතුරෙන් විපතටපත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි

ගංවතුර තර්ජනය පහවයනතෙක් තර්ජිත ප‍්‍රදේශවල වැසියන් සියලු දෙනාවෙත අවශ්‍ය සියලු පහසුකම් නොපමාව සලසන ලෙසත්, ඒ වෙනුවෙන්අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු අදාළ අංශවලට උපදෙස් දී ඇති ජනාධිපතිතුමා, උතුරු පළාත් ආණ්ඩුකාරතුමා දිස්ත‍්‍රික් ලේකම්වරුන්,යුදහමුදාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන එක්ව මෙම සහන වැඩසටහන් කඩිනමින්ක‍්‍ ක්‍රියාත්මක කරන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් දී ඇත.

උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත‍්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර, ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කිරීමට ද කටයුතු කෙරෙණි.

ගංවතුර තර්ජනය හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම් දිස්ත‍්‍රික්කවල වැසියන් විපතටපත්ව පීඩාවිඳින අතර එම දිස්ත‍්‍රික්කවල ක‍්‍රියාත්මක ආරක්ෂිත කඳවුරු 40ක් තුළ එම වැසියන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.

 උදාවන නත්තලේ ප්‍රීතිය නුවරඑළිය පේන්ටර් ළමා නිවාසයේ දරුවන් සමඟ බෙදා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(23) එක් විය. පේන්ටර් ළමා නිවාසයේ දරුවන් නුවරඑළිය අගමැති මැදුරට‍ ගෙන්වා ගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ නත්තල සැමරීමට එක් විය. එම ළමා නිවාසයේ සිටින දරුවන්ගේ සුවදුක් විමසූ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා පිළිබඳ ද සොයා බැලීය. දරුවන් වෙත සංග්‍රහ කිරීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ අතර නත්තල වෙනුවෙන් එම ළමා නිවාසයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් කැරොල් ගී ප්‍රසංගයක් ද පැවැත්විණි. එය නැරඹීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. මෙම අවස්ථාවට අගමැති බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනා ක්‍රමය ආරම්භ කොට මාස පහක කාලය තුළ රුපියල් මිලියන පනස්දහසකට වැඩි මුදලක් ණය වශයෙන් පිරිනමා ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

මේ සා විශාල මුදල ලබාගෙන කුඩා හා මධ්‍ය පරිමාණ ඇතුළු ව්‍යාපාරික අංශයේ තිස්පන්දහසක් දෙනා සවිබල ගැන්වී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කෙළේය.
රජය මේ ණය යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය පහසුකම් ලබා ගන්නා අයට පොලී සහනාධාරය ලෙස රුපියල් මිලියන 5000ක් ලබාදී ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
කෘෂිකර්මාන්තය, අපනයන කර්මාන්ත, තොරතුරු තාක්ෂණය හා සංචාරක ව්‍යාපාරයන්හි දියුණුවට මේ ණය මුදල් ලබාගෙන ඇතැයිද මංගල සමරවීර මහතා කීය.

 කැබිනට් නොවන අමාත්‍යවරු 03 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම නාම ලේඛනය පහත පරිදි වේ.
කැබිනට් නොවන අමාත්‍යවරු
01- හර්ෂ ද සිල්වා මහතා – පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය
02- අජිත් පී. පෙරේරා මහතා – ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය
03- සුජීව සේනසිංහ මහාත – විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු
01- රන්ජන් රාමනායක මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02- විජයකලා මහේෂ්වරන් මහත්මිය – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
03- ජේ.සී. අලවතුවල මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
04- ඉරාන් විරක්‍රමරත්න මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය
05 රංජිත් අලුවිහාරේ මහතා – සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
06- වසන්ත අලුවිහාරේ මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
07- ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
08- නිරෝෂන් පෙරේරා මහතා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
09- දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
10- චම්පිකා ප්‍රේමදාස මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය
11- අශෝක අබේසිංහ මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය
12 ෆයිසාල් කාසීම් මහතා – සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
13- එච්.එම්.එම්. හාරීස් මහතා – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
14- අමීර් අලී මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
15- දිල්ප් වෙදආරච්චි මහතා – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
16- ඒ. ඉසෙඞ්.එම්. සෙයිඞ් මහතා – සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
17- වඩිවෙල් සුරේෂ් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
01- අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02- එඞ්වඞ් ගුණසේකර මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු, නියෝජ්‍ය අමාත්‍ය
03- නලින් බණ්ඩාර ජයමහ මහතා – සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය
04- අජිත් මාන්ප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
05- කරුණාරත්න පරණවිතාන මහතා – නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
06- බුද්ධික පතිරණ මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
07- පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා – සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය

 මිල සූත්‍රය යටතේ නව තෙල් මිල හෙට සමලෝචනය කෙරේ.

- මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩ භාර ගනිමින් කියයි.
2019 වසරේ මුල් මාස හතර සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීම වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ජනවාරි මාසය තුළ නව වසර සඳහා වන අයවැය ලේඛනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. අද පෙරවරුවේ නව රජයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මේ බව පැවැසීය.
‘‘ඔක්තෝබර් මස 26 කළු සිකුරාදා ආරම්භ වෙලා මාසයක් විතර කාලයක් තුළ සිදු වූ ආර්ථික හානිය යළි සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම තමයි අපේ මූලික අරමුණ වෙලා තියෙන්නෙ. රාජ්‍ය සේවක පඩිනඩි, විශ්‍රාම වැටුප්, පාසල් නිල ඇඳුම්, සමෘද්ධි දීමනාව, පොහොර සහනාධාරය ඇතුළු සියලු දේ සඳහා අපි මුදල් වෙන් කර ගත යුතුයි. ඒ සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අපේ ප්‍රධාන අරමුණයි. 2019 වසරේ පළමු මාස හතර සඳහා වන අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේ ම ජනවාරි මාසය තුළ 2019 වසරට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම්. ඒ යටතේ ජනතාවට සහන දෙන්න අපි සූදානම්. නමුත් නීත්‍යානුකූල ආණ්ඩුව වගේ බොරු සහන නොවන බව ද පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා කෘෂිකාර්මාන්තයේ නියැලි පුද්ගලයන්ට බදු සහන දෙනව කියල ප්‍රචාරයක් අරගෙන ගියා. ඇත්තට ම ආදායම් බදු ගෙවන මට්ටමේ ගොවීන් ඉන්නෙ 0.03%ක පමණ පිරිසක්. ඒ විදියේ බොරු සහන වෙනුවට ජනතාවට ඇත්ත සහන දෙන්න අපි සූදානම් යැයි හෙතෙම පැවැසීය.
අද පවතින ලෝක තෙල් මිල සලකා බලා මිල සූත්‍රය අනුව තෙල් මිල යළි හෙට දින සමාලෝචනය කිරීමට නියමිත ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග කටයුතු කිරිමට කිසිදු බාධාවක් නෑ. ජනාධිපතිතුමාට වෙනම ජන වරමක් තිබෙනවා ආණ්ඩුවට වෙනම ජන වරමක් තිබෙනවා. ඒ ජනවරම්වලට ගරු කරමින් කටයුතු කිරීමට කිසිම බාධාවක් නැතැයි ද මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා කියා සිටියේ ය.
ඔක්තෝබර් 26 වෙනිද පටන් ගත්ත කළු සිකුරාදාවෙන් පස්සෙ ගෙවුණ මාසෙක කාලය තුළ ජීවන වියදම ඉහළ ගියා, ඔක්තෝබර් මාසෙ 26 වෙනිදා වෙද්දි රුපියල් 173 මට්ටමේ තිබුණ රුපියලේ අගය අද වෙද්දි 180 බවට පත් වෙලා. මේ සියල්ල යථා තත්ත්වයට පත් කිරීම අපේ අරමුණ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
පසුගියා දා ආණ්ඩුවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයියා මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේ ය. එම පිරිසට අද දින අමාත්‍ය ධුර හිමි නොවීම පිළිබඳව මාධ්‍යවේදීයක් මේ අවස්ථාවේ දී මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ පැවැති කැබිනට් මණ්ඩලයේ කිසිවකුටත් අමාත්‍ය ධුර ලබා ගත නොහැකි ලෙස අධිකරණ තීන්දුවක් ලබා දී තිබෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා ලබන මස වන විට එම තහනම් නියෝගය ඉවත් කරවාගෙන නව රජයට එක්ව සිටින පිරිසට මෙන් ම ඉදිරියේ දී එක්වීමට නියමිත පිරිසට ද අමාත්‍ය ධුර ලබා දී මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේ ය.

දෙසැම්බර් 16 දින යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව අද දින දිව්රුම් දෙන ලද අමාත්‍ය මණ්ඩලය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මංගල සමරවීර මහතා විසින් 2019 වසරේ මුල් මාස හතරේ රාජ්‍ය වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම අද දින රැස්වූ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත කරන ලදී.

එමගින් 2019 වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියල 970ක් ණය සේවාකරණය (පොලී සහ වාරික) වෙනුවෙන් වෙන් කර ඇත. ඒ අනුව 2019 වසරේ මුල් මාස හතරේ වියදමෙන් 55%ක පමණ ප්‍රතිශතයක් වැය වනුයේ රජයේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහා ය.
දේශීය ආර්ථිකය සහ ගම දියුණු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ රජය මගින් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළ ගම් පෙරළිය, ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා සහ එක් ගමකට එක් වැඩක් යන වැඩසටහන් ඔක්තෝබර් මස 26 දින පත් වූ අමාත්‍ය මණ්ඩලය මගින් නවත්වා තිබිණි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් පත් කිරීමට නොහැකි වූයේ නම් 2019 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවයේ වැටුප් හා පඩිනඩි ගෙවීම ඇතුළුව පොහොර සහනාධාරය, පාසල් නිල ඇඳුම්, සමෘද්ධි සහනාධාරය සහ සියලු සුබ සාධන කටයුතු සිදු කිරීමට අවස්ථාවක් නොමැති වීමට ඉඩ තිබිණි.
මෙම අතුරු සම්මත ගිණුම මගින් මේ සියලු කටයුතු යළි ආරම්භ කෙරෙන අතර නව පාසල් වාරය ඇරැඹීමත් සමග ලක්ෂ 40කට අධික පාසල් සිසුන් හට නිල ඇඳුම් සඳහා වව්චර් පත් ලබා දීමට හැකිව ඇත.
මෙම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 480ක් ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 310ක් ද වෙන් කර ඇත.
මෙම අතුරු සම්මත ගිණුම හෙට (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර 2019 ජනවාරි මාසය තුළ නව අයවැය ඉදිරිපත් කරන බව ද මංගල සමරවීර මහතා අද පෙරවරුවේ වැඩ භාර ගනිමින් මුදල් අමාත්‍යාංශයේ දී පැවැසීය.

 විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රටේ සමාජ, ආර්ථික දියුණුවට විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කොට උරදුන් විද්‍යාඥයන්, තාක්ෂණවේදීන් සහ ව්‍යවසායකයන් ජාතික සම්මානයෙන් පුදනු ලැබීම උදෙසා ජාතික විද්‍යා පදනම මෙම සම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානය කරයි.

2016 සහ 2018 වසරවලට අදාළව සුදුසුකම් සැපිරූ සම්මානලාභීන් වෙත ජාතික සම්මාන සහ කුසලතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා විසින් සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබීය.
ජාතික විද්‍යා පදනමේ ප්‍රධානී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සාමාජිකයන් මීට එක්ව සිටියහ.

අදාළ ලිපි ලේඛන ජනාධිපති කාර්යාලයේ දී ජනපතිට පිළිගන්වයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් මෙම ජල බවුසර් ප්‍රදානය සිදු කිරීමට පියවර ගෙන තිබිණි.
සංකේතාත්මකව ජල බවුසර් 02 ක් මෙහිදී නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු අතර, ප්‍රදානයට අදාළ යතුරු සහ ලිපි ලෙඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂූ ඈන් මහතා විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වන ලදී.
ජනාධිපතිතුමා එම ලිපි ලේඛන ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දෙනු ලැබීය.
අනතුරුව ජනාධිපතිතුමා ජල බවුසර් නිරික්ෂණය කිරීමට ද එක් විය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අමාත්‍ය මණ්ඩලය අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම නාම ලේඛණය පහත පරිදි වේ.
01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
02. ජෝන් අමරතුංග මහතා – සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
03. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර මහතා – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
06. රවුෆ් හකීම් මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
07. තිලක් මාරපන මහතා – විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න මහතා – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක මහතා – විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
11. රිෂාඞ් බදුර්දීන් මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක මහතා – මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
15. කබීර් හෂීම් මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත්
සංවර්ධන අමාත්‍ය
16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
17. ගයන්ත කරුණාතිලක මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
18. සජිත් ප්‍රේමදාස මහතා – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19- අර්ජුන රණතුංග මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
20- පලනි දිගම්බරන් මහතා – කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන .
21- චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
22- තලතා අතුකෝරල මහත්මිය – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
23- අකිල විරාජ් කාරියවසම් මහතා – අධ්‍යාපන අමාත්‍ය
24- අබ්දුල් හලීම් මොහොමඞ් හසීම් මහතා- තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25- සාගල රත්නායක මහතා – වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26- හරින් ප්‍රනාන්දු මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
27- මනෝ ගනේෂන් මහතා – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
28- දයා ගමගේ මහතා – කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම්
අමාත්‍ය
29- මලික් සමරවික්‍රම මහතා – සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

 pm

cabinet

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter