නවතම පුවත්

 උතුරු හා නැගෙනහිර පළාත්වල ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධන බළකාය පස්වන වරටත් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් විය.

ජනාධිපති කාර්ය සාධන බළකාය යටතේ කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප‍්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා සහ උතුරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් සෑම වසරකම දෙසැම්බර් මස 18 දින ජාතික අක්ෂිදාන දිනය සමරයි.

මෙහි ජාතික වැඩසටහන කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අක්ෂිදාන මූලස්ථානයේදී පැවැත්වෙන අතර ප්‍රාදේශීය වශයෙන් දිස්ත්‍රික්ක 10ක සැමරුම් උත්සව පැවැත්වේ.
මේ වෙනුවෙන් සංවිධානය කොට ඇති ජාතික වැඩසටහනේදී ජපානය, චීනය, පාකිස්ථානය යන රටවල්වලට අක්ෂි කුණිත පරිත්‍යාග කිරීම සංකේතාත්මකව සිදු කරනු ලබයි.
රෝගාතුර නාවික හමුදාවේ නිලදාරියෙකුට පටක කොටසක් ලබා දීමටත්, රත්මලාන අන්ධ විද්‍යාලය සදහා මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කිරිමටත් සංගමය කටයුතු යොදා ඇත. ප්‍රාදේශීය වශයෙන් සිදු කරන වැඩසටහනේදී විවිධ අක්ෂි රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත් හා ඇස් කණ්ණාඩි ලබා දීමත් සිදු වේ.
2020 වන විට ලෝකයෙන් අන්ධ භාවය තුරන් කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව අක්ෂිදාන සංගමය සේවාවන් රාශියක් සිදු කරනු ලබයි. දොස්තර හඩ්සන් සිල්වා අනුස්මරණ ඇස් රෝහල මගින් වසරකට සැත්කම් 700 ක් පමණ ද බාහිර රෝගී අංශයෙන් වසරකට 3000කට වැඩි පිරිසකට ප්‍රතිකාර කරයි.
දහස් ගණන් රෝගීන් සුවපත් කළ මිනිස් පටක බැංකුව ආසියාවේ තිබෙන එකම පටක බැංකුවයි. ආබාධිත හා විකලාංග රෝගීන් 7000ට පමණ පටක බැංකුව මගින් අදවන විට ලබා දී තිබෙන බව අක්ෂිදාන සංගමයේ ලේකම් අයෝධ්‍ය සම්පත් සිල්වා පැවසීය. මේවන විට අක්ෂි කුණිත 150000ක් පමණ සිදු කර ඇති බවද ඒ මහතා තව දුරටත් පැවසීය.
මෙයට අමතර ව වසරකට රෝගීන් 300ක පමණ ඇසේ සුද ඉවත් කිරීම සිදු කරයි. අක්ෂිදාන සංගමයේ ජාත්‍යන්තර සේවාව මගින් ජාත්‍යන්තර ඇස් බැංකුව රටවල් 57ක නගර 117ක් පුරා විහිදී පවතින අතර දේශීය හා විදේශීය වශයෙන් 113000 ක පමණ අන්ධ රෝගීන් සදහා අක්ෂි කුණිත පරිත්‍යාග කර ඇත.
දෘෂ්‍යාබාධිත අයට පෙනීම ලබා දීමට අවශ්‍ය අක්ෂි කුණිත සහ විකලාංග රෝගීන්ට බද්ධ කිරීම සදහා අවශ්‍ය ශරීර කොටස් (පටක) සම්පූර්ණයෙන් නොමිලේ ලබා ගත හැකිය. යම් අයෙකුට තම කැමැත්ක මත ඇස් හා පටක දන් දීම සදහා පොරොන්දු පත්‍ර ලබා ගැනීමටත්, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු යටතේ නොමිලේ අක්ෂි රෝග පරීක්ෂාව දොස්තර හඩ්සන් සිල්වා අනුස්මරණ අක්ෂි රෝහල හරහා හැකි වේ.
එම සේවාවන් සදහා විස්තර ලබා ගැනීමට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මෙම දුරකථන අංක ඇමතිය හැකිය.
011- 2698040,41,43,2692051,2696109 හා ක්ෂණික ඇමතුම් 011- 5742929 ෆැක්ස් 011-2608042

2018 රාජ්‍ය නත්තල් උත්සවය ‘සමිඳු උපතයි නත්තල් සිරියයි’ යන තේමාව යටතේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2018 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් ඇතුළු පියතුමන්ලා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 විස්සයි විස්ස ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝක ශුරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.


පළමු වතාවට සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවර දී පැවැත්විණි. ශ්‍රී ලංකා කී්‍රඩකයන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභපැතුම් පිළිගැන්වූ අතර තරගාවලියට සහභාගීවීමට පෙර ජනාධිපතිතුමා විසින් එම ක්‍රිකට් කණ්ඩායමට මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ද කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිනි අනුලා රංජනී, පුහුණුකරුවන් වන ජයලත් අපොන්සු, තුෂාන්ත ගුණරත්න යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවර ද රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමිකරගත් අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එම සම්මානය ඉදිරිපත් කිරීම ඊයේ(12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 


රාජ්‍ය දැව සංස්ථාව විසින් මෙම සම්මානය දිනාගත් තෙවන අවස්ථාව මෙය වන අතර සංස්ථාවේ කාර්යභාරය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් කෙරිණි.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ක්‍රියාකාරී අධ්‍යක්ෂ එම්.වයි.ටී. පවර කුමාර මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන “Harvest 2018” නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

ඊයේ සිට 16 වනදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රි 9.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වෙන අතර ප්‍රදර්ශන කුටි, ආහාර අලෙවිසැල්, පලතුරු හා එළවළු අලෙවිසැල් ආදි අංශ ගණනාවකින් මෙය සමන්විත වේ.
දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා භාවිත කෙරෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම ශ්‍රී ලංකා ගොවි ජනතාවට හඳුන්වා දීමත්, අප රටේ නිපදවන එළවළු පලතුරු වැනි බෝග සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීමත් මෙම ප්‍රදර්ශනයේ අරමුණයි.
ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ අතර කාර්ය මණ්ඩල සමඟ සුහද කතා බහක නිරත විය.
මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන මහත්වරුන් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එළැඹෙන උත්සව සමයේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ උත්සව සමයේ ජීවන වියදම පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරු, මුදල් අමාත්‍යාංශයේ සහ වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් ජනාධිපතිතුමා විසින් මෙම සාකච්ඡාවට කැඳවා තිබුණි.
වෙළෙඳපොළ තුළ අසාධරණ ලෙස මිල වැඩිවීම්වලට ඉඩ නොතබා මිල නියාමනයක් සිදුකරමින් නිරන්තරයෙන් වෙළඳපොළ මිල පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරින් වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා, වෙළෙඳපොළ මිල දර්ශක පිළිබඳ නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද උපදෙස් දුන්නේ ය.
එමෙන්ම එළැඹෙන උත්සව සමයේ සතොස හරහා සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙමින් පාරිභෝගික ජනතාවට උපරිම සහන සැලසීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
වෙළෙඳපොළ තුළ තෙල් මිල අඩුවීමේ ප්‍රතිලාභය වක්‍රාකාරව පාරිභෝගියා වෙත ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවීන තාක්ෂණය සමඟ වෙනස්වෙමින් පවතින ශ්‍රම වෙළඳපලට අවශ්‍ය නිපුණතාවයෙන් හෙබි තරුණ තරුණියන් බිහි කිරීමේ අරමුණින් මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට නොමිලේ පූර්ණ කාලීන හා අර්ධ කාලීන වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය නිවේදනය කර සිටී.

මෙමඟින් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) සහතික පත්‍ර මට්ටමේ සිට තාක්ෂණවේදී උපාධිය දක්වා වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත. මේ පිළිබඳව අද දින අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන්ව දැනුවත් කිරීමට අත් පත්‍රිකා ද ලබා දී ඇත.

ඒ අනුව දිවයින පුරා පිහිටුවා ඇති අනුමත රාජ්‍ය හා රජයේ ලියාපදිංචි පුහුණු ආයතන වලට ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශය ඉල්ලා සිටිනු ලැබේ. මෙමඟින් වෘත්තීය ක්ෂේත්‍ර 28 ක් යටතේ පාඨමාලා 2057 සඳහා ඉල්ලුම් කළ හැක.

වැඩි විස්තර www.youthjobs.lk වෙබ් අඩවියෙන් හෝ 0112 081 808 යන දුරකථන අංකය අමතා ලබා ගත හැක.

sinhala 4 page 001

 

sinhla 1 page 001 

sinihala 2 3 page 001                      

මෙරට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තැබූ තවත් බලාපොරොත්තුවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය ඊයේ (07)ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “වෙදැස 2018” වෛද්‍ය ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් එහි සංචාරක කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter